(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
‘‘කවුරුත් බය වෙන්න එපා.අපි වෙලාවට ඡන්දය තියෙනවා‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
අගමැතිවරයාගේ මේ බව පැවැසුවේ ස්වාධීන කොමිෂන් සභාවල සභහපතිවරුන්ගේ හා සාමාජිකයන්ගේ දීමනා වැඩි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමිනි.
අගැමැතිවරයා මෙසේද කීය.
‘‘අපි එදා ඡන්දය වෙලාවට දුන්නා.පරාද වුණත් ඡන්දය තිබ්බා.අප පළාත් ඡන්දයත් වෙලාවට දෙනවා.කවුරුත් බව වෙන්න එපා.මුලින්ම ඡන්ද නීතිය ගේන්න තියනවා.‘‘
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා - ඉස්සෙල්ලා ඡන්දය තියලා ඉන්න.වෙන කතා වැඩක් නැහැ.
අගමැති - ඒකට තමයි අපි මේ කටයුතු කරන්නේ.ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. අපි කළ මේ වැඩ කොමිසම ගැන ලෝකයට ප්‍රශංසා කරනවා.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘කවුරුත් බය වෙන්න එපා. වෙලාවට ඡන්දය තියෙනවා‘‘- අගමැති
Bamunuarachchi Friday, 10 August 2018 12:57 AM
මහින්ද මහතා සමඟ කතාවට පැටලෙන්න එපා.......ෂේප් වෙලා මාරුවෙන්න.
Raveendra Friday, 10 August 2018 03:06 AM
පුරවැසියන් නම් බයවෙලා නැහැ, නමුත් මහජන මුදල්වලින් පිනටම කකා බිබී ඉන්න " පිං හැතිකරය " නම් හොදටම බයවෙලා. බයවෙලා තියෙන තරම කොතරම් ද කියතොත් සමහ අයට වඩදිය බාදිය යන්නෙත් නැහැලු, තවත් සමහර අය බලාගත් අත බලා ඉන්නවලු.
Perakum Friday, 10 August 2018 04:18 AM
‘‘කවුරුත් බය වෙන්න එපා. අපි වෙලාවට ඡන්දය දෙනවා"
Adam Friday, 10 August 2018 09:06 AM
මෙයා ඉතින් කවදත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් තමයි කට විතරයි වැඩ නැහැ... විකාරෙන් කියවනවා.
Perakum Friday, 10 August 2018 09:45 AM
ඉතින් රවීන්ද්‍ර ඔය කියන හැතිකරය පත්කරගත්තෙත් අපිම නේද?
කසුන් Friday, 10 August 2018 11:11 AM
ඔහොම තමයි අර මහේන්ද්‍රන් කියන පල් හෝරාව කොහෙන්දෝ ගෙනැල්ලා.... ඇමැතිවරු විරෝධය දක්වද්දීත්.. බැංකුවට දමද්දීත් කිව්වේ... එතැනින් හොඳ කුට්ටියක් ලැබුණා.
Janahitha Friday, 10 August 2018 03:43 PM
මොකේ වෙලාවටද ඡන්දේ තියන්නේ?
Janahitha Friday, 10 August 2018 03:48 PM
ඒ වෙලාවට ජනතාව තිතට වැඩේ දෙයි.
lalith Friday, 10 August 2018 03:54 PM
ඒ කියන්නේ ඩුප්ලිකේට් කොළ අච්චුගහලා ඉවරයි කියන එකද?
Vijitha Saturday, 11 August 2018 03:55 AM
මම හිතුවේ වෙලාව පහුවෙලා හුඟක් කල් කියලා...
dinesh Monday, 13 August 2018 07:53 AM
දැන් මේ පළාත් සභා චන්ද පවත්වන්න කියා වැඩියෙන්ම කෑගහන්නේ 1988දි පළාත් සභා පිහිටුවන විට එයට විරුද්ද වුන ,තමුන් බලයට ආ විගස පළාත් සභා අහෝසිකරනවා කියා 88දි පැවැත්වූ පළමුවෙනි පළාත් සභාවට තරග නොකළ අයම නේද? දැන් මොකද මේ ඇත්තෝ පළාත් සභාවලට මේ තරම් ආශා නොකර බැහැ නේද ? තීරු බදු රහිත වාහන, ලක්ෂ හයේ පුටු.
සතයපාල Monday, 13 August 2018 04:30 PM
බය නැති අගමැතිට අපි කියන්නේ අපි නැහැ ඡන්දය ගැන බය වෙන්නේ. නිසි කළට ජන්දය තොප නොතියන්නේ ඡන්දය තියනා හැටි අප දන්නේ
සෙනෙවි Sunday, 26 August 2018 05:27 AM
ඇයි අපි බයවෙන්නේ? ඔහේලනේ ඡන්දෙට බය වෙන්න ඕනේ...