(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා ලබා ගැනීමේ, ශ්‍රී ලංකාවේ ඉලක්කය හේතුවෙන් මෙම තත්ත්වය උදාකරගත හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජර්මානු පුනර්ජනනීය බලශක්ති පදනම හා ජර්මානු බලශක්ති නියෝජිතායතනය ඇතුලු සංවිධාන කිහිපයක දායකත්වය යටතේ, ජර්මානු ෆෙඩරල් රජය විසින් පවත්වනු ලැබු බර්ලින් බලශක්ති සංක්‍රාන්තතිය කතිකාවත 2021 (Berlin Energy Transition Dialogue'21& සමුළුව සඳහා අන්තර්ජාලය ඔස්සේ සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙම කතිකාවත, සුරක්ෂිත, ලාභදායි හා තිරසාර බලශක්ති සංක්‍රමණයක් අරමුණු කර ලොව ප්‍රමුඛ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයන් , විද්වතුන්, කර්මාන්තකරුවන් හා සිවිල් සංවිධනයන්හි සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවකි. මෙම වසරේ සමුළුව සඳහා ලොව රටවල් අනුවකට ආසන්න සංඛ්‍යාවකින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වූ අතර මෙවර සමුළුව සඳහා යුරෝපානු කොමිසමේ සභාපති අචාර්ය උර්සුලා වෑන්, දේශගුණය සඳහා එක්සත් ජනපද ජනපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී, ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස්, ජර්මානු වෙළඳ හා බලශක්ති අමාත්‍ය පීටර් ඕල්ට්මේයර් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කොවිඩ් වසංගතයෙන් උගත් පාඩම් හා දේශගුණ විපර්යාසයන් අවම කිරීම යන තේමාව ඔස්සේ පැවති සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රභවයන් නිර්කාබනීකරනය කිරීමේ රජයේ සැලසුම් පිලිබඳව මෙන්ම ඊට ඇති අභියෝග පිලිබඳව ද බලශක්ති අමාත්‍යවරයා අදහස් දැක්වීය.
පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් ,සූර්ය බල පැනල සවිකීරීම සඳහා ඉතා අඩු පොලී යටතේ ණය ලබාදීම ඇතුළු රජයේ ප්‍රතිපත්තින් පිලිබඳ සඳහන් කල ගම්මන්පිල මහතා, තවදුරටත් සඳහන් කලේ, දේශීය ආර්ථිකයන්ට සහාය වන කුඩා පරිමාණයේ සූර්ය බලශක්ති ජනන ව්‍යාපෘති 7,000 ක් තුලින් විශාල සූර්ය බලශක්ති අන්තර්ගතයක් විදුලිබල පද්ධතියට එක් කිරීමට රජය ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.
තවද බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නව බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි කේත හදුන්වාදීම, උපකරණ ශ්‍රේණිගත කිරීම සහ ආයතන සඳහා ප්‍රමිතින් සහ අරමුදල් ලබාදීම වැනි පියවරයන් නුදුරේම ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘