X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


’’සීයට හැත්තෑව පන්නලා අපි ඇල්පිටිය දිනනවා’’

(නාලක සංජීව දහනායක, පිටිගල ඩී.ජී. විජේසිංහ ඇල්පිටියේ සිට)

ඡායාරූප ඉෂාන් සංජීව

ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) ඇල්පිටියේ දී පැවැසීය.

තැන තැන මිනිසුන් මරා දැමූ එවැනි භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්නේ දැයි එක්සත් ජාතික පාක්ෂිකයන් පවා කල්පනා කර බැලිය යුතුයැයිද ඔහු කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියට එක්වෙමින් හෙතෙම ඊයේ (8) මේ බව සඳහන් කළේය.

ඇල්පිටිය බස්නැවතුම් පොළ භූමියේදී රැස්වීම පැවැත්විණි.

විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියයට 70 වැඩි ප්‍රතිශතයකින් අපි ජය ගන්නවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයේ මගපෙන්වන මැතිවරණය මෙයයි. ඔබ ඇල්පිටිය ජයග්‍රහණය කරවන්න. ඊළඟට ආණ්ඩුවෙන් මේ ප්‍රදේශයට අපි හුඟාක් වැඩ කරනවා.

අද එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩිලා. ඔවුන් එකිනෙකාට බැණ ගන්න ආකාරය කුලල් කා ගන්නා ආකාරය අපි දැක්කා. ජනාධිපති මන්දිර කාර්මික විද්‍යාල බවට පත් කිරීම, බුලට් පෲෆ් වාහන ඉවත් කිරීම වැනි පොරොන්දු හැරෙන්නට රට ගොඩගන්න වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට කියන්නේ නැහැ.

අද තියෙන්නේ එදා තියෙන එක්සත් ජාතික පක්ෂය නොවෙයි. රට යළිත් ප්‍රේමදාස යුගයකට ගෙනයාම ගැන අද කතාකරනවා. තමුන්නාන්සේලා නැවත ප්‍රේමදාස යුගයකට යන්න කැමතිද?

ප්‍රේමදාස යුගයේදී දවසක්දා මම තංගල්ලේ ඉඳලා මාතර උසාවියට එනකොට මගදිගට 28 ක් මරා දාලා තිබුණා. අද වීරයෝ වගේ කතා කරන අය මරණයේ වළ ළඟදි බේරාගන්න එදා අපිට පුළුවන් වුණා. රට නැවත භීෂණකාරී යුගයකට ගෙනියන්න දෙන්න බැහැ.

බැඳුම්කර වංචාවට අගමැතිවරයා පමණක් නොවෙයි මුළු ආණ්ඩුවම වග කියන්න ඕන. පසුගිය අවුරුදු පහේදී රට විනාශ වුණා. ජාතික සම්පත් විකුණා දැමීම අපි රටට ජාතික සම්පත් එකතු කරමින් රටට වටිනාකමක් දුන්නා. කොළඹ වරාය නගරය හදන්න මමත් චීන ජනාධිපතිවරයාත් මුල් ගල් තිබ්බා. මේ ආණ්ඩුව ඒ මුල්ගල ගලවලා මෙයාලගේ මුල්ගල් තිබ්බා. අද ඒ නගරයේ අයිතිය ගන්න හදන්නේ වත්මන් ආණ්ඩුවයි. අපි වරායත්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ හැදුවා. ගමේ පාරවල් හැදුවා. මේ ආණ්ඩුව මොනවද රටට කළේ. මේ ගැන එක්සත් ජාතික පාක්ෂිකයනුත් කල්පනා කර බලන්න ඕන.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අපි ඉහළින් දිනන්න ඕන. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දින්නට පස්සේ ඒ ආණ්ඩුවේ රමේෂ්ලාත් ඉන්නවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ කීය.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන කඳවුර කුමක්දැයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා මෙම මැතිවරණය ජනාධිපතිවරණ චිත්‍රපටය ගෙන්වන ටේ්‍රලර් එකක් වගෙයි. ඇල්පිටියේ ජනතාව 11 වැනිදාට ඡන්ද පොළට යන්නේ තමන්ගේ පමණක් නොවෙයි ජාතියේම ඉරණම් කතාව ලිවීමේ අරමුණ ඇතිවයි.

එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඉඳලා නියම කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රේමදාස මහත්තයා කියන කතා ඇහැව්වම ඔහු අඩුම තරමින් දහම් පාසල්වත් ගිහිල්ලා නැති බව තේරෙනවා. රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම අපිට ලේසියි කියලා අපි හිතුවා. නමුත් ඔහු ආවානම් අපිට අමාරු වෙනවා.

අපේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රටේ විනය හදන ආකාරය කර්මාන්ත ගොඩ නගන ආකාරය රට දියුණු කරන ආකාරය ගැන කියනවා. කාටවත් මඩ ගහන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කරනවා.

අපිට ජනාධිපතිවරයෙක් ඕන රට දියුණු කරන්න මිසක් කතා කරන්න නෙමෙයි. සජිත්ට මේ රට සමාජය තේරෙන්නේ නැහැ. ඔහු නිකම් කියවනවා. රට දියුණු කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ රජය යටතේ රට දියුණු වුණා. ආර්ථිකයේ අවස්ථාවන් බහුල වුණා. පාකිස්තාන් ජාතිකයෝ අපේ රටට රස්සාවල් හොයා ගෙන ආවා.

රටට එල්ලවී තිබෙන තර්ජන මැඩ පැවැත්විය හැකි නායකත්වයක් අද රටට අවශ්‍යවී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාට සමගියෙන් ජීවත්විය හැකි රටක් බිහිකළ හැකි නායකත්වයක් අද රටට අවශ්‍යවී තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව සුරක්ෂිතව ජීවත් විය හැකි ආරක්ෂිත රටක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභයගේ නායකත්වය යටතේ පමණයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.

වත්මන් රජය යටතේ ග්‍රාමීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කුරුඳු ආර්ථිකය මත යැපුණ මේ ප්‍රදේශයේ ජනතාව අද සුසුම් හෙළනවා. අනෙකුත් ග්‍රාමීය ආර්ථික බෝග වගා කරුවන්ගේ ජීවන තත්ත්වයත් එසේමයි.

පොහොර සහනාධාරය කපාදැමීම හේතුවෙන් ගොවිතැන කඩාවැටිලා. පොහොර සහනාධාර ලබාදීමට නොහැකි තරමටම මේ ආණ්ඩුව බංකොලොත්වෙලා. ජනතාවට සහන සැලසිය නොහැකි මේ රජය වහාම ඉල්ලා අස්විය යුතුයි.

අපේ රජය කාලෙ ආර්ථික බෝගවල මිල පහළ වැටෙන විට ඒවායේ මිල ස්ථාවර කරන්න ආණ්ඩුව මැදිහත්වුණා. මේ රජය එහෙම මැදිහත් වීමක් කරන්නේ නැහැ. ජනතාවගේ උවමනාවන් අනුව වෙළෙඳ පොළ මෙහෙය විය යුතු බව අපේ රජය විශ්වාස කළා.

නමුත් මෙම රජය වෙළෙඳපොළට ප්‍රමුඛතාවයදී ජනතාව දෙවැනි තැනට දැම්මා.

සජිත් ප්‍රේමදාස සොඳුරු දේශයක් නිර්මාණය කිරීම ගැන කතා කරනවා මිස රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔහුගේ කතා විශ්වාස කරන්න තරම් රටේ ජනතාව මෝඩ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශයේ  රැස්වීම් දෙකක් සංවිධානය කර තිබුණා. නමුත් සෙනඟ නැති නිසා ඔහු නැවත හැරී ගොස් තිබෙනවා. දකුණේ ජනතාව කවදත් නිවැරදි තීන්දු තීරණ ගන්නවා. ඒ නිසා මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව නිවැරදි තීන්දුව ගන්නා බව මා දන්නවා.

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජය ලබනවා. ඒ ජයග්‍රහණයේ පළමු පියවර තබන්නේ බෙන්තර ඇල්පිටිය ජනතාවයි.

මේ ආණ්ඩුවේ තුන්වෙනි නායකයා හා හතරවන නායකයා ඉන්නේ මේ දිස්ත්‍රික්කයේ. නමුත් මෙහාට ඔවුන් මොනවත් කරලා නැහැ. මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දමන්න එජාප නායකයෝ නොයෙක් ආකාරයෙන් උත්සාහයන් ගත්තා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ. දැන් බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතා අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියන දේවල් ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියන්නෙත් කවදාවත් කරන්න බැරි දේවල්.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී. ද සිල්වා මහතා මෙසේ පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වන මොහොතටත් වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ශක්තිමත්ව තිබෙනවා. ඇල්පිටියේ ජනතාවගේ මනාපයෙන් බලයට පැමිණි ගයන්ත කරුණාතිලක මේ ආසනයට මුකුත්ම කළේ නැහැ. ඒ නිසා මේ ඡන්දයේදී ජනතාව ඔහුට පාඩම් උගන්වාවි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එළඹෙන ජනාධිපතිවරණයේ පිළිබිඹුවක්. ඒ නිසා මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට ජනතාව මග බලාගෙන සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ කීවාය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 ම මෙවර ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ මැතිවරණයෙන් අපගේ ජයග්‍රහණය දැනටම පැහැදිලියි. ඇල්පිටිය නගරය දියුණු කරන්න අපි සැලසුම් හැදුවා. නමුත් ආණ්ඩු වෙනස නිසා ඒවා කරන්න බැරිවුණා.

වත්මන් ආණ්ඩුවේ මෙහේ ඉන්න බලවතාට අඩුම තරමේ ඇල්පිටියට බෝක්කුවක්වත් හදාගන්න බැරිවුණා. ඔහුගේ පොරොන්දු ඇල්පිටියේ ජනතාවට සිහිනයක්ම පමණක් වුණා.

හිටපු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි හා රෝහිත අබේගුණවර්ධන, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් පේ්්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කතා කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුද ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (7)

’’සීයට හැත්තෑව පන්නලා අපි ඇල්පිටිය දිනනවා’’

Rata Perata Wednesday, 09 October 2019 06:23 AM

දැන් 70 ත් පැනල තමයි.දැන්වත් තණ්හාව නැතිකරගෙන බණක් දහමක් කරගෙන හිටියනම් හොඳයි.

:       122       434

Chinthana Wednesday, 09 October 2019 07:11 AM

සිංහල බෞද්ධ අතිබහුතරක් සිටින ඇල්පිටිය 65% කට වඩා ඡන්ද ගත්තොත් පොහොට්ටුව ජනාධිපතිවරණය දිනනවා. නැතිනම් කොහොමත් ජනාධිපතිවරණය දිනන්න බැහැ.

:       28       164

චින්තක Wednesday, 09 October 2019 12:17 PM

චින්තන කියන ලෙසට ඇල්පිටිය 65% කට වඩා පොහොට්ටුව ඡන්ද ගතහොත් ජනාධිපතිවරණය දිනනවා කියන්නේ හරියට ජනාධිපති ඇල්පිටියෙන් පත්වෙනවා කියනවා වගේ වැඩක්. එහෙමනම් කෝටි 500 ක් පමණ වියදම් කරලා ජනාධිපතිවරණයක් තියන්නේ කුමටද? චින්තන බලන් කඩතුරා හැර දෑසේ.

:       0       0

චින්තක Wednesday, 09 October 2019 12:17 PM

චින්තන කියන ලෙසට ඇල්පිටිය 65% කට වඩා පොහොට්ටුව ඡන්ද ගතහොත් ජනාධිපතිවරණය දිනනවා කියන්නේ හරියට ජනාධිපති ඇල්පිටියෙන් පත්වෙනවා කියනවා වගේ වැඩක්...

:       0       0

චින්තක Wednesday, 09 October 2019 12:17 PM

චින්තන කියන ලෙසට ඇල්පිටිය 65% කට වඩා පොහොට්ටුව ඡන්ද ගතහොත් ජනාධිපතිවරණය දිනනවා කියන්නේ හරියට ජනාධිපති ඇල්පිටියෙන් පත්වෙනවා කියනවා වගේ වැඩක්. එහෙම නම් කෝටි 500ක් පමණ වියදම් කරලා... ජනාධිපතිවරණයක් තියන්නේ කුමටද? (චින්තන බලන් කඩතුරා හැර දෑසේ)

:       1       0

Chathuri Wednesday, 09 October 2019 12:29 PM

පාර්ලිමේන්තුවේ. රැස් වුනත් මරා ගන්නවා. එළියට ඇවිත් රැස් වුණත් මරා ගන්නවා. ඡන්ද තියෙන්නේ ජනතාවගේ අතේ මතක නැතිද? පැරදෙනකොට වටවෙලා හිටපු සෙනඟ! ප්‍රේමදාසගේ වැරදි, ප්‍රේමදාසට කියන්න පුතා වැරදි නැහැ ඒවාට..., සමහර දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා. පියා කසිප්පු විකුණුවත් දරුවෝ රත්තරන්.., නමුත් ඔබගේ දරුවෝ, පියාගේ... බලය පාවිච්චි කරමින් මුළු රටම කෑවා. රටේ සියලුම මුදල් දරුවන් ළඟ, නාමල් බේබි ගුවන්සේවය පාලනය කෙරුවේ කොහොමද? යෝෂිත මොනවා දැනගෙනද ලක්ෂ 200ක පුහුණුවට රට ඇරියේ? කෝ සිරිලිය කාගේ මුදල්ද හොර ගිණුමේ තිබුනේ? කෝ උදයංග? තවමත් හැංගිලා, ලස්සනට එළියට එයි. මස්සිනා ආවාම, නුවර වැව වටේ පාර වහගෙන රේස් පැදපු හැටි අමතකද? ඇයි ජනදිපතිටම ඉල්ලන්නේ... අයියලා, මල්ලි, පුත්තු එකතු වෙලා බිස්නස් කරන්න පුළුවන්නේ...

:       1       1

Chathuri Wednesday, 09 October 2019 01:21 PM

මහින්ද දිනන්නේ කටින්.. ඔය කටින්මයි කිව්වේ පරදින මැතිවරණෙත්... අන්තිමට පටි රෝල්, තියෙන නාඩගම් සේරම නටලා බලය තියෙනකොට, දැන් ඡන්ද ගන්න හැටි විතරයි කියන්නේ..., පුලුවන්නම් අනුර කුමාරගේ, සජිත්ගේ රැස්වීමකට ගිහින් අහගෙන ඉන්න තරුණ අදහස් වල ලස්සන.., කලින් වැරදි පෙන්නලා දීලා, සියලුම සැප සම්පත් ඇතඇරලා ජනතාව වෙනුවෙන් සේවය කරන හැටි කියන්නේ, ඒකට මේ නාකි රැළ බලතණ්හාව ගැන කතා කරන්නේ... ජනතාවට කාගෙවත් වැරදි මතක් කරන්න අවශ්‍ය නැහැ. ජනතාවට ඕන ඉදිරියට වෙන දේ දැනගන්න. මේ හෙන්චයියලාට රට දුන්නොත් ඉවරයි... පපුව පලලා ඉන්නේ, බෙරිහන් දීලා ඡන්දෙ ඉල්ලනවා. රජ වෙන්න, රට වැසියා උද්ඝෝෂණ කරලා ඉවරයි. තුවක්කුවයි, සුදු වෑන් එකයි ආයුධය...

:       9       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site