X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


“බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “

(සුජිත් හේවාජුලිගේ, කොලොන්නේ පී.ආර්. ගමගේ, දාපනේ ජයන්ත නානායක්කාර ඇඹිලිපිටියේ සිට...)

රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය.

බුද්ධිමත් ජනතාවක් සිටින මේ සුන්දර දිවයින ආසියාවේ දැවැන්තයකු කිරීම අභියෝගයක් නොවන බව කී රාජපක්‍ෂ මහතා මේ රට දියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් විද්වතුන් සමග එකතු වී හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ කළේය.

විරැකියාව දුරු කිරීමටත් නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව ද ඔහු කීය.

රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසුවේ ඇඹිලිපිටිය නව නගරය පොළ භූමියේ දී පෙරේදා (21) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ ජනහමුව අමතමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොලොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර සනී රෝහණ කොඩිතුවක්කු මහතා ජන රැලිය සංවිධානය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙයට අමතරව රක්වාන, ගොඩකවෙල, මාදම්පේ හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැති මැතිවරණ ජන රැලිවලට ද සහභාගි විය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ ද පැවැසීය.

අප එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් අප හොඳ ආරක්‍ෂක වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කළා. පාස්කු ඉරුදින නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාවට තැනක් දුන්නේම නැහැ. බුද්ධි අංශ නිලධාරින්, රණවිරුවන් හිරේට දැම්මා. රටේ බෝම්බ පුපුරන්න ගත්තේ මේ නිසයි. අප ත්‍රස්තවාදය නැති කළේ අවුරුදු දෙකහමාරකින්. සුරක්‍ෂිත රට ගොඩනැගිය හැක්කේ අපට පමණයි.
අප අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන්තොටුපළවල් ඇති කළා. කොළඹ ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට පත් කළා. අද රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. මේ නිසා රැකියා ලක්‍ෂ හතරක් පමණ නැති වුණා. මේ අයට නිසි සැලසුම්ක නැහැ. නිසි දැක්මක් නැහැ. ඒ වගේම ශක්තිමත් කණ්ඩායමක් නැහැ. අප බලයට පත් වී බුද්ධිමතුන් සමග එකතු වී මේ රටේ ප්‍රශ්න හඳුනා ගන්නවා. අපට මේ රට දියුණු කරන්න පුළුවන්. දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන තියෙනවා. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. එවැනි රටක් දියුණු කිරීම අපහසු නැහැ.

අප අධ්‍යාපනයට වැඩිම ආයෝජනය කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් අපට ලොකු දියුණුවක් අත්කර ගන්න පුළුවන්. රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරන්න පුළුවන්.
අපට මේ රටේ කෘෂිකර්මාන්තය අමතක කරන්න බැහැ. රටින් සහල් එනකම් අපිට බලාගෙන ඉන්න බැහැ. රට සහලින් ස්වයං පෝෂිත කරනවා. අප ගොවි ණය කපා හරිනවා. ගොවීන්ට පොහොර ටික නොමිලයේ දෙනවා. අප කිසිම භෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයකු කළ යුතුයි. ගොවියාගේ ආදායම් වැඩි කිරීමට කටයුතු කරනවා.

දේශිය ව්‍යාපාර නැංවීමට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්දත් අඩු කරනවා. විරැකියාව දුරු කරන්නත් අපට වැඩපිළිවෙළක් තියෙනවා. මම ඔබලා පවරන වගකීම උපරිම ශක්තියෙන් ඉටු කරනවා. සුරක්‍ෂිත, සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:
ඇඹිලිපිටිය මට අමුතු තැනක් නොවෙයි. මෙතැන එදා තිබුණේ මඩ වළක්. මම ගෝඨාභයට කිව්වම එතුමා මේ ලස්සන ගොඩනැගිල්ල හදලා දුන්නා. මේ පැත්තෙ තරුණයන් කී දෙනකු එදා මරල දැම්ම ද? සූරියකන්ද ඔබට මතක ඇති. ඔබලාට මැරිච්ච ගාණ මතක ද? කවුද මැරුවේ. ප්‍රේමදාස ආණ්ඩුව. ආපහු ප්‍රේමදාස ආණ්ඩුවක් ඕන ද? තරුණයන්ට ජීවත් විය හැකි යුගයක් උදා කළ යුතුයි. අපේ කාලයේ රටේ බෝම්බ පිපිරුවේ නැහැ. පල්ලිවලට බෝම්බ ගහලා හාරසිය ගණනක් මැරුණා. මේ ආණ්ඩුව බෝම්බ පුපුරනකම් බලාගෙන හිටියා. අද මිනිසුන්ට පල්ලි යන්න, පන්සල් යන්න, කෝවිල් යන්න බයයි. මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා කිසිම අපරාධකරුවෙක් ඇල්ලුවේ නැහැ. අද ජාතියක් බයවෙලා රටක් බයවෙලා.

සජිත්ගේ ඩයිනමෝව හොඳයිලු. දැන් කළ යුත්තේ දේශපාලන විහිළු නොවෙයි. ගෝඨාභය වැඩ කරන්න පුළුවන් නායකයෙක්. මම ගෝඨාභය පත් කළේ සියලු දෙනාගෙන් අහලයි. අපි කරපු සෑම වැඩක්ම අද ආපස්සට හැරිලා. හයිවේ එක නැවතුණා. හම්බන්තොටට ගුවන් තොටුපළ, වරාය ආවම දියුණු වුණේ මේ ප්‍රදේශයි. මෙය සශ්‍රික ආසනයක්. අද කුරුඳු කීය ද? පැඟිරි කීය ද? අද බී ලූනු කොහොම ද? ලූනු කනව ද?

එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෝ අද අපේ පැත්තට එනවා. සියයට 70කට වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය දිනවන්න කියලා මම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අපට එකතු වුණා. ඒනිසා සියයට 70ට පහසුවෙන් යන්න පුළුවන්. මේක වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ බැරි පුද්ගලයකුට මේ රට දීලා වැඩක් නැහැ.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-
ගුරුකන්ද නායක හිමියන් විහාර භූමියේ ආදාහනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මෙහෙම වෙද්දී සජිත් මොකද කළේ කියලා මම අහනවා. අද වෙළඳාම කඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා. කඩා වැටුණු රට ගොඩගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකියාව තියෙනවා. ඔබගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න සංවර්ධනය ඉහළ ගියේ මහින්ද යුගයේදීයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:-
සජිත් ප්‍රේමදාස අද දූෂිතයන් ගැන කතා කරනවා. ඔහු අද ඉන්නේ දූෂිතයන් පිරිවරාගෙනයි. ඒ සියලු දෙනාගේ දූෂිත ගනුදෙනු ඔහු දන්නවා. දුප්පතාගෙන් බදු ගැනීම සියයට 85 දක්වා වැඩි කළා. පොහොසතුන්ගේ බදු සියයට 15 දක්වා අඩු කළා. ඔය සජිත් මේවාට විරුද්ධව කටක් ඇරිය ද?

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-
ගෝඨාභය කියන්නේ අන්තවාදය පොඩි පට්ටම් කළ හැකි නායකයෙක් රටට සුරක්‍ෂිතභාවය දෙන නායකයෙක්. රට පාවා නොදෙන නායකයෙක්. එවැනි නායකයකු ප්‍රසූත කරන්න මවුබිම විළිරුදාවෙන් පෙළෙන මොහොතක්. වින්නඹුකම් කිරීම ඔබට බාරයි. සහරාන්ලාට යට නොවන නායකයකු අපට අවශ්‍යයි. මව් පොළව එක නීතියක් යටතට ගේන නායකයකු අද අපට අවශ්‍යයි. අපේ උරුමයට පණ දෙන නායකයකු මේ මව් පොළව අද ඉල්ලනවා. අද තියෙන්නේ කඳවුරු දෙකයි. රට රැක ගත්තු කඳවුර අපේ කඳවුරයි. අනෙක් කඳවුර සහරාන්ලාට පණ දීපු එකයි ත්‍රස්තවාදීන්ට පණ දීපු කඳවුරයි. ටයර් සෑයවල් ගෙනාපු කඳවුරයි. අපේ ලී ක්වාන් යු ගෝඨාභය රාජපක්‍ෂයි. අපේ මහතිර් මොහොමඞ් මහින්ද රාජපක්‍ෂයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා:-
ලබන 17 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. සෑම මැතිවරණයකින්ම රත්නපුර ජයග්‍රහණය කරනවා. අද මේ රටේ ආර්ථිකය පිරිහිලා. හැම අංශයකින්ම පිරිහිලා. අද ගම්මිරිස් ගොවියා හාන්සියි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී ගොවියාට සියලුම සහන දෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා:-
යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටේ ආර්ථිකය විනාශ කර දැමුවා. අප මේ රටේ කරපු සංවර්ධනයත් විනාශ කර දැම්මා. අද ගම්මිරිස් මිල කීය ද? අප රත්නපුරයට අධිවේගී මාර්ග ගේන්න ලැහැස්ති කරලා තිබුණේ. වැඩිහිටි ගිණුමෙනුත් රුපියල් සියයක් කපපු ආණ්ඩුවක්. පල්ලිවලට බෝම්බ ගහද්දී මේ ආණ්ඩුව බලාගෙන හිටියා. රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් බුරුතු පිටින් හිරේට දැම්මා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය.
ඇල්පිටිය ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය සියයට විසි හතරට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වුණාම අපේ ප්‍රතිශතය සියයට හැත්තෑවයි. ඇල්පිටිය වගේම තමයි ඇඹිලිපිටිය මහින්ද මහත්තයා දීපු පොහොර සහනාධාරය මේ අය ඇවිල්ලා කපා දැම්මා. වගකීමක් ගන්න බැරි ආණ්ඩුවකට රට බාර දෙනවා ද? පිටරටින් ගම්මිරිස් ගෙනවිත් අපේ ගම්මිරිස් වගාව විනාශ කර දැම්මා. තරුණයන් දහස් ගණනක් ටයර් සෑයේ යැව්වේ ඔය පුතාගේ අප්පොච්චියි.

රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා:-
තව දින විසි පහකින් මේ යහපාලන රජය පෙරළා දමනවා. රත්නපුර ගෝඨාභයට තියෙන්නේ ස්ථාවර ගිණුමක්. නොවැම්බර් 17 වැනිදා යන්න ලැහැස්ති වෙයල්ලා කියලා අප සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට කියනවා. කරපු වැරදිවලට දඬුවම් විඳින්නත් සූදානම් වෙයල්ලා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා:-
ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටට කරපු සේවය අප කවුරුත් දන්නවා. මහින්ද යුගයේ සිදුවුණු සංවර්ධනයත්, අප කවුරුත් දන්නවා. කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඔහු කරපු සංවර්ධන වැඩවලින් කිහිපයක්. මහ බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ පාලනයයි.

කොලොන්න ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා.
ඔබලාගේ දහදියට නියම වටිනාකම දුන්නේ මහින්ද රාජපක්‍ෂයි. අප කොලොන්න ආසනය එදා දිනවූයේ වැඩි ඡන්ද තිස්හය දහසකින් අප මෙවර ගෝඨාභය දිනවන්නේ ඊට වැඩි ලොකු ශක්තියකින්.



අදහස් (3)

“බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “

Winiwida Wednesday, 23 October 2019 07:10 AM

මට මතකයි 2004 ග්‍රීසියේ ඔලිම්පික් උළෙල තිබුණා. ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය විශාල මංමාවත් හැදුවා. විශාල ක්‍රිඩාංගන හැදුවා. ලෝකයෙන් එන ක්‍රිඩකයන්ට නවාතැන් දෙන්න විශාල මහල් නිවාස හැදුවා. ඒ වෙලාවේ ග්‍රීසියේ විපක්ෂ නායිකාව ජනතාව අමතලා කිව්වා "ඔයාලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රිට්" කියලා... 2008 වෙනකොට මොකද උනේ? ග්‍රීසියේ ලෝකයේ බංකොලොත්ම රාජ්ය බවට පත් උනා. සංවර්ධනය කියන්නෙ කොන්ක්‍රිට් වනාන්තරක් හදන එක නෙවෙයි. සංවර්ධනය ජන ජීවිත එක්ක බද්ධ වෙන්න ඕන. ඔබ ගිහිල්ලා බැලුවොත් සූරියවැව ක්‍රිඩාංඟනය තියන පාර මංතීරු හයක එකක්. බේස්ලයින් එකටත් වඩා ලොකුයි. ඒ පාර අවට ජීවත්වන ජනතාවගෙ ජීවිත කොහෙද තියෙන්නේ? පාසල් ඇරිලා එන දරුවෝ දිවුල් වාරෙට පාර අයිනෙ දිවුල් විකුණනවා. දෙහි වාරෙට පාර අයිනේ දෙහි,දොඩං තියන් විකුණනවා. දැවැන්ත පාරක් තියනවා. මේ දැවැන්ත පාරයි මිනිස්සුන්ගේ ජීවිතයි අතර සම්බන්ධයක් නෑ. මිලියන ගණනක ජනතාවක් දුප්පත්කමේ ගිලිලා. මේ පාලකයෝ හැමදාම ඒ දුප්පත්කම විකුණනවා. අපි මේක වෙනස් කළ යුතු නැද්ද ?

:       0       107

sapumal Wednesday, 23 October 2019 01:40 PM

විනිවිද, සහතික ඇත්ත. අපේ රටේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මහරජාණන් මේ රටට කරපු හරිය. විශාල පොලී මුදල්වලට ණය අරගෙන අනවශ්‍ය ස්ථාන වල මහා මාර්ග ඉදිකරලා, සෙනඟ එන්නේ නැති තැන වල සම්මන්ත්‍රණ ශාලා හදලා.. (තව ගොඩක් තියෙනවා) එ්වායෙන් සල්ලි හොරකම් කරලා රට නැත්තටම නැති කරලා එ්ත් අපේ මෝඩ මිනිසුන්ට මහරජාණන් හොඳයි. (එහෙම කියලා රනිල් හොදයි කියලා මම කියන්නේ නැහැ. මහා බැංකුව කාලා එ්කෙනුත් ජාතික ධනය හොරා කාපු එක තමයි කලේ) අනේ අපේ රට... අපේ සීයලාගේ කාලෙත් ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්, අපේ මුණුපුරාලගේ කාලෙත් ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්...

:       0       0

Bandara Wednesday, 23 October 2019 08:18 PM

සහතික ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site