X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


19 උදුරාගන්න ලෑස්ති වුණොත් ජනතාව එක්ක පාරට බහිනවා

(*** අංජුල මහික වීරරත්න)

අතීතයේ සිට පැවැති දේශපාලකයන්ගේ බලය තහවුරු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට ජනතා අයිතීන් තහවුරු කෙරෙන පළමු සංශෝධනය වූයේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය බවත් ආණ්ඩුව එම අයිතිය උදුරා ගන්නට සැරැසෙනවා නම් ජනතාව සමග එක්ව අරගලය ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (26) පැවැසීය.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් ලබන 28 වැනිදා විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු‍ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති  මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා : “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණු යහපත් ක්‍රියාවලිය අද ඊයේ  ඇරැඹුණු දෙයක් නොවේ. 20 වැනි සියවස ඇරැඹුමේ සිටම ජනතාව එවැනි ක්‍රියාවලියක් බලාපොරොත්තු වුණා. එවන් සංශෝධනයක් අහෝසි කිරීම අපරාධයක් බව කිව යුතුයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූයේ විශාල මහජන බලවේගයක් සමඟයි. එදා සියලු‍ සමාජ බලවේගවල ඉල්ලීම වූයේ කුමක් ද? රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ, පොලිසිය, මූල්‍ය අංශ, දේශපාලන අතපෙවීම්වලින් මුදාගැනීමයි. එමෙන්ම දේශපාලනීකරණයට  ලක්නොවූ ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුවා.

1948 වසරේ සිට අප විවිධ ව්‍යවස්ථා  හැදුවා. 1948 ව්‍යවස්ථාව හැදුවේ සුද්දන්ට තවදුරටත් බලය මෙරට රඳා පවත්වාගැනීම සඳහායි. ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව ගෙන ආවේ තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහායි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මහින්ද රාජපක්ෂගේ බලය තහවුරු කරගැනීම සඳහායි. මේ සෑම අවස්ථාවකදීම සිදුවූයේ රටේ ජනතාව නොව දේශපාලකයා ශක්තිමත් වීමයි. රටේ ජනතාව ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් පළමුවරට ගෙන ආවේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බව කිව යුතුයි.

සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් එක්ව මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළා. දීපව්‍යාප්ත වැඩසටහනක් හදා ජනතාව සමග එය සාකච්ඡා කළා. ඒ අනුව දේශපාලකයන්ට තිබූ අනිසි බලය අහෝසි කරනු ලැබුවා. පත්වීම්වල බලතල ව්‍යවස්ථාදායක සභාවට පවරනු ලැබුවා.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා අයිතීන් රකින්න ගෙන ආ පළමු සංශෝධනයයි. එම සංශෝධනය ඉවත් කර ද්විත්ව පුරවැසියන්ට එම විදෙස් පුරවැසි බව තබාගෙන සිටියදීම මෙරට මන්ත්‍රී ඇමැති හෝ අගමැති වෙන්න අවස්ථාව සකස් කළ යුතු ද? දැන් ඔවුන්ගේ වුවමනාව වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න නිරාකරණය කරගැනීමයි. ඉදිරියට යන ගමන ආපසු හරවාගෙන මොවුන් උදුරා ගන්නට හදන්නේ ජනතාව සතු අයිතියයි.

අප දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගෙන ආ විනිවිද බව, වගවීමේ කාර්යය මෙන්ම ජනතා අයිතීන් කප්පාදු කරනවාට සමගි ජන බලවේගය එකඟ නැහැ. මොවුන්ට තුනෙන් දෙකේ බලය ලැබුණේ ඕනෑම දෙයක් කරන්නට නොවේ.

එහි අනුව දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම සඳහා වන සාකච්ඡාවකට අප ලබන සිකුරාදා (28) සියලු‍ සමාජ ක්‍රියාකාරීන්, සිවිල් බලවේග පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යය සිදු කෙරෙනවා. ඉන් ඔබ්බට ගොස් අප ජනතාව සමග එක්ව දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම සඳහා දිගින් දිගටම අරගල කරනවා.

ආණ්ඩුවේ උත්සාහය වන්නේ පවුල් බලය තහවුරු කරගැනීම සඳහා රටක් පාවා දෙන්නටයි. ජනතා අයිතීන් තහවුරු කරගැනීම සඳහා අප දිගින් දිගටම නොනවතින අරගලයකට මුල පුරන බව කිව යුතුයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා : “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පුරවැසියාගේ අයිතීන් ශක්තිමත් කළා. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළා. ඒ තුළින් පුරවැසියා වෙත වගවීම තහවුරු කළා.

විදේශිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ කළ හැකි දේ සහ කළ නොහැකි දේ දහනව  වන සංශෝධනයෙන් දක්වා තිබෙනවා. රට ගොඩනැගීම සඳහා විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල කාර්යභාරයක් සිදුවන බව අප පිළිගන්නවා. නමුත් එහි සීමාවන් අප වටහා ගත යුතුයි.

ස්වාධීන කොමිෂන් සභා එන්ජීඕ නාඩගම් බව ජී.එල්. පීරිස් ඇමැතිවරයා කියා තිබුණා. එවැනි පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන මා පුදුමයට පත්වුණා. මෙවැනි මත ඉදිරිපත් කිරීම ඉතා කනගාටුදායකයි.

ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තුවට හෝ ඇමැතිවරයෙක් අගමැතිවරයෙක් වශයෙන් පත්කොට තිබියදී අදාළ රටවල් දෙක අතර යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් ද්විත්ව පුරවැසියා ගන්නේ කුමන රටේ පැත්ත ද?”

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා : “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්න හදන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවටයි. ඇමෙරිකාව වෙනුවෙන් තුවක්කුව අතට ගන්නට වුවත් පොරොන්දු වන බව ඇමෙරිකා පුරවැසියන් පොරොන්දු වී තිබෙනවා. බැසිල් රාජපක්ෂත් එම පොරොන්දුව ලබාදී තිබෙනවා. ඕනෑම අවස්ථාවක වඩා ප්‍රමුඛතාව තිබෙන්නේ ඇමෙරිකානු පුරවැසිභාවයටයි. එවැනි පුද්ගලයෙක් අප රටේ ජනපති අගමැති ඇමැති කෙනකු වන්නේ කෙසේ ද? අද සිදුවෙමින් තිබෙන්නේ ඇමෙරිකා පුරවැසියෙක් වෙනුවෙන් ලක්ෂ 210ක් වන ජනතාවගේ වරප්‍රසාද නැති කිරීමයි. ශ්‍රී ලාංකික පුරවැසියන් ඇමෙරිකා පුරවැසියා වෙනුවෙන් පෙනී නොසිටිනු ඇතැයි අප සිතනවා.”

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා : “19 සුරකිමු යනුවෙන් අප ඉදිරිපත් කරන්නේ දේශපාලන බලය තහවුරු කරන වැඩසටහනක් නොවේ. ශීලාචාර පුරවැසියන් ලෙස දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියට එන්නැයි අප පුරවැසියන්ට ආරාධනා කරනවා.

දැන් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මුව හමට තඩි බාන්නේ 18 සහ 19 යන සංශෝධන දෙකටම අත එස වූ අයයි. ඔවුන් දැන් විසිවන සංශෝධනයටත් අත එසවීමට සූදානම්.”



අදහස් (8)

19 උදුරාගන්න ලෑස්ති වුණොත් ජනතාව එක්ක පාරට බහිනවා

Bandara Thursday, 27 August 2020 09:40 PM

රාජිත තවත් කතා කරන්නේ කටින්ද?

:       45       188

සිරා Friday, 28 August 2020 04:05 AM

රටේ ජනාධිපති, අගමැති ඡන්දෙට කලින් කීවා මේක වෙනස් කරන්න බලය දෙන්න කියලා.. මිනිස්සු දුන්නා ඡන්දෙන් බහුතර බලය. එ්ක දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට... දැන් නිකන් පාරට බහින කතා ඕනෑ නෑ. අවුරුදු 5ක් රට කාලා තව කන්න හදන්න එපා.

:       31       163

සුනීත හිමි Friday, 28 August 2020 10:55 AM

හදවත් රෝගයකුත් තියෙනවා නේද? දැන්වත් කෑගහන්නේ නැතිව බණක් භාවනාවක් කරගෙන ඉන්න.

:       25       171

Bamunuarachchi Friday, 28 August 2020 11:44 AM

පාරට බැහැලා මොන බම්බුවක් කරන්නද? අපෙන් ගුටිකාලා තමයි යන්න වෙන්නේ. කොනක ඉඳන් දෙන්න තමයි වෙන්නේ. ජනතාව 2/3 බලයක් දුන්නේ ඕක කරන්න තමයි.

:       43       148

asamagi janabala Saturday, 29 August 2020 03:59 AM

ජනතාවගේ ඉල්ලීම රටේ අරාජිකත්වයක්, ආරක්ෂාවට තර්ජනයක් වුණ 19 වහාම අහෝසි කරන්න රාජිත දේශපාලනයෙන් ඉවත් කරන්න.

:       0       61

anura Saturday, 29 August 2020 04:00 AM

ජනතාව SLMC එකද?

:       0       0

මෝ Saturday, 29 August 2020 05:35 AM

පාරට බැහැපල්ලා. ඒත් ව්‍යවස්ථාව සම්මත වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේදී. රාජිතට උරුම මහපාර, නොව හිර ගෙදරයි.

:       0       43

Bamunuarachchi Tuesday, 01 September 2020 01:45 AM

පාරට බැස්සට කමක් නැහැ. පාරේ එළිබහින්න එපා.

:       0       49

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site