(*** නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹදී ඊයේ (06 වැනිදා) පැවසීය.
දහඅට වැනි සංශෝධනය මගින් අහුරා තිබූ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන බව කියන පිරිස් 20 මගින් යළි විවර කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අක්කා පෙන්වා නංගීත් අරගෙන දෑවැද්දත් කොල්ලකන වැඩක් 20 වන සංශෝධනය මගින් රටට සිදුව ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 0මහතා මෙසේද කීය.
“මේ රට ඒකාධිපතිත්වයකට මිලිටරිකරණයකට යටත් වන බවට මහ මැතිවරණයට පෙර අපි ප්‍රකාශ කළා. එහෙත් බහුතරයක් ජනතාව ඒ හඬට කන් නොදී මේ ආණ්ඩුව බලයට පත් කළා.
මම දකින විදිහට අපි මේ මහ මැතිවරණය පරාජයට පත්වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී අපි පරාජයට පත්වුණා. පහුගිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දුර්වල ආණ්ඩුකරණය පිළිබඳව පෙන්වා දෙමින් පක්ෂ දෙකකින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්විය යුතු නැහැ කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ අය ප්‍රචාරණය ගෙන ගියා. ඒ නිසා ජනතාවට මේ රට මුහුණ දෙන්න නියමිත අනාගත අනතුර තේරුම් ගැනීමට නොහැකි වුණා.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී ද්විත්ව පුරවැසියකු එපා කියලා ජනතාව කෑ ගැහුවා. අර්ජුන් මහේන්ද්‍රන් අද පැනලා ගිහින් තියෙනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත්කර නොගත යුතුයි කියලා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.
රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් පාර්ලිමේන්තුව සහ රට පාලනය කරන තැනට පමණක් නෙමෙයි රටේ ඉහළ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත් කිරීම වැළක්වීමට නව නීති සකස් විය යුතුයි.
අද මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසියන් වන ශ්‍රී ලාංකිකයන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට බැණ බැණ හිටපු අය ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපට පේන්න නැහැ. එහෙමනම් ද්විත්ව පුරවැසිභාවය මේ දෙකටම ඇතුළත් වන විදිහටයි ගේන්න තිබුණෙ.
දැන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව ලැබෙනවා. දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන්න ඉන්න අය තමයි දහ නමයෙන් අපි අහුරපු මේ අවස්ථාව අද විවර කරලා තියෙන්නේ.
විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට ඇවිත් නටන නාඩගම් ටික අද අපට පේන්න තියෙනවා. මීට එහා සෙල්ලම් අපට ඉස්සරහට බලාගන්න පුළුවන්.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ කියලා 19න් අපි ගෙනාවා. දැන් මේ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් කරා රට ගෙන ගොස් තිබෙනවා. දහ නමයෙන් අහිමි කරලා තියෙන ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණම යළි ලබාගෙන තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම වරදක් කරලා බේරෙන්න පුළුවන්.
ඒ වගේම දහනවයෙන් හඳුන්වලා දීපු කොමිෂන් සභා ටික අද අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාවට නියෝග ලබා දෙන්නේ ජනාධිපතිවරයා පමණයි.
ඒ වගේම වැදගත්ම කොමිෂන් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමැතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.
නීතිපති, පොලිස්පති ඇතුළු තනතුර පත් කිරීමේ බලයත් අද ජනාධිපතිවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා අල්ලේ නටන රූකඩ බවට එමගින් පත්වෙනවා.
19න් අපි සීමා කරලා තිබුණ අමාත්‍යධුර සීමා ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පමණක් මේ අමාත්‍යවරුන් පත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් අගමැතිවරයා පියන් කෙනෙක් බවට පත්වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවට අපි කියනවා.
දි.මු. ජයරත්න මහතාට එදා වෙච්ච දේ තමන්ට වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිකමටවත් හිතන් නැතිව ඇති. ඒත් තමුන්ගේ සහෝදරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට අද එම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ ආණ්ඩුවේ සමහර අය මේකට කැමති නෑ. ඒ අයට අද වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි. ඔවුන්ගේ කොඳු කඩල තියෙන්නේ.
විපක්ෂ අපට පමණක් නෙමෙයි රටේ සෑම පුරවැසියකුටම මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රටේ පුරවැසියන්ට අබ සරණයි කියලා තමයි දැන් අපට කියන්න වෙන්නේ. අක්කා පෙන්නල නංගිත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් තමයි මේ ආණ්ඩුව 20 මගින් සිද්ධ කරලා තියෙන්නේ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්
Senarath Monday, 07 September 2020 07:46 AM
ජනතාවගෙන් හොඳ පිළිතුරක් ලැබුණානේ.. දැන්වත් කට පියාගෙන ජනතාව කරන්න කියපු වැඩ කරන්න ඉඩදෙන්න.
Bamunuarachchi Monday, 07 September 2020 10:33 AM
7 දෙනෙක්ම කසාද බඳින්න පුළුවන් ඔහෙලාට ඕක මොකක්ද?
BamunuarachchiTuesday, 08 September 2020 06:51 AM
ඔහෙලා කරන්නේ දෑවැද්ද දීලා අක්කාවයි, නංගිවයි දෙන්නම ගන්න එකනේ.
විජේ Tuesday, 08 September 2020 04:22 AM
ඔයාලා අවුරුදු ගානක් කාරණේ. පීදෙන්නෙ නැතුව ඉන්න මනුස්සයෙක් වගේ, ඔයාලගෙ බකපන්ඩිතකම් අහනවට වඩා ආන්ඩුවටයි, මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම කරන්න වෙන ඕනෙතරම් වැදගත් වැඩ තියනවා.