X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අගමැති පණ බේරාගැනීමේ උත්සහයක-කබ්රාල්

(නිමල කොඩිතුවක්කු)

බැදුම්කර වංචාවෙන් එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සදහා පිටිපන, මාරපන වැනි කමිටු පත්කරමින් පණ බේරා ගැනීමේ උත්සාහයක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිරත වන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැහැදිලි  සාක්ෂි තිබියදී වැරදිකරුවන්ට දඩුවම් නොකර  වසර තුනක් තිස්සේ කට්ටි පනිමින් සිටින මේ ආණ්ඩුව පිළිබඳ තීරණයක් ගැනීමට ජනතාවට වගකීමක් ඇති බවද ඒ මහතා කියයි.

කොළඹ රාමඩා හෝටලයේ දී අද (25) පැවති දේශපේ‍්‍රමී වෘත්තිකයින්ගේ සංසදයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
පිටු 1200ක පමණ බැඳුම්කර වාර්ථාව මම දැනට කියවලා තියෙනවා. මෙතන ලොකු වංචාවක් වෙලා තියෙනවා  කියලා හැමෝම දන්නවා. මේකේ හානිය අවම කරගන්නේ‍ කොහොමද කියන එක තමයි දැන් රජය මුහුණ දෙන විශාලතම අභියෝගය.  මේ කටයුත්තට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා  වැඩ කටයුතු කරගෙන යනවා මේක යට ගහන්න.
එහි එක උපායමාර්ගයක් තමයි  2008 සිට 2014 දක්වා කාලයේත්  මේක සිදුවුණා කියලා. ඒ කාලේ  මම තමයි හිටියේ මහ බැංකු අධිපතිවරයා විදියට.  ඒ වගකීම තියෙන්නේ  මටයි ඒ කටයුත්ත හරියාකාරව කෙරුනද  කියලා බලන්න. මේ රටේ සියලූම ජනතාවට එහෙම කිසි දෙයක් වෙලා නැහැ කියලා මම පැහැදිලිවම  කියනවා.

ජනාධිපතිතුමා බොහොම තරහවෙන් කෑ ගැහුවත්  අගමැතිතුමා ලැජ්ජාවෙන් කෑ ගැහුවත් ඒ කාලයතුළදී  එහෙම කිසිම දෙයක් වෙලා නැහැ.   මම කියා සිටියා බොරුවට කෑ ගහන්න එපා ඔනෑම කොමිසමක්  දාලා බලන්න කියලා. එම කාලය තුළ බැදුම්කර වාර්ථාවෙන් දීලා තියෙන වචනය තමයි  සමහර විට වෙන්න පුලූවන් කියලා. එහෙම නැතුව  කොතනකවත් වංචාවක් වුණා කියලා  කියලා නැහැ.


අපේ කාලයේ කිසිදු බැඳුම්කර  වංචාවක් සිදුව නැහැ. එහෙම නොවෙන්න පුලූවන්  මූලික කාරණාව තමයි අපි කරගෙන ගිය ක‍්‍රමවේදයයි. ඒ නිසා තමයි  අගමැතිවරයාගේ උපදෙස් පරිදි මෙම ක‍්‍රමවේදය වෙනස් කළේ. අවුරුදු 18ක් තිස්සේ ඒ තිබිච්ච ක‍්‍රමවේදය නිසා කාටවත් එවැනි දෙයක් කරන්න බැරි වුණා.

මේ ක‍්‍රමවේදය වෙනස් කරපු අගමැතිවරයාත් එයට සම්බන්ධ අනිකුත් සියලූ දෙනාත් මේ සම්බන්ධයෙන්  වගකිවයුතුයි. මාස 27ක් මේ ක‍්‍රමය සිදුකරගෙන. මේ ක‍්‍රමය වැරදියි කියලා මේ පිළිබඳ දැනුමක් ඇති අය පැවසුවා. පුවත්පත් වල ලිපි ගියා. 2017  ජූලි මාසයේ නැවත වරක් අර පැරණි ක‍්‍රමයටම ආවා.  පැරණි ක‍්‍රමයට එද්දි ලැජ්ජ නිසා  ඒ පැරණි ක‍්‍රමය නෙමෙයි කියලා වෙන වෙන නම් දැම්මා. වෙන වෙන බෝඞ්  දාලා නම් දාලා සිදුකරාට මේ ගැන දන්න ඕන කෙනෙක් දන්නවා  ඒ පැරණි ක‍්‍රමවේදයයි කියලා.

මාස 27 වෙච්ච ඒ පාඩුවට දැන් කවුද වග කියන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා  මේකට වග කිව යුතුයි. මොකද ඒ අය තමයි මේක භාරව ඉන්නේ.  ඒ අය වග කියන්නේ නැත්නම් කවුද වග කියන්නේ “යැයි ද ඒ මහතා පැවසීය.



අදහස් (11)

අගමැති පණ බේරාගැනීමේ උත්සහයක-කබ්රාල්

සපුමල් බණ්ඩාර Thursday, 25 January 2018 10:35 AM

මම නම් කියන්නේ අර්ජුන්ට වැඩිය කබ්‍රාල් දක්‍ෂයි. මේ පළවෙනි හොරකමෙන්ම අනාගෙන හත්පොලේ ගා ගත්තා. කබ්‍රාල් කළ දේ අදටත් ඔප්පු කර ගන්න බෑ.

:       1       62

Nissanka Thursday, 25 January 2018 10:39 AM

ඇතිලිය මුට්ටියට කිව්වලු තමුසේ කළුම කළුයි කියලා. මේ යහපාලන ආණ්ඩුවේ බෙලහීනකම නිසා අපිට හොරුන්ගෙන් බණ අහන්න වෙලා.

:       117       118

wanghung Sunday, 28 January 2018 02:23 PM

අපි නම් යහපාලනයේ අයට හොරු කියන්නේ ඒ අය හොරු කියා ජනාධිපති කොමිසමක් මගින් ඔප්පු කර තිබෙන නිසාත් එම හොරකමින් ආර්ථිකය කඩාවැටීම අපිට පුද්ගලිකව දැනෙන නිසාත්ය. ඔබලා ගිය ආණ්ඩුවේ අය ගැන කියන්නේ ඒ විදිහටමද? ජනාධිපති කොමිසමකින් ඔප්පු වුණාද? නැතිනම් ආර්ථිකයේ කඩාවැටීම පුද්ගලිකව දනුණාද? ඔබලා ආර්ථිකයේ කඩාවැටීම දකින්නේ කොහොමද?

:       0       0

Vajira Thursday, 25 January 2018 10:49 AM

මෙයාගේ හෙජින් ගණුදෙණුව දෙවැනි වෙන්නේ බැඳුම්කර වංචාවට විතරයි. රනිල්, මහින්ද ඩීල් වල පිහිටෙන් තවම යහතින් ඉන්නවා.

:       100       182

BamunuarachchiSunday, 28 January 2018 12:28 PM

හෙජින් ගණුදෙනුව කතා කරන්නේ කැලෑ පත්තර වලින් ඉගෙනගෙනද නැතිනම් විෂය ගැන හදාරලද? ඇයි මේ ආණ්ඩුව බලයට පත්වූවාට පසු හෙජින් ගැන කොමිසමක් පත් නොකරන්නේ ඒගැන කතා නොකරන්නේ කියා සොයා බැලුවද? ලෝකේ තෙල් මිල ඉහල ගියානම් කවුරුත් හෙජින් ගැන කතා කරන්නේ නැත. ඒ මොකද කියලා දන්නවාද?

:       0       0

එර්දි Thursday, 25 January 2018 10:54 AM

කබ්රාල් කවුද අගමැතිවරයා ගැන කතා කරන්න. මෙයත් මහින්දලා එක්ක මහ බැංකුවට වැඩේ දුන්නා. අද සුදනා වගේ කතා කළාට. හිරගෙවල්වල ඉන්න ඕන කබ්බෝ රට ගැන කතා කරනවා.

:       21       158

dd Thursday, 25 January 2018 10:23 PM

ජනතා තීරණය විතරද? ඇයි උසාවි තීරණය ?

:       0       0

Chandra Friday, 26 January 2018 05:45 AM

කබ්රාල් කරපු දේවල් ඔප්පු කරන්න බැහැ නෙමෙයි , පක්ෂය දිනවන්නයි ඕනේ රටට හෙන ගැහුවත් . මදැයි කොලා . එකයි මොවුන් විලි ලජ්ජා නැතුව තව කතා කරන්නේ .

:       0       147

Bamunuarachchi Sunday, 28 January 2018 12:13 PM

ඔව් මහත්මයෝ ඔබලා යුද්ධයට, පාරවල් හදන්න, ගුවන්තොටුපොළක් හදන්න, වරායක් හදන්න, විදුලිබලාගාර හදන්න, අධිවේගී මාර්ග හදන්න ණය අරගෙනත් ආර්ථිකය කඩාවැටුණේ නැත. මේ අය බලයට එන්නත් ප්‍රථම බැංකු කොල්ලය ප්ලෑන් කරතිබුණු බව සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පෙනේ. තම පක්ෂයේම අය පක්ෂයේ අගේ හොරකම් සෙවීමට කොමිටි දැමීම විහිළුවක්... පක්ෂයේ අය නොදැනීම ලොකුම විහිළුවයි. ලොකුම දේ තමයි ඔබලා යුද්ධය වවාගෙන නොකෑමයි.

:       0       16

Bamunuarachchi Sunday, 28 January 2018 02:06 PM

කබ්රාල් කරපු දේවල් ඔප්පු කරන්න බැහැ නෙමෙයි කියලා කියන්න ඔබලාවගේ මිනිස්සු මිස ආණ්ඩුවේ මැති ඇමතිලා නොවෙයි.. ඔබලා කරන්නේ පත්තරයක කියවපු දෙයක් තලු මර මර නැවත කියනවා මිස සොයා බලා කතා කරනවා නොවෙයි. අඩුවශයෙන් හිතන්න කබ්රාල් කරපු දේවල් ඔප්පු කරන්න ඉස්සෙල්ලාම බෙරිහන් දෙන්නේ රවී. නමුත් එයා කිසිවක් කියන්නේ නැහැනේ. ගිය ආණ්ඩුව බිලියන 4000 වංචා කලා කියන්නේ බිලියනය ගැන දැනගෙනද?. මොනවද මේ කතා හලෝ? 5හේ ශිෂ්‍යත්වය සමත් ළමයෙක් ඔයිට වඩා ඔය ගැන දන්නවා ඇති.

:       0       0

Bamunuarachchi Sunday, 28 January 2018 02:13 PM

කබ්රාල් කවුද අගමැතිවරයා ගැන කතා කරන්න...? ඔබ කව්ද කබ්රාල් ගැන කතා කරන්න? ඒ කාලේ රටේ ආර්ථිකය මෙහෙයව්වේ කබ්රාල්, රනිල් නොවෙයි. රනිල් ආර්ථිකය මෙහෙයවන්නේ ගිහිල්ල රටට කෙලවපු හැටි ඔබලාට පෙනෙනුනේ නැති වුණාට රටේ බොහෝදෙනාට මෙන්ම විදේශිකයින්ටත් පෙණුනා. ඒ නිසානේ විදේශිකයෝ සුරැකුම්පත් ආපසු ගත්තේ. ඒ නිසා ඩොලරය තවත් ඉහල ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site