X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි

(මුදිතා දයානන්ද)

විශ්වාසභංගය අගමැතිට අවාසිදායක කියලා දැනගත්ත අගමැති වටේ හිටපු මැති ඇමතිවරු දැන් ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ එළියට පනින්න සුදානමින් ඉන්නවා යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ (25) පැවසීය.

මුසම්මිල් මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමිනි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු මුසම්මිල් මහතා මෙසේද පැවසීය. 

දැන් විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සතියක් වත් ගියේ නැහැ, අගමැති වටේ හිටපු කට්ටිය දැන් එළියට පනින්න සූදානම් වෙලා ඉන්නවා. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ අගමැති ළග ඉන්න අය එක එක්කෙනා එළියට එනවා. මේක අගමැතිට එතරම් හිතකර නැති බව ඒ අය තේරුම් අරන් තිබෙනවා.

බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩියි. විශ්වාසභංගය නැකතට බාර දුන්නාට පස්සේ සුභ නිමිති පේන්න පටන් අරන්. ආණ්ඩුව තුළ ඉඳගෙනම මහැබංකු සිදුවිම ගැන විවේචන කරපු, අදහස් ප්‍රකාශ කරපු අයට, අදහස් පළ නොකළත් වැරදියි කියලා හිතෙන් කියා ගත්තු අයට තමන්ගේ සුජාතභාවය ඔප්පු කරන්න ඕන හතරවැනිදාට අවස්ථාව උදා වෙනවා. නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් වික්‍රමසිංහ අගමැතිවරයා අසාර්ථක විම සම්බන්ධයෙන් මහනුවර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

තමන් කියපු දේ හරියට කරනවාද නැද්ද කියලා තීරණය කරන, සල්ලි මලුවලට තමන්ගේ අදහස් වෙනස් කරගන්නවාද නැද්ද කියලා තිරණය කරන දවස අප්‍රේල් 4. මුලු රටේම විශ්වාසය භංග වෙලා තිබෙන වෙලාවක තමන් එතැන ඉන්නවාද නැද්ද කියලා මහජන නියෝජිතයන්ට පෙන්වන්න තිබෙන අවස්ථාව තමයි අප්‍රේල් 04 එළැඹෙන්නේ.සල්ලි මළු සමග කෙළින් හිටගන්න අයට මේ විශ්වාසභංගයට පක්ෂ වෙන්න බැහැ.

ජීනිවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා ක්‍රියා කලාපය ඉතාමත් ශෝචනීයයි. මානව හිමිකම් කොමිසම සැලසුම් සකස් කර තිබෙන්නේ අපේ රටට තොණ්ඩුව දැමීමටයි. 2009 මැයි 19 වැනිදා යුද්ධයෙන් ජයග්‍රහණය කරපු වෙලාවේ පරාජයට පත්වුණ ශ්‍රී ලංකාව යුධමය වශයෙන් පරාජයට පත්කර ඊළම දිනාගැනිමේ සටන දේශපාලන පෙරමුණේ මානව හිමිකම් හරහා එය සාර්ථක කරගැනීමටයි උත්සාහ කරන්නේ. 

දරුස්මාන් වාර්තාව කියනවා ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරවලින් උතුරේ සිවිල් වැසියන් හතළිස්දාහක් ඝාතනයට ලක්වුණා කියලා. ඒ හරහා තමයි මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රීයාකාරිත්වය එළියට එන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මෙයට පිළිතුරු දීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමක් පත් කරලා එහි යෝජනා වලට රුසියාව චීනය ඇතුලු අනෙකුතක් රටවල සහයෝගය ලබාගැනිමේ ක්‍රියාවලියක් ආරම්භ කළා.  අවාසනාවකට මංගල සමරවීර මහතා විදේශ ඇමති ලෙස සිටියදි දරුස්මාන් වාර්තාව අනුව අපේ රටට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුණු එක් යෝජනාවකට සම අනුග්‍රහය ලබාදුන්නා. එයින් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයකට පාර කැපුවා. 

චීනය, රුසියාව වැනි රටවල් ගණනාවක් අපේ රටට එරෙහිව ගෙනා යෝජනාවලට විරුද්ධව ඡන්දය භෘවිතා කිරීමට සුදානම්ව සිටියා. ඒත් අපේ විfදු්ශ ඇමතිවරයා කටයුතු කළ ආකාරය අනුව ඒ රටවලට ඒි තීන්දුව ගන්න බැරි වුණා. අපි අපි විසින්ම බෙල්ලට තොන්ඩුව දමාගත්තා. ඒ නිසා අපි වෙන කිසිවෙක් කෙසේද උදව් කරන්නේ? 

ජාත්‍යන්තර පරික්ෂණයේ කොටස් හතරක් තිබෙනවා. පළමුව කාරණෘව තමයි වගවිම, ප්‍රතිකර්මය, සත්‍යයය සෙවීම, නැවත සිද්ධිදාමයන් ඇති වීම වැලැක්විම. ආණ්ඩුවය මේ සියල්ල අද ඉටු කරමින් යනවා. මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා භාරගන්නවා සියල්ල ඉටු කරන බවට. දැනට කොන්දේසි රැසක් සපුරා තිබෙනවා වගේම ඉදිරියේදි තවත් බොහෝ දේ ඉටුකරන බවට.

මේ යෝජනා එන්නේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩ කරපු බවට පවසමින්. අපි ඔවුන් කරන යෝජනාවලට එකග විමෙන් අපත් ඒ චෝදනා පිළිගෙන තිබෙනවා. මේ වන විටත් අතුරුදන්වූවන්ගේ ප්‍රඥප්තිය අප සම්මත කරලා අවසන්. ඒ වගේම අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්ද අපි ස්ථාපිත කර අවසන්. මේ කාර්යාලය හරහා සාක්සි සපයා ගන්නේ සාක්කි පනතටත් එරෙහිව යමිනුයි. මෙමගින් බොරු සාක්ෂි සකස් කිරිමට පවා ඉඩ කඩ විවර වෙනවා. ඒ වගේම මෙහිදි වරදකරුවන් වන අයට මෙරටදි නොව වෙනත් රටකදී වුවද නඩු පැවරිය හැකියි.

ආණ්ඩුව ශ්‍රී ලංකා හමුදාවට තිබු ගෞරවය නැති කරලා බිංදුවට බස්සනවා. ආරක්ෂක හමුදාව මානසිකත්වය බිංදුවට කඩා වට්ටනවා. ඉදිරියේදි සත්‍යය සෙවීමේ පනතකුත් ගේන බව කියනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ මේ රට සම්පූර්නයෙන්ම මානව හිමිකම් උගුලක සිරකිරිමටයි. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ කොටි සාමාජිකයන්ට දෙමළ ජනතාවට දැනුණ පීඩාව මොකක්ද කියලා පෙන්වන්නයි මානව හිමිකම් කොමිසමට උවශ්‍ය වී තිබෙනවා දෙමළ ජන සමාජය මානව හිමිකම් අහිමිවුණ ජන සමාජයක් බව පෙන්වීමට.

ඒක ඔප්පු කරගන්න හැකි වුණොත් යුදෙව්වන්ට ඊශ්‍රෘයලය ලැබුණා වගේ තමන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක ලබාගැනීමට ජාත්‍යන්තරය හමුවේ ඉල්ලා සිටීමේ අවස්ථාව දෙමළ ජනතාවට ලැබෙනවා. ආණ්ඩුව පූර්ණ සහයෝගය ලබාදෙන්නේ එවැනි අරමුණක් ජයග්‍රහණය කරවිමටයි.

 



අදහස් (2)

අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි

Chandra Monday, 26 March 2018 08:01 AM

ඔබටත් ඕනෑ තරම් පාස්පෝට් ඇති නේද? කොච්චර නැව් ගිලුණත් තව නැවකට පැනගන්න.

:       0       104

V.warnakulasuriya Monday, 26 March 2018 09:46 PM

අවු. 70 ක් තිස්සේ නැව් වලින් එහාට මෙහාට පනින මීයන් ගැන අපි දනිමු. ඒ අනුව දේශපාලනයේ ඉන්න බහුතරය මීයන්ය. රට කාලා තියෙන්නෙත් මේ මීයන්ය. මේ මී වසංගතය තුරන් කර ගැනීමට ජනතාවද කැමති නැත. කකුල් හතරක් ඇති මීයන් නැවෙන් පනින්නේ ජීවිත බේරා ගැනීමටය. මේ කියන සත්ව වර්ගය පනින්නේ කෑම ඇති තැන්වලටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site