X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අතුරුදන් කිරීම්වලින් ඔක්කොම රකින පනත ඇස් වසා සම්මත කරගන්න යනවා

(විනීතා එම්. ගමගේ)

‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ද ඇස් වසා සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරතැයි’’

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පෙරේදා (21) පැවසීය.

යුද බියෙන් මරණ බියෙන් රට ගලවා ගෙන මුළුමහත් ලාංකේය ජාතියට සැනසීම ලබාදුන් රණවිරුවන් වැනසීමට ලක්වන කාලවකවානුවක් මේ පනත සම්මත කර ගත්තොත් උදා වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.

දෙමළ බෙදුම්වාදීන්ගේ සහ මේ රට තම කොලනියක් බවට පත්කර ගැනීමට බලා සිටින බලවත් රටවල උවමනාව මත මේ රූකඩ හවුල් ආණ්ඩුව දැනට සම්මත කරගෙන ඇති ‘‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’’ සහ ඉදිරියේ දී සම්මතර කර ගැනීමට නියමිත ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’’ මගින් යුද ජයග‍්‍රහණය ලබා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් වැනසීම සිදු වෙනවා.

‘‘2015 ජනවාරි 8 වැනිදා සිට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ලාංකේය ජාතිය මරණ බියෙන් ගලවාගෙන සැනසීම උදාකර දුන් රණවිරුවන් වැනසීමට ලක් කිරීමටයි. රණවිරුවන් ජාතියට එවැනි විජයග‍්‍රහණයක් ලබා දී වසර අටක් සම්පූර්ණ වන මේ මොහොතේ ද ඔවුන්ට එරෙහිව භයානක උගුලක් ඇටවීමට මේ අය සූදානම් වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකා රජයේ ද සම අනුග‍්‍රාහකත්වය සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මතකරගත් 2015 30/1 යෝජනාවලියේ තිබූ එක් නිර්දේශයක් තමයි ශ‍්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට නීතියක් හැදීම. ඒ අනුව තමයි මේ රූකඩ ආණ්ඩුව තම බහුතර බලය යොදා ගනිමින් ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත්’ සම්මතරකර ගත්තේ.

එම පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් අවස්ථාවේ රටට හොරෙන් ඔවුන් රණවිරුවන් දංගෙඩියට යවන තවත් උගුලක් අටවනු ලැබුවා. ඒ තමයි, ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට’’ කැබිනට් අනුමැතිය ලබාදීම. සාමාන්‍ය සම්ප‍්‍රදාය තමයි මෙවැනි බලවත් ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම.

සිරිසේන - වික‍්‍රමසිංහ හවුල් ආණ්ඩුව මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුමැතිය ලබා දී එය ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගනු ලැබුවා. එදිනම කැබිනට් අනුමැතිය ලැබුණු ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත’ පසුව පාර්ලිමේන්තුවේ දී සම්මත වූවා. ඒ හරහා සාක්ෂි ආඥා පනත ද නොසලකා කටයුතු කළ හැකි අතුරුදන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම කැබිනට් අනුමැතිය ලැබුණු ‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ ශ‍්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වූ පනත. සම්මතකර ගැනීම පිණිස 2017 මාර්තු 7 වැනි දින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එතැනදීත් මේ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය සිදු කළේ ‘කොලේ වහලා ගැහීමක්’.

මේ පනත් කෙටුම්පත පළමුවර කියවීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ ‘ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ද’ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් මේ හොර ආණ්ඩුව එය ලබා දීම සිදු කළේ නැහැ.

‘මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මේ රටේ ස්වෛරීභාවයට, පුරවැසියන්ට, රණවිරුවන්ට බලපාන්නේ කෙසේද?’ කියා අප විමසා බැලිය යුතුව තිබෙනවා. නමුත් ‘ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ’ පිටපත් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඇස්වලට වැලි ගහලයි මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට උත්සාහ ගන්නේ.

මම ඉකුත් දා කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා ‘ජාතියම අනතුරේ හෙළන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට ගෙන ආ මෙම පනත් කෙටුම්පත සමඟ අදාළ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත් මන්ත‍්‍රීවරුන්ට මෙතෙක් ලබා දී නැහැ. ඒවා ලබා දෙන්න’ කියා. කතානායකවරයාත් ඒ බව මා දැනුම්වත් කරන තෙක් දැන සිටියේ නැහැ.

‘මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත කාටත් හොරෙන් සම්මත කරන්න හදන්නේ ඇයි?’ කියා අපි විමසා බැලිය යුතුයි. පළමුව කිව යුතුයි ‘මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් යුද ජයග‍්‍රහණයට මුල් වූ සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් සියලූ දෙනා බරපතළ අනතුරකට මුහුණ දෙනවා’. අතුරුදන් වීමකට චෝදනා එල්ල වී ඇති රණවිරුවකුට එරෙහිව මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය බලාත්මක කර ඇති රටක යම් තැනැත්තකුට එරට අධිකරණයක නඩු පැවරීමට මේ නව නීතියෙන් (පනතින්) අවස්ථාව ලැබෙනවා.

උදාහරණයක් ලෙස ප‍්‍රදීප් එක්නැලිගොඩ නම් වූ මාධ්‍යවේදියා අතුරුදහන් කළ බවට අභූත චෝදනා එල්ල කළ රණවිරුවන්ට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයකුට ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු යුරෝපයේ අධිකරණයක නඩු පැවරීමට මේ නව නීතියෙන් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ නඩු පැවරූ රණවිරුවා තම රටට භාරදෙන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමේ අවකාශය ද එම නඩුව විභාග වන අධිකරණය සතු රටට ලැබෙනවා.

ඒ අනුව පැහැදිලියි, මේ රටේ නඩු අහලා රණවිරුවන් දංගෙඩියට දක්කන්න බැරිනම් පිටරට අධිකරණයකට කුදලාගෙන ගිහිල්ලා නඩු අහලා ඔවුන් දංගෙඩියට දක්කන්නයි මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත ගෙනවිත් තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි, ‘යම් අතුරුදහන් කිරීමකට නියෝග නිකුත් කිරීම’ යන චෝදනාව යටතේ මේ පනතින් සේනාධිනායකයා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ ඉහළ නිලයන් වගඋත්තරකරුවන් කිරීමේ ඉඩකඩ ද තිබෙනවා. ඒ නිසා මේ නව නීතිය පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට ඉඩ දිය යුතු නැහැ.

ඊට එරෙහිව ඡන්දය දෙන ලෙස තමන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මහජන නියෝජිතයන්ගෙන්, මහජනතාව බලකර ඉල්ලා සිටිය යුතුයි.

ඒ වගේම අපි සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයෙන් ද ඉල්ලා සිටින්නේ ‘මේ මහ දවල් සිදු කරන පාවා දීම වහා නතර කරන’ ලෙසයි.



අදහස් (4)

අතුරුදන් කිරීම්වලින් ඔක්කොම රකින පනත ඇස් වසා සම්මත කරගන්න යනවා

යමුණා Wednesday, 24 May 2017 06:31 PM

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතේ 27.3 වගන්තිය අනුව දැනටමත් ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’’ නීතිගත වෙලා ඉවරයි. මේ අයට අස්සය ගියහම ඉස්තාලය වහන්නයි කලු සුද්දො උගන්වල තියෙන්නේ....

:       1       2

ඩේවිඩ් Thursday, 01 June 2017 04:58 AM

බලහත්කාරයෙන් අතුරුදන් වෙන්න කැමති මිනිස්සු ඉන්නවා නම් ඕකට විරුද්ධ වෙයි.

:       1       0

jantha anura Friday, 02 June 2017 10:38 PM

ඩේවිඩ් මේ පනත ඉදිරියට පමණක් ක්‍රියාත්මක උනොත් ඔබ රැකෙ නව එහෙමෙ නැතිව අතීතයට බලපනවනම් ඔබ ඔතන නැහැ අඩි 4 පොලව යට හෝ ආපදාවට ලක්වෙලා ඉඳගැනීමට බැහැ පස්චාත් බාගයත් නැහැ කොටි බෝම්බවලට අහු වෙලා

:       0       0

C Senevirathne Monday, 05 June 2017 01:34 AM

මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මේ රටේ ස්වෛරීභාවයට, පුරවැසියන්ට, රණවිරුවන්ට බලපාන්නේ කෙසේද? ස්වෛරී භාවයට අවුලක් නැත. පුර පුරවැසියන් රජයේ තර්ජන වලින් ආරක්ෂා වේ. රණ විරුවන් නීතියට පිටින් වැඩ කළා නම් වග කියන්න වෙයි. ලක්ෂ ගණනක් හමුදා සෙබළුන්ගෙන් කෝටි ගණනක් පුරවැසියන් ආරක්ෂා වේ. ඉතින් කාටද ප්‍රශ්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site