X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අද එක එකාට බැණ ගන්නවා : එක එකාට විශ්වාසභංග ගේනවා

(දඹුල්ල -  කාංචන කුමාර ආරියදාස)

අද රටේ තත්ත්වය ජනතාව දන්නවා. එක එකාට බැණ ගන්නවා. එක එකාට විශ්වාසභංග ගේනවා. අරූ හොරා, මූ හොරා කියනවා. ඉස්සර කිව්වේ මම හොරා කියලා. දැන් බලනකොට මුන් ඔක්කොම හොරු කියලා උන්ම කියනවා. යැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා දඹුල්ලේදී පැවැසීය.

හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වූ ටී.බී. තෙන්නකෝන් මහතා සිහි කරමින් සංවිධානය කර තිබූ දානමය පින්කමකට එක්වෙමින් එම ස්ථානයට එක්ව සිටි විශාල ජනතාව අමතා රාජපක්ෂ මහතා මේ බව කීවේය.

දඹුල්ල ඉනාමලූව ප‍්‍රදේශයේ සිට යතුරුපැදි හා වාහන පෙළපාළියකින් හිටපු ජනාධිපතිවරයා කැඳවාගෙන ඒම සංවිධානය කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘‘අපි ජනවාරි අට වැනිදා පරාජය වුණේ. අපි නොවේ රටයි. පැරදුණාට පස්සේ ඒ කාලය තුළදී අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පහළම තත්ත්වයට වැටිලා තියෙන්නෙ මේ අනුවණ ක‍්‍රියා නිසා.

ශක්තිමත් අය පක්ෂය හදපු උදවිය පැත්තකට දාලා කටයුතු කිරීම හොඳ කාරියක් නොවේ.

අද තමුන්නාන්සේලා දන්නවා රටේ තියෙන තත්ත්වය. එක එකාට බැණ ගන්නවා. එක එකාට විශ්වාසභංග ගේනවා. අරූ හොරා, මූ හොරා කියනවා. ඉස්සර මට කිව්වේ මම හොරයි කියලා. දැන් බලනකොට මුන් ඔක්කොම හොරු කියලා උන්ම කියනවා. රටේ සම්පත් ටික විකුණනවා. සම්පත් හදන්න තියෙන අමාරුව අපි දන්නවා.

අපි වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග හැදුවා. අද ඒවා ඔක්කොම විකුණලා දානවා. වරාය චීනයට, ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණනවා. හැබැයි කිව්වේ මේවා සතපහක් වටින්නේ නැහැ කියලා. වටින්නේ නැති එක කෝටි ගණන්වලට විකුණනවා. දැන් වෙනම කොමිෂන් දාන්න  ඕනෑ මොකක්ද ලැබුණු ලාභය කියලා සොයන්න. කාටද ලැබුණේ කියලා රටට ද පුද්ගලයොන්ට ද කියලා.

නුවර නීතිඥ සංගමය පිහිටුවන්න ගිය වෙලාවේ නීතිඥ මහත්තයෙක් මට කිව්වා උසාවි ඉදිරිපිට මල් මාලා කඩයක් දාන්න  ඕනෑ කියලා. මංකොල්ලකරුවන් හොරුන් එළියට බහිනකොට මල්මාලා දාලා පිළිගන්න. ඒ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා.

මෙයාලා මම ගත්තට වඩා ණය අරගෙන තියෙනවා. හැබැයි කරපු දෙයක් නැහැ. රටේ ජනතාවට බර පටවන්නෙ ණය හින්දා නොවෙයි මහා විශාල බැඳුම්කර මංකොල්ලය නිසා. ඒ සිදු වූ අලාබය තමයි තමුන්නාන්සේලාගේ ලූනු බිකෙන් අය කරන්නේ. රාජිතට ඒක ලූනු බිකක්.

දැන් කොහොමද සමෘද්ධිය ලැබෙනවාද? ඇඹිලිපිටියේ ගිහින් කියනවා කපන්නේ නැතිලූ. මෙහේ ලැයිස්තු දාලා කපනවා. ලැයිස්තුව අලවලා තියෙනවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. අහිංසක මිනිසුන්ගේ සමෘද්ධියත් කපලා. අපි හිතුවා එදා ඇඹිලිපිටියේදී කියනකොට නවතීවි කියලා. නැහැ. කැපිල්ල නැවතිලා නැහැ. ගොවියා පිළිබඳව අහිංසක මිනිසා පිළිබඳව අවබෝධයක් නැතුව මේ රටේ වැඩ කරගෙන යන්න පුළුවන්කමක් නැහැ.

අපි හිතුවා ගොවි පුතෙක් රජ කරනකොට ගොවි පුතෙක් කෘෂිකර්ම ඇමැති වෙනකොට මේ රටේ ගොවි ජනතාවට පුදුම දෙයක් වෙයි කියලා. ආපු ගමන් මොකද කළේ ලක්ෂ ගණන් කුඹුරු වැඩ කිරීම තහනම් කළා. වී වැඩියි කියලා පොහොර සහනාධාරය කැපුවා. අද මොකද වෙලා තියෙන්නේ. කන්න නැහැ.

නෙලූම් අල කනවා අනුරාධපුරේ ජනතාව. මේ තත්ත්වයට රට පත් කළේ කවුද? අපේ ප‍්‍රතිපත්ති පාවාදීලා රට විකුණන තැනින් වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියට අපි කියන්නේ මේ පාප කර්මයෙන් මිදෙන්න වහාම ඉල්ලා අස්වෙලා ඒකාබද්ධ විපක්ෂයත් සමග එක්වෙලා වැඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධායක උනත් නූනත් එතුමා හැමදාම අපේ සංවිධායක විතරක් නොවෙයි අපි හැමදාම ආදරය කරන නායකයෙක්.’’

හිටපු පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා - ‘‘මගේ අත්තා 1978 ජයග‍්‍රහණයට පස්සේ හැමදාම පැරදුණු දඹුල්ල දිනවලා දඹුල්ල දියුණු කළාට පස්සේ මගේ අප්පච්චිගේ හදවත ආත්මය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් විසින් උදුරා ගනු ලැබුවා.

එතුමා දඹුල්ලේ ආසන සංවිධායක ධුරය භාරගත් දින සිට පණ වගේ ආසනයත් පක්ෂයත් රැක්කා. අපේ තනතුරු අපෙන් උදුරා ගන්න පුළුවන්. හැබැයි මේ රංගිරි දඹුල්ලේ ජනතාව එක්ක තියෙන බැඳීම ආදරය භක්තිය හැඟීම මොකාටවත් උදුරාගන්න බැහැ.’’

මේ අවස්ථාවට ජී.එල්. පීරිස්, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, ලොහාන් රත්වත්තේ යන මහත්වරු ද එක් වී සිටියහ.



අදහස් (2)

අද එක එකාට බැණ ගන්නවා : එක එකාට විශ්වාසභංග ගේනවා

Shan Tuesday, 15 August 2017 06:45 AM

ඔහෙට තිබුනට අපිට කෙටි කාලීන අමතක වීමේ ලෙඩේ නෑ. අපි මැරිලා ඉපදුනෙත් නෑ.

:       171       1

sathyayaa Sunday, 27 August 2017 10:54 PM

ඔබට දිනපතා වැටෙන මල් මාලා වලින් ඒ බව හොඳටම සනාථ වෙනවා. හොරකම උනත් දක්ෂ අන්දමින් හැමෝටමත් කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site