අනීෂා මානගේ
ජනාධිපතිට වඩා රනිල් වික්‍රමසිංහ මහතා බාල්දු වීමටත් ඔහුට වඩා රුපියල බාල්දු වීමටත් මේ තිදෙනාටම වඩා පොලිස්පති බාල්දු වීමත් සිදුවන බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අද(13) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
අද බාල්දු වීමේ තරඟයක් තියෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වඩා බලනවා රනිල් වික්‍රමසිංහ මහත්තය බාල්දු වෙන්න. එයාට වඩා බලනවා සිරිසේන මහත්තය බාල්දු වෙන්න. මේ දෙන්නටම වඩා බාල්දු වෙනවා රුපියල. තුන් දෙනා තුන් පැත්තේ ඉදන් බාල්දු වෙනවා. පොලිස්පති බැලුවා මේක හරියන්නේ නැහැ මාත් ගේමට සෙට් වෙන්න ඕන කියලා. එයා පොලිසියම බාල්දු කලා. රුපියලට එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා. මෛත්‍රීපාල මහත්තයට එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා. වික්‍රමසිංහ මහත්තයටත් එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා.
දැන් පොලිසිය මොකක්ද කරන්නේ. එක පැත්තකින් කොන්ත්‍රාත්තුව ගන්නවා ජනාධිපතිවරයා මරන්න.
අගුණකොළපැලැස්සේ රැස්වීමට මම ගියා කියලා මාත් එක්ක ගිය කෙනෙක් වතුර බෝතලයක් මම අරන් ගියා කියලා ඒ වතුර බෝතලේ ඇතුලේ තුවක්කුවක් තිබුණා, මෛත්‍රීපාල මහත්තය මරන්න තමයි නාමල් මහත්තය ආවේ කියල ඒ මනුස්සයව අරන් ගිහින් හිරේ දැම්මා. මාව පැය අටක් ප්‍රශ්න කෙරෙව්වා සීඅයිඩී එකේ තියාගෙන.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අද බාල්දු වීමේ තරගයක් තියෙනවා - පා.ම.නාමල් රාජපක්ෂ
sameera Saturday, 13 October 2018 01:35 PM
ජනබලය කොළඹ ගිහින් ආණ්ඩුව අරන් ආපු එක කොහොමද?
alfaThursday, 18 October 2018 08:00 AM
පච වෙන්නම බාල්දු උනා නේද.?
V.warnakulasuriyaFriday, 19 October 2018 02:30 PM
තාම පොඩි එකානේ. රුපියල වගේම බාල්දු කරන්න එපා.
Saththaya Saturday, 13 October 2018 02:35 PM
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මුළු රටම බාල්දු කලේ කව්ද දන්නේ නැහැ...
Chanak Los angeles Saturday, 13 October 2018 04:47 PM
රටේම වටිනා ඉඩකඩම් ගන්න මල්ටි මිලියන් ව්‍යාපාර අරඹන්න ප්‍රාග්ධනය හොයාගත්තේ කොහොමද කියලා අහන ප්‍රශ්නයට පිළිතුරු කෝ?
WELIWERIYE DIL Sunday, 14 October 2018 04:46 AM
බාල්දු වෙලා ගොඩක් කල් ..............
ලක්ෂ්මන් Sunday, 14 October 2018 11:35 AM
මන්ත්‍රීතුමා රුපියල බාල්දුවෙන්නේ අපේ රටට ආදායම් අඩුනිසා... රටතුල වවාගන්න පුළුවන් මිරිස්, ලූනු, අල, මුංඇට, කව්පි, පොල්, එලවලු වැනිදේ පිටරටින් ගෙන්වමින් අපනයන ඇති නොකර බාල්දුව නැතිකරන්න බැහැ. ඔබත් දැන් වසර 5කට වඩා දියවන්නාවේ කියෙව්වනේ... ඔබ ආනයනය කරගත් දේවලට සරිලන සේ අපනයනයට නිෂ්පාදනය කලේ මොනවාද?
senevi Sunday, 21 October 2018 01:53 AM
මන්ත්‍රීතුමා ඔබලාගේ කරුමවල ප්‍රතිඵල සහ මෙතුමන්ගේ කෙරුම්වල ප්‍රතිඵල තමයි. ඉදිරියටත් මේ කෙරුවාව හැර වෙන දෙයක් ඔබ තුමන්ලට නැහැ. මොකද ඔබලාගේ කීමට නිවට නියාලුව අවනත ජනතාවක් ඉන්න බව දන්න නිසා
lalith Monday, 29 October 2018 01:55 PM
ඔයා නම් මේ වෙලාවේ එලියට එන එක එතරම් සුදුසු නැහැ.
neil Sunday, 04 November 2018 11:48 AM
ඒ' ඔක්කොටම වඩා ඔබේ තාත්තා නම් බාල්දු වීමත් සිදුවන බව පේනවා..