(සිටිනාමළුව - අනීෂා මානගේ, රන්න - චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල - ආරියදාස කොඩිතුවක්කු)
“මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපොළ විකුණනවාට එරෙහිවන්න ජනතාවට අයිතියක් තියෙනවා. ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ කාලෙයේදීවත් විරෝධතා කළාට මන්ත්‍රීවරු අත්අඩංගුවට ගත්තේ නැහැ. අනාගත පරපුර සතු මේ සම්පත්වලට අත තියන්න එපා කියන පණිවිඩය මේ ආණ්ඩුවට දෙනවා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ ඊයේ (15) තංගල්ල බන්ධනාගාරය අසලදී මාධ්‍ය අමතමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියත් ඔවුන්ගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාත් පැමිණියහ. ඔවුන් මෙලෙස තංගල්ල බන්ධනාගාරයට පැමිණියේ පසුගියදා හම්බන්තොටදී පැවැති විරෝධතාවයෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඞ් භාරයට පත් වූ මන්ත්‍රීවරුන් ඇතුර්‍ළු පිරිසගේ සුවදුක් විමසීමටය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.
“තරුණ මන්ත්‍රීවරු හා වයසක අම්මලා හා පොඩි දරු පැටව් රිමාන්ඞ් කරලා තියෙනවා. සම්පත් විකුණනවාට විරුද්ධව පෙළපාළි ගිහිල්ලා. විරෝධය පාලා. මොනව ද මේ විකුණන්න හදන්නේ? වරාය, ගුවන්තොටුපොළ. මහජනයාට අයිතියක් තියෙනවා මේවාට විරුද්ධව නැගී හිටින්න. ජේ.ආර්.ගේ කාලේ ප්‍රේමදාසගේ කාලේ වගේ කාලවල්වලදී මන්ත්‍රීවරු විරෝධතා පැවැත්වූවා කියලා අත්අඩංගුවට ගත්තේ නැහැ. තමන්ගේ රටේ සම්පත් ටික විකුණනවාට විරුද්ධ වෙන එකට රටේ හැම පුරවැසියකුටම අයිතියක් තියෙනවා. ඒ අය අද රිමාන්ඞ් වෙලා තියෙනවා.
හෙට නඩුව තියෙනවා. මම හිතනවා සාධාරණයක් වෙයි කියලා. ගුවන්තොටුපොළ කිව්වම මුළු ස්පේස් එකම පාලනය කරන්නේ ගුවන්තොටුපොළෙන් අවසානයේදී. ඒක ලොකු ගැටලුවක් වෙනවා අනාගතයේදී. වරාය හදලා චීනයට දුන්නම සමහරු කියනවා චීනෙ උඩින් යන්න බැහැ කියල. ඒක බොරුවක්. ගුවන්තොටුපොළේ අවසරයකින් තොරව එහාට මෙහාට යන්න බැහැ. පොළව විතරක් නෙවෙයි, අහසත් දීලා මේ ආණ්ඩුව.
උතුරේ අයට නීතියක් නැහැනේ. උතුරේ නීතිය උතුරට ඕන විදියට. මෙයාලා ඡන්ද ගන්න බලාගෙන ඕනම දෙයක් කරන්න එයාලට නිදහස දීලා තියෙනවා. මෙහෙට තමයි නිදහස නැත්තේ. මේවා සහගහන අපරාධ. මුස්ලිම් ළමයි හය දෙනෙක් ඉන්නවා. එක ළමයෙක් ඉන්නවා අවුරුදු දාහතයි. ඉස්කෝලේ යන ළමයි තුන් දෙනෙක් ඉන්නවා. අම්ම කෙනෙක් ළමයෙකුට කෑම අරගෙන එනකොට අත්අඩංගුවට අරගෙන. මේ වගේ ඒවයි සිදුවෙලා තියෙන්නේ. සමහරු වැඩට ගිහිල්ලා ගමේ යන්න යනකොට අත්අඩංගුවට අරගෙන. මේකයි තියෙන ප්‍රශ්නය.”
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනාගත පරපුර සතු සම්පත්වලට අත තියන්න එපා
Shan Monday, 16 October 2017 06:17 AM
ඇයි, මන්ත්‍රී කියන්නේ දුලබ සතෙක්ද?
Rohana Monday, 16 October 2017 08:31 AM
දැන් ඉන්නේ මන්ත්‍රීවරු ද? පට්ට හොරු.. කීදෙනෙක් ඉන්නවද? දූෂිත වංචාවලට චෝදනා ලැබූ අය....
rohana Monday, 16 October 2017 09:37 AM
මෙයා කතා කරන්නේ හරියට ස්වාසිලන්තේ ඉඳලා ආපු කෙනෙක් වගෙයි. එයාගේ කාලේ කොහොමද? මහත්තයෝ දන්නේ නැති නිසයි අහන්නේ අර මාගම්පුර පොර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් කාගේ එකක්ද? මේ රටේ මිනිස්සු ඒක ගැන දන්නේ නැහැ. ටිකක් කියලා දුන්නොත් හොඳයි නේද?
sam jay Monday, 16 October 2017 02:52 PM
ලොක්කෝ එ කලේ දැන් ඉවරයි. මොකද මන්ත්‍රී කියන්නේ ජනතා ඡන්දෙන් පත්වෙච්ච අය. නැතුව අලියගෙන් ආපු අය නෙමෙයි. කවුරු වරදක් කලත් දඬුවම එකයි. ඔබ වගේ අය තමයි තමන්ට ඕනෑ හැටියට තමන්ගේ වාසියට නීති හදාගෙන රට අස්ථාවර කලේ. වැරදි කලානම් කට වහගෙන දඬුවම් විඳින්න ලෑස්ති වෙන්න.
chathuri Monday, 16 October 2017 05:25 PM
අප්පච්චි රජකම් කරනකොට රජයේ දේපල පවුලේ සැම බෙදාගෙන කනකොට.... නොදැක්කා වගේ හිටියා. දැන්ද මතක් වුනේ? අපේ රටේ පොඩි දරුවෝ ඉන්නවා කියලා. බොරුවට අඬන්නේ නැතිව ඉන්න. කාපු විදියට මුළු රටම බදු දෙන්න වෙයි. පවුලේ කට්ටිය හොරෙන් ගත්තු ඉඩම් නඩු වලට උසාවි යනකොට ඇයි එළියට ඇවිත් ලතෝනි දෙන්නේ නැත්තේ? ලැජ්ජයි නේද?
Chanak Los angeles Monday, 16 October 2017 06:43 PM
මොහු කියන දේට කන්දෙන්නේ මොවුන්ගේම සුළු පිරිස පමණයි ...
nimal Tuesday, 17 October 2017 01:35 AM
යකෝ ජේ ආර්. ප්‍රේමදාස වගේ කලේද දැන්, ඒ කාලේ ඔහොම පට්ට හොරු හිටියද?
sathyayaa Wednesday, 25 October 2017 12:49 AM
ඔයිට වඩා හොඳයිනේ කිව්වා නම් නාමල් හා යෝශිතලට අයිතිවෙන්න තියෙන දේවල් වලට අත තියන්න එපා කියල කිව්වා නම්. ඉතින් රටේ අනාගත පරපුර කියන්නේ මේ බේබිලා ටනේ.