X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් නොදී තිබෙන ටිකත් කප්පාදු කරනවා

(විනීතා එම්. ගමගේ)

ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාවට මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ තමන්ගේ වැටුපටත් බදු ගෙවන්නට සිදුවූ සමයක යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදෙනවා පමණක් නොව, අයිතිවාසිකම් කප්පාදු කරන්නට කටයුතු කරන මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළේ යැයිද හෙතෙම සඳහන් කළේය.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ සිල්වා මහතා මෙසේ ද කීය. 

“ජනතා විමුක්ති පෙරමුණ මෙවරත් දැවැන්ත මැයි දින පෙළපාළියක් සහ රැලියක් සංවිධානය කොට තිබෙනවා. මැයි දිනයේ උරුමය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා. මැයි දිනය වැඩකරන ජනතාවගේ දිනයක්. එය ලෝකය පුරා වැඩකරන ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කරන දිනයක්. එහි අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාවටත්, වමේ පක්ෂවලටත් පමණයි. 

අපේ රටේ ධනපති පංතියේ පක්ෂත් මැයි දිනය සමරනවා. ඔවුන් මැයි දිනයේ අර්ථය විකෘති කරනවා. රතු පාට මැයි දිනය වෙනුවට කොළ පාට, නිල් පාට, මැයි දින සමරනවා. කම්කරු පංතියේ අයිතිවාසිකම් කප්පාදු කළ කම්කරු පංතිය මර්දනය කළ, දේශපාලන පක්ෂත් මැයි දිනය බජව් දිනයක් බවට පත්කර ගෙන. 1980 සමස්ත මහා වැඩ වර්ජනය මර්දනය කළ වැඩකරන ජනතාව රැකියාවලින් එළියට ඇදල දාපු එජාපයත් මැයි දිනය සමරනවා. ශ්‍රීලනිපය, රාජපක්ෂ කණ්ඩායම මිනිස්සුන්ට බොන්න දීලා මැයි දිනය සමරනවා. 

පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් සේවක අර්ථසාධක අරමුදල් පිල්ලි ගහනවා. පැය අටේ වැඩ දිනය වෙනස් කරන්න නීති ගේනවා. මේවා වැඩකරන ජනතාවගේ අරගල නිසා, පස්සට තල්ලුකරලා තිබෙනවා. 

කම්කරු පංතිය මර්දනය කරන ධනපති පංතියේ එජාපයට, ශ්‍රීලනිපයට රාජපක්ෂලාට නිල්පාටින් කොළපාටින් මැයි දිනය සමරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මිනිස්සුන්ට බොන්න දීලා මැයි දිනයට සෙනඟ ගේනවා. එන අයත් මැයි දිනයේ අර්ථය දන්නේ නැහැ. 

ඇත්තටම මොකක්ද මේ මැයි දිනය? 19වන සියවස අගවන විට කම්කරුවන් විශාල ප්‍රමාණයක් ෆැක්ටරිවල වැඩ කළා. දිනකට පැය 14, පැය 16 වැනි විශාල කාලයක් වැඩකළා. සෞඛ්‍ය පහසුකමක් කිසිදු අයිතිවාසිකමක් තිබුණේ නැහැ. එවැනි කම්කරුවන් පිරිසක් 1886 මැයි 1දා පැය අටේ වැඩ දිනයක් ඉල්ලා ඇමෙරිකාවේ චිකාගෝවල උද්ඝෝෂණයක් කළා. පාලකයන් පොලිසිය ලවා උද්ඝෝෂකයන්ට පහර දීලා මර්දනය කළා. 

පහර දීමට විරෝධය පළකරමින්ම මැයි 4දා නැවත උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණයට නායකත්වය දුන් කම්කරු නායකයන් පිරිසක් අත්අඩංගුවට අරගෙන නඩු කියලා එල්ලලා මැරුවා. මෙම සිද්ධිය පදනම් කර ගනිමින් 1889දී සමාජවාදී පක්ෂවල දෙවැනි ජාත්‍යන්තරයේදී මැයි 1දා වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරන්න තීරණයක් ගත්තා. එනිසා තමයි මැයි 1දා වැඩකරන ජනතාවගේ සහ වමේ පක්ෂවලට අයිති දිනයක් වෙන්නේ. 

මැයි දිනයක රතු කොඩිය භාවිතා කරන්නෙ ඇයි? 1886 මැයි 1 දා හේමාකට් චතුරස්‍රයේ උද්ඝෝෂකයන් රැගෙන ගිය සුදු කොඩි පහරදීමෙන් පසු වැඩකරන ජනතාවගේ රුධිරයෙන් රත් පැහැ ගැන්වුණා. ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ පැහැය රතු බවට පත්වුණේ. ඒ ඉතිහාසය නොදන්නා ධනපති පක්ෂ මැයි දිනය තමන්ගේ පටු දේශපාලන අරමුණුවලට යොදා ගන්නවා. 

අපි ඔවුන්ගෙන් ඉල්ලනවා මැයි දිනය විකෘති කරන්න එපා කියලා. ලංකාවේ මැයි දිනය සැමරීමේ සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. සටන්කාමී, විනයගරුක, අලංකාරවත්, අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන මැයි දිනයක් පවත්වන්නේ ජවිපෙ පමණයි. ඒ අනුව මෙවරත් ජවිපෙ ඉතාම සටන්කාමී අලංකාර මැයි දිනයක් පවත්වනවා. 

මේ වනවිට වැඩකරන ජනතාව දුෂ්කරතාවන් විශාල ප්‍රමාණයකට මුහුණදීලා තිබෙනවා. නව බදු පනත නිසා වැඩකරන ජනතාවට තමන්ගේ වැටුපටත් බදු ගෙවන්න සිදුවෙලා. ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ආණ්ඩුව වැඩකරන ජනතාවගේ මෙන්ම රටේ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා.

දේශීය නිෂ්පාදනය බිඳ වට්ටමින් තිබෙනවා. දේශපාලනය පිරිහිලා තිබෙනවා. රටේ ජනතාවට අයිතිවාසිකම් අහිමිවී තිබෙනවා. සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ පවා ජනතාවට කිසිදු සහනයක් ලබාදෙන්න ආණ්ඩුවට අසමත් වෙලා. රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් උදාවෙලා. තමන්ගේ බල අරමුණු නිසා, රටේ පොදු අරමුණු ආණ්ඩුව අමතක කරලා. ධනපති ආණ්ඩුවල නව ලිබරල් ආර්ථික ක්‍රමය නිසා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙමින් තිබෙනවා.

ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට ජනතාවට වගකීමක් තිබෙනවා. ඒ වගේම දිනාගත යුතු අයිතිවාසිකම් රැසක් තිබෙනවා. අපේ රටේ වැඩකරන ජනතාව පාලක පංතිය බවට පත්විය යුතුයි. වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟා ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, සමානාත්මතාව සුරකින ආණ්ඩුවක් ඕනෑ. ඒ වෙනුවෙන් නව සමාජයක් ගොඩනැඟීමට පෙර ගමන්කරුවන් බවට වැඩකරන ජනතාව පත්විය යුතුයි. මැයි දිනය ඒ වෙනුවෙන් අරගල කරන දිනයක් බවට පත්කර ගත යුතුයි. 

අපි මේ රටේ සියලුම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි දිනය කෙලෙසන ධනපති පක්ෂ පිටුපස යන්න එපා කියලා. දැනටමත් ධනපති පක්ෂ මැයි දින සැමරුමෙන් පල්ලම් බැහැලා. මහින්ද රාජපක්ෂලා කොළඹින් එළියට මැයි දින සැමරුම් අරගෙන ගිහිල්ලා. එක්සත් ජාතික පක්ෂය පෙළපාළියක් නැතුව රැලියක් පමණයි. 

ශ්‍රීලනිපය කරන්නේ මොකක්ද කියලා තවම දන්නේ නැහැ. පක්ෂ ඇතුළේ අර්බුද නිසා, මැයි දිනයක් කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා. තවදුරටත් ඔවුන්ට වැඩකරන ජනතාව රවටන්න බැරි තත්ත්වයක් උදාවෙලා. එය වැඩකරන ජනතාවගේ ජයග්‍රහණයක්. මෙවරත් ඇත්ත අර්ථයෙන් මැයි දිනය සමරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

එනිසා අපි අපේ රටේ සියලුම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි පළවෙනිදා යාපනයේදී මැයි 7වෙනිදා කොළඹදීත් පවත්වන සටන්කාමී, විනයගරුක, අලංකාරවත් ජවිපෙ මැයි දිනයට එක්වෙන්න කියලා. මැයි දිනයේ පාට රතු පාටයි. සංකේතය දෑකැත්තයි මිටියයි. ඇතැම් අය ඡන්ද ලකුණු දාගෙන මැයි දින සැමරුම් විකෘති කරනවා. 
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ශ්‍රීලනිපයේ, එජාපයේ, රාජපක්ෂගේ මැයි දිනවලට යන්න එපා කියලා. වැඩකරන ජනතාවට නායකත්වය දෙන අපිට එහෙම ඉල්ලන්න අයිතියක් තිබෙනවා. මැයි දින සැමරුමට අදාළ සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය නැත්නම් මැයි දින සැමරුමක් නැහැ. වෙසක් උත්සවයට, පොසොන් උත්සවයට, නත්තලට අදාළ සංස්කෘතියක් තිබෙනවා. 

ඒ වගේම මැයි දිනයට අදාළ සංකේත තිබෙනවා. දෑකැත්ත, මිටිය නැතිව ඡන්ද ලකුණු දාගෙන මැයි දිනය සමරන්න පුළුවන් කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි කවදාවත් සීනුව ලකුණින් මැයි දිනය සමරන්නේ නැහැ. අපි මැයි දිනයට යොදා ගන්නේ රතු කොඩියයි. දෑකැත්ත මිටිය සංකේතයයි. එම සංස්කෘතිය නැතිව අපේ රටේ ධනපති පක්ෂ මැයි දිනය දවසට වෙන වෙන විකාර කරනවා. ඒවට මැයි දින සැමරුම් කියන්නේ නැහැ. එනිසා අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා එම විකෘති මැයි දිනවලට යන්න එපා කියලා.  

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වමේ ව්‍යාපාරයක්. මේ රටේ විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. එනිසා, මැයි දිනයේ උරුමය තිබෙන්නේ අපටයි. ජවිපෙ ඇතුළු වමේ ව්‍යාපාරය තමයි, වැඩකරන ජනතාව අයිතිවාසිකමක් බුක්ති විඳිනවා නම් ඒ සියල්ල අරගල කොට දිනා දුන්නේ. ඒ කිසිවක් මේ පාලකයන් නිකම් දුන්න අයිතිවාසිකම් නොවේ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපිට හැකි වුණා. 

ඒවගේම විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6000කට අධික පිරිසකට සේවය ස්ථිරකර දීමට අපිට හැකියාව ලැබුණා. එවැනි අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් අපි දිනාදී තිබෙනවා. නමුත් පාලකයන් වැඩකරන ජනතාව වෙනුවෙන් කරපු දෙයක් ඇත්තේ නැහැ. 

 



අදහස් (1)

ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් නොදී තිබෙන ටිකත් කප්පාදු කරනවා

ධනුෂ්ක Friday, 13 April 2018 01:10 AM

අැත්තෙන්ම දැන් රටට අවශ්‍ය ඔබතුමන්ලාගේ පාලනයක්. එහෙම නැතුව කවදාවත් මේ රට නීති ගරුක විනය ගරුක රටක් කරන්න බෑ. පැවති සෑම පාලනයක්ම රට අාර්ථික වශයෙන් පහලට අැදලා දැම්මා. එ්කට හේතුව ලෙස පැවති යුධමය තත්වයන් කියලා සමහරු කියනවා. හැබැයි යුද්ධ ඉවර වුනායින් පසු අපි තව තවත් පල්ලම් බැස්සා. දැවැන්ත ණය කන්දරාව හා අසාර්ථක ව්‍යාපෘති හමුවේ. අපි දැන් ඉන්නේ විදාරණය වෙන්න අාසන්න ගිනි කන්දක් උඩ. ජනතාවට තාමත් 71,88,89 මානසිකත්වෙයන් ගොඩ එන්න බැරිවෙලා තියනවා. ජනතාව දන්නෑ පාලකයන් රට හැම පැත්තකින්ම එකතැන පල් කරනවනම් එ් පාලකයන්ට කැරලි ගසා හෝ එලවීමට අයිතිය අැති බව. ලෝකේ මෙතෙක් බල හුවමාරු සිදු වෙලා තියෙන්නෙ සන්නද්ධ අරගල වලින්. ඡන්ද වලින් නොවේ.

:       32       275

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site