X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ්ලෑලි කල්ලිය භාරඅරන්

(*** අංජුල මහික වීරරත්න)

සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලැල්ලක් බවට පමණක් පවත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇතැයි ද, මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට පුවතක් ප්‍රචාරය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

සමගි ජනබලවේගයේ පිරිසක් එහෙට යනවාද, එහේ පිරිසක් සමගි ජනබලවේගය වෙතට එනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකි වන අතර, එතෙක් මානසික වින්දනයක් උදෙසා ඔවුන් කරන මේ ව්‍යාජ රඟදැක්වීම කෙරෙහි අනුකම්පා කරන බව ද මද්දුම බණ්ඩාර මහතා කියයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ ද සඳහන් කරයි.

ආණ්ඩුව ජන සතුරා මෙන්ම, පොදු සතුරා  බව ද අප හඳුනාගෙන ඇත. ඒ නිසා මේ ජනතා විරෝධී ආණ්ඩුව කොන්දේසි විරහිතව පරාජය කළ යුතුය.

මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලෑල්ලක් බවට පමණක් පත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

එහි දිගුවක් ලෙස සමගි ජනබලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කොට ඇති බව පෙනේ. මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය, පදනම් විරහිත පුවත් කිහිපයක් සමාජ ජාල තුළත්, ඇතැම් මාධ්‍ය තුළත් පළවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අවම තරමේ ප්‍රවෘත්තියක අන්තර්ගත විය යුතු මූලිකම මූලධර්ම පවා නොසලකා හරිමින් මේ ව්‍යාජ පුවත් පළකොට ඇති අතර, එම ප්‍රවෘත්ති සමගි ජනබලවේගයේ අපි දැඩිව ප්‍රතික්ෂේප කරමු.

ආණ්ඩුවට එරෙහි සටනට පණ පොවනවා වෙනුවට තමන් පත්ව ඇති බංකොළොත් බවෙහි නිරුවත වසා ගන්නට ආණ්ඩුව හා ඩීල් දමමින් කටයුතු කරන මේ පිරිස සමගි ජනබලවේගයට ව්‍යාජ සහ බංකොළොත් පුවත් තුළින් පහර දෙමින් සිටී.
එජාපය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 80ක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින අතර, පාක්ෂිකයන්ගෙන් 99%ක් සිටින්නේ සමගි ජනබලවේගය සමගය.

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහ අද්විතීය නායකයන් පිරිසක් සිටි එක්සත් ජාතික පක්ෂය අද වන විට මේ තරම් බංකොළොත් ව්‍යාජ පුවත්වලින් යැපෙන මට්ටමට පහළට ඇදවැටීම සංවේගයට කරුණකි.

අප්‍රමාණ දූෂණ චෝදනා ද, ආණ්ඩුව සමග යටිකූට්ටු ‘‘ඩීල්’’ මගින් ද, කුමන්ත්‍රණ සහ ජනතා විරෝධී පිළිවෙතකින් ද සමන්විත කූප්‍රකට චරිත දෙක තුනක කල්ලියක් විසින් කොටුකර ගත් පිලක් සිය එදිනෙදා පැවැත්ම උදෙසා පටු බල දේශපාලනය උදෙසා කුමන්ත්‍රණ කරමින් සිටී.

සමගි ජනබලවේගයේ පිරිසක් එහෙට යනවාද එ​හේ පිරිසක් සමගි ජනබලවේගය වෙතට එනවා ද යන්න ඉතා නුදුරේදීම දැකගත හැකි වන අතර, එතෙක් මානසික වින්දනයක් උදෙසා ඔවුන් කරන මේ ව්‍යාජ රඟදැක්වීම කෙරෙහි අපි අනුකම්පා කරමු.

කෙසේ වෙතත් අතේ ඇඟිලි ගානක තරම් හෝ පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට අපහසු තරම් අගාධයකට වැටී සිටින මේ කල්ලිය නගන අඳෝනාවට අපි නැවත අනුකම්පා කරමු.

 



අදහස් (2)

ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ්ලෑලි කල්ලිය භාරඅරන්

vinivida Friday, 29 May 2020 01:17 AM

එජාපයේ මේ වනවිට කල්ලි නැත... සිටි කල්ලිය පක්ෂයෙන් පිටව ගොස් ඇත. පක්ෂයේ තිබූ කොඩිවිනය කපා අවසානයි. පක්ෂයේ සිටි භූතයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් සියල්ල වෙන තැනක් සොයා ගෙන ඇත. මේ වනවිට පක්ෂ හොඳින් පිරිසිදුව සහ ආරක්ෂා කර සුබ දිසාවකට ගමන් කමින් සිටි. පක්ෂය ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ විනයක් ඇතිව බව කිව යුතුවේ. පක්ෂයෙන් පිටව ගොස් කොපමණ දෝෂාරෝපණය කළත් දැන් ප්‍රශ්නයක් නොමැත. පක්ෂය තුළ සිට පක්ෂයට නිගා කිරීමට කිසිවකුට ඉඩක් නොමැත. සුදුස්සන්ට සුදුසු තැන නියම වෙලාවට ලැබෙනු ඇත. පසුගිය සමයේ සිදුවුයේ නුසුදුස්සන් සුදුස්සන් මෙන් පෙනී සිට පාක්ෂිකයා රවටා පක්ෂය බලයෙන් පැහැර ගැනීමට උත්සාහ කිරීමයි. මාධ්‍ය සකච්ඡා තබමින් පවසන්නේත් සිරිකොත බලහත් කාරයෙන් අල්ලා ගන්නේ කෙසේද කියායි. සිරිකොත මන්දිරයට ගල් ගැසූ, නායකයින් ප්‍රසිද්ධියේ විවේචනය කළ සහ නායකයින්ගේ මුහුණමට දැන් නායකත්වයෙන් යන්න කියූ පුද්ගලයින්ට යලිත් සිරිකොතට පැමිණිය නොහැක. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන අලුත් කණ්ඩායමක් සමග විනයක් ඇතිව පක්ෂය ඉදිරියට ගමන් කරනු ඇත. විරිදු කියන්නන්හට පක්ෂය තුළ ඉඩක් කොහෙත්ම නැත.

:       3       0

පුෂ්පකුමාර Thursday, 04 June 2020 03:33 PM

පක්ෂයේ සිටි භූතයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් වෙන තැනක් සොයා ගෙන ඇත්ද? නැතිනමි පාක්ෂිකයින් වෙන තැනක් සොයා ගනිද? මැතිවරණයේදි පාක්ෂිකයින් තින්දු කරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site