X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


එකට එක්වී එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබ ඵල සමාජය ඉතා හොඳින් අත්දකිමින් සිටිනවා

(අංජුල මහික වීරරත්න අකුරැස්සේ සිට)

එකට එක්වී, එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබඵල වත්මන් සාමාජය මේ වනවිට ඉතා හොඳින් අත්දකිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්ස හුලංදාවේදී පැවසීය.

 

බිම් අඟලක් නැති ජනතාව වෙනුවෙන් ඉඩමක - නිවසක අයිතිය දීමට හැකියාව ලැබුණේ යහපාලන රජයේ සංහිදියා වැඩපිළිවෙළ නිසා යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අකුරැස්ස හුලංදාව වතුකරයේ ඉදි කෙරුණු හරිත රන් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
මහවැසි මැද විවෘත කිරීමේ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව නිවාසවලට ගොස් එහි ජනතාව ද හමුවිය.

අනතුරුව පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

2015 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දෙවසර සමරන අවස්ථාවට පැමිණ සිටිනවා. අප ජාතික ආණ්ඩුව පිහිටුවූයේ සැප්තැම්බර් 4 වැනිදායි. ජාතික ආණ්ඩුව බිහිකළේ ලංකාවේ ප්‍රථම වතාවටයි.

ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී යම් කාලයක් සඳහා ආණ්ඩු හැදීම ජාතික ආණ්ඩුවයි. එය ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුව අප එක්වී එක් වරක්වත් එකට වැඩ කළ යුතුයැයි තීරණය කළා. එහි ප්‍රතිඵල අද පෙනෙන්න තිබෙනවා. මේ නිවාස යෝජනා ක්‍රම එහි එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.

වැවිලි සමාගම් යටතේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩම් දෙන බවට අප මැතිවරණයේදී ප්‍රකාශයට පත් කළා. ඒ අපේ පොරොන්දුවයි.

වතුකරයේ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට තමන්ගේ නමට බිම් අඟලක් නැහැ. මුස්ලිම්, සිංහල ඇතැම් ජනතාවට නම් අල්ලපු ගමේ හෝ ඉඩම් තිබෙනවා. නමුත් ද්‍රවිඩ ජනතාව එක්කෙනෙකුටවත් ඉඩම් තිබුණේ නැහැ.
ඔවුන් අපමණ සේවයක් කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය උපයා දෙනවා. නමුත් අවසානයේ ඔවුන් තමන්ගේ නමට බිම් අඟලක් නැති ජනතාවක් බවට පත්වී සිටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඉඩමක් - නිවෙසක් දිය යුතුයැයි මා තීරණය කළා.

ඒ වැඩ කටයුත්ත මා බාරදුන්නේ දිගම්බරම් ඇමතිතුමාටයි. දැන් අප කඳුකරයේ මෙවැනි නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඉඩම් දීමේ කටයුතු අරඹා තිබෙනවා. කිසි දිනෙක ඉඩමක් නොතිබූ ජනතාවට අද පර්චස් 7 බැගින් ඉඩම් ලැබෙනවා.

හිස් ඉඩමක් දී ඵලක් නැහැ. ඔවුන්ට නිවාස සෑදීමට දිගම්බරම් මහතාගේ අමාත්‍යාංශය බාරගත්තා. නුවරඑළිය - බදුල්ල ප්‍රදේශවලට මේ වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා මෙතෙක් කල් නිවෙසක් නොතිබූ අයට නිවාස ලැබෙනවා.

දැන් ඔවුන්ට ඉදිරියට යාමට හැකියි. හැමදාම වතුකරයේ සිරවී ඉන්න අවශ්‍ය වන්නෙත් නැහැ. එමෙන්ම උඩරට දෙමළ පාසල් 25ක උසස් පෙළ විද්‍යාව ඉගෙන ගැනීමේ වැඩසටහනක් ද සකස් කර තිබෙනවා.

ඔබට අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි මාර්ගය සකස් කර තිබෙනවා. ඒ වැඩසටහන දැන් පළමු වරට දකුණු පළාතට බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විසින් දී තිබෙනවා. එතුමගේ හරිත රන් ගම්මානය පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.

වතුකරයේ ජනතාවට මායිම් වන්නේ අකුරැස්සටයි. නුවරඑළිය, මාතලේ ප්‍රදේශයෙන් පටන් ගත් පසුව රත්නපුර, බලංගොඩ ප්‍රදේශවලින් රක්වාන - හිනිදුම - දෙනියාය - අකුරැස්ස ප්‍රදේශවල ඔවුන් ඉන්නවා. එසේ නම් මේ මායිමටත් ඒ නිවාස ලැබෙනවා.

බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අකුරැස්ස දියුණු කරන්න විශේෂ උත්සාහයක් ගන්නවා.

1997 වසරේදී දයානන්ද වික්‍රමසිංහ මහතා සමඟ මේ ප්‍රදේශයට මා පැමිණියා. ඒ එදා ලැබුණු මුදල් ප්‍රතිපාදනවලින් වැඩ කටයුතු කිරීමටයි. එවැනිම ශක්තියකින් බුද්ධික පතිරණ මහතා අද ප්‍රදේශයේ ව්‍යාපෘති ගණනාවක් අරඹා තිබෙනවා. එමෙන්ම අනාගත ව්‍යාපෘති සඳහාත් ආධාර උපකාර කරන බවට සඳහන් කළ යුතුයි.

මේ වැඩසටහන ක්‍රියාත්මක කරන දිගම්බරම් ඇමැතිතුමාටත් ස්තූති කළ යුතුයි. 1993 වසරේ අගමැති ලෙස මේ වැඩසටහන මා ආරම්භ කළා. ඒ සංකල්පය මුලින්ම ඇති කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි.

නමුත් ඒ වැඩසටහන ඉදිරියට ගෙනගියේ නැහැ. නිවාස ඉදිකර තිබුණේ ස්වල්පයක් පමණයි. දැන් අප නිවාස 15,000ක් ඉදි කළ යුතුයි. ආණ්ඩුවේ මුදල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් මුදල් භාවිතා කර නිවාස පළමු වටය යටතේ ඉදිකරනවා.

ඊට පසුව දෙවැනි වටයේ නිවාස ඉදිකිරීම් කටයුතු අරඹන්නම්. මේ වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කරන බව ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. දැන් ඔබට නිවෙසක්, ඉඩම් ඔප්පුවක් තිබෙනවා. ඉඩම් ඔප්පු දීම ගැනත් ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රසංශා කළ යුතුයි.

නිවාස ඉදිකිරීම් කටයුතු වතුකරයට සීමා වී නැහැ. ගංවතුර නිසා නිවාස ගණනාවක් නැති වුණා. කොටපොළදී මේ පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡා කළා. නිවාස ඉදිකිරීමේ කටයුතු දෙනියාය, අකුරැස්ස, හක්මන ප්‍රදේශවල ඇරඹිය යුතුයැයි එහිදී සාකච්ඡා කෙරුණා.

මාතර දිස්ත්‍රික්කයේ තක්සේරු කටයුතු සියල්ල මේ වනවිට අවසන් කරලා දැනට මුදල් දෙනවා. ඒවා ගෙන වැඩකටයුතු කරන්න.

ගංවතුර අවසන්වී පළමු මාස තුන ඉක්ම යාමට පෙර පළමු නිවාස යෝජනා ක්‍රමය ඇරැඹීමට හැකියාව ලැබුණා. මොරවක ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය ඇරඹීම සඳහා උපකාර කළ ඩයලොග් සමාගමටත් ස්තූතිවන්ත වෙනවා.
නිවාස සෑදීම, නිවාස කටයුතු කිරීමට අමාත්‍යවරයකු පවා පත් කළා.

තමන්ටම අයිති ඉඩමක් නිවෙසක් මේ ජනතාව වෙනුවෙන් ලැබී තිබෙනවා. එමෙන්ම නීත්‍යානුකූල ඉඩම් අයිතිය සහිත ඔප්පුව ද අප විසින් දීමට පියවර ගත්තා.

වතු කම්කරුවගේ දරුවා ද වතු කම්කරුවකු විය යුතුය යන මතය මා නතර කළා. හැම කෙනෙකුටම තමන්ට ඉහළටම යා හැකි මට්ටමේ වරප්‍රසාදය දී තිබෙනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා,

වතුකරයේ ජනතාවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුව අද ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා. වතුකරයේ ජනතාව ලැයින් කාමර ජීවිතයෙන් මුදා ගැනීමට අපට හැකිවුණා.

අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ ජනතාවගේ දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විවිධ වැදගත් තීරණ ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවට සුවිශේෂී සේවයක් කළ නායකයකු ලෙස හැඳින්විය හැකියි. ඒ නිසා එතුමාට අපේ ජනතාවගේ පූර්ණ සහයෝගය දෙනවා.”


පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,

යහපාලන රජයට වසර දෙකක් පිරෙන දා වතු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න ලැබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ලැයින් කාමර සංස්කෘතිය අවසන් කර තනි නිවසක අයිතිය ඔවුන්ට දීමට අපට හැකියාව ලැබුණා.
අද වතුකරයේ ජනතාව භුක්ති විඳින බොහෝ වරප්‍රසාද අතීතයේදී ඔවුන්ට විඳින්න හැකියාව ලැබුණේ නැහැ. නිවාස ව්‍යාපෘතිය ගොඩ නැගීමෙන් අප රටට පණිවිඩයක් දුන්නා.

නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නැයි මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදීය. එලෙස කළ ඉල්ලීමට ඇහුම්කන් දී එතුමා මෙහි පැමිණීම ගැන මා බොහෝ සතුටට පත් වෙනවා.” යයි බුද්ධික පතිරණ මහතා කීය.

මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)



අදහස් (1)

එකට එක්වී එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබ ඵල සමාජය ඉතා හොඳින් අත්දකිමින් සිටිනවා

sathyayaa Monday, 28 August 2017 11:15 PM

මොකද මේ වැඩේට පිරිමින්ව විතරක් ලංකරගන්නේ? සුබ පල අත් කරගන්න නම් ගැහැණු උදවියත් ඉඳ හිට හෝ ලංකර ගන්න ඕන කියල හිතා ගත්තොත් සුබ පල මීට වඩා වැඩියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site