(රන්න චන්ද්‍රසේන ගමගේ)
එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය.
බැදුම්කර ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේ පැහැදිලි ලෙසම සදහන් වෙනවා මහ බැංකුවේ මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව. ඊට පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ගේ නම් ගෑවී තිබෙනවා.ඒ බැංකු හොරකමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් භාර ගත යුතු වෙනවා. ඒ වගේම අල්ලස් හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙනුත් පසු ගිය ආණ්ඩුවේ 33 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බොහෝ අය අර ‘‘මළ බද්දයේ‘‘ සාමාජිකයන් බවට පත් වී ඇති අයයි.අපිට ඒ අය චෝදනා කළාට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙ ඉන්නවා කියල සෑබෑවටම එක්සත් ජාති පක්ෂය සමග ඩීල් දමාගෙන ඉන්නේ ඔය මළ බද්දයේ අය බව රටම දන්නවා.
මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයෙන් පැරදුනු ගමන් ඒ පරාදයට වැඩි පුරම වග කිව යුතු බැසිල් රාජපක්ෂ තම සහෝදරයටත් නොකියා ඇමරිකාවට පැන්නා . එහාට පැනලා පරාජයේ වගකීම එයා බාර ගන්නවා කිවුවා. එහෙම කියපු හාදයා ආපහු පක්ෂයක් හදා ගෙන ආණ්ඩුව ගන්න හදනවා.මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ජනාධිපතිවරණයෙන් පැරදුනේ ඔය සහෝදරයො ටික හා ජේෂ්ඨ පුත්‍රයා නිසා බව අපි පැහැදිලිවම කියනවා.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ - ඇමති අමරවීර
Rohana Saturday, 27 January 2018 03:30 PM
ඇමතිතුමනි, 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ සහය අවශ්‍යයි. තනිකර එක්සත් ජාතික පක්ෂයට ද ජයගන්න නොහැකිය. භේද ඇතිවන සේ කතා කිරීමෙන් වැලකීම හොඳයි.
Chandra Sunday, 28 January 2018 05:39 AM
ඔබලා අවුරුදු ගානක් රජ කරලා , ඒ වකවානුවේදී මොකද කලේ පිරිසිදු වැඩද ? අවංක පුද්ගලයින් දුෂිත වැඩ දැක දැක කොහොමද එහෙම හිටියේ . දැන් අලුතෙන් ඉපදිලා වගේ කතා කරන්නේ පරණ යුගයට යන්න . 2015 මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන.
BamunuarachchiSunday, 28 January 2018 01:38 PM
ඔය කතා කරන්නේ බැංකු කොල්ලකන නිදහසද? සිංහලයාගේ ඉඩම් විජාතිකයින්ට හිරිකිතයක් නැතුව පවරා දීමේ නිදහසද? රටේ දේපල විජාතිකයින්ට විකිණීමේ නිදහසද? ඔයටික රටේ ජනතාවට ඕනේ විදිහට වෙන්නේ නැතිනම් මොකක්ද හලෝ 2015 මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන කියන්නේ? සටන් පාඨ කීවාට තේරුම ගැන දන්නේ නැහැ නේද? ඔහෙලා වගේ අයගෙන් ඡන්දය ගන්න එ් ගොල්ලො කීව සටන් පාඨ එ් ගොල්ලෝම දැන් අතහැරලා බොහොම කල්.
BamunuarachchiSunday, 28 January 2018 01:41 PM
අඩුම ගානේ මේ ආණ්ඩුව මේ අවුරුදු 3ක් රටට කල දෙයක් කියන්න..
Di s landarous Sunday, 28 January 2018 09:48 AM
ගිය ආණ්ඩුවේ හිටියේ බුලත් දීලා නැතුවද? අර කතාවක් තියෙනවනේ ගුරා හිටගෙන මොකක්ද කරනකොට ගෝලයෝ දුවදුව ඒක කරනවා කියලා...
Bamunuarachchi Sunday, 28 January 2018 11:47 AM
අර හවා සහ නරියාගේ කතාවේ වගේ ජොබ් එක රෙදි නැන්දාට බාර දෙමුද? එයා කකුල් දෙකෙන් අල්ලා ගලේ ගසා විසිකරාවි මොකද ඔයගොල්ලොත් එක්ක ඉඳලා ඒ ගොල්ලොත් හත්පොලේ ගාගෙනයි ඉන්නේ...
Liyanage Wednesday, 07 March 2018 03:21 AM
ඔබ තුමා ඉන්නේ මොකටද ?