(*** නිමල කොඩිතුවක්කු)
අගෝස්තු පස් වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා කොළඹදී පෙරේදා (19) පැවසීය.
රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්නැයි ජාතික ජන බලවේගය රජයට බලකර සිටින බවද ඔහු සඳහන් කළේය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීවේය.
“පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් පැය 24කින් මේ ගිවිසුම කුණු බක්කියට දානවා කියලා රාජපක්‍ෂවරු හා ඔවුන්ගේ මැති ඇමැතිවරු කිව්වා.
මේක කැබිනට් එකේ අනුමත කළේ 2019 ඔක්තෝබර් 30වැනිදා. ඉන්පසු ජනතා විරෝධය ඊට එරෙහිව එන විට රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර මෙම ගිවිසුම පරීක්‍ෂා කර බලන්න කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ප්‍රමාදවී වුවද එළිදක්වන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවට බල කළා ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ජූලි 25වැනිදා එම වාර්තාව එළිදැක්වූවා.
මෙසේ කල්මරන්නේ වෙන කිසිවකටත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්න වාතාවරණය හදාගන්න. වගකිවයුතු රජයක් නම් රජය මේ පිළිබඳව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.
එම්.සී.සී. ගිවිසුමේ කොන්දේසිවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂාවට හානිවන කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකියි. එහෙම වුවහොත් මෙම ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඇමරිකාවට ඉවත් විය හැකියි. ඒ වගේම ඇමරිකානු ආරක්‍ෂක අංශ හෝ නිලධාරීන් ලංකාවට පැමිණ සිදු කරන කටයුතු සම්බන්ධ ලංකා රජයට මැදිහත් විය නොහැකියි.
2017දී මෙවැනි එම්.සී.සී. ගිවිසුමක් නේපාල රජයත් එක්ක අත්සන් කළා. ඒ එරට විදුලි නිෂ්පාදනය සම්බන්ධව. ගිවිසුම අත්සන් කරලා වසර දෙකක් ගතවෙනකල් ඇමරිකා ආණ්ඩුවෙන් ඊට මුදල් ලබාදුන්නේ නැහැ. මේ කාලය තුළ ඇමරිකාව තම රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ ගිවිසුම් 16කට නේපාලයට බලපෑම් කරලා අත්සන් කළා.
එම්.සී.සී. ගිවිසුම වෙනුවෙන් පත්කළ විද්වත් කමිටුව තම වාර්තාවෙන් කියනවා මෙය ලංකාවේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස හානිකර බව. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා මේ ගිවිසුමට අදාළ මූලික කෙටුම්පත් දෙකක් ගිය ආණ්ඩුවෙන් අත්සන් කරලා, ඒ නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා කියලා. නමුත් විද්වත් කමිටුව ප්‍රකාශයක් කරලා කිව්වා එහෙම අත්සන් කිරීමක් කරලා නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුවට ඕනෑම වෙලාවක පුළුවන් මේක අත්හැරලා දාන්න කියලා.
මෙම ගිවිසුම් අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය නැහැ. සරල බහුතරය ඇති. අනෙක් පැත්තෙන් අත්සන් නොකළ ගිවිසුමකට 2/3ක බලයක් ඕනෑ කරන්නේ කුමකටද? මේ 2/3 ඉල්ලන්නේ ජනතාව නොමග යවලා මේ මැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කිරීමේ බලය ආණ්ඩුව අතට ගන්නයි.
එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවෙලා තියෙනවා. ජනාධිපති දැන් තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුයි. අපි අභියෝග කරනවා පුළුවන්නම් මැතිවරණයට පෙර එහෙම කරන්න කියලා. ඇමරිකාවට මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ලිඛිතව දෙන්න කියලා.
දැන් ආණ්ඩුවේ ඇමැතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද?
දැන් මේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ලංකාවේ පුරාවිද්‍යා වස්තූනුත් විනාශ කරන්න පටන් අරගෙන. කුරුණෑගල නගර මධ්‍යයේ තිබූ ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් කරලා දාලා. මේ පුරාවිද්‍යා පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක ඇප ලබාදිය නොහැකි වරදක්.
මේක සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් අගමැති නියෝජනය කරන දිස්ත්‍රික්කයේ නගරාධිපති අතින්. මේ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අගුලාන පොලීසියට ගලක් ගැහුවා කියලා අර දුප්පත් කාන්තාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. බලවතුන්ට එක නීතියක්, නැති බැරි එකාට තව නීතියක්. අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා, වහාම මේ පුරාවිද්‍යා වස්තු විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එහි මෙහෙයුම් කමිටු සාමාජික ඉක්‍රම් කාදර් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එම්.සී.සී ගිවිසුම ගැන අගෝස්තු 5ට පෙර රටට කියන්න
Senarath Wednesday, 22 July 2020 03:37 AM
යහපාලන ආණ්ඩුව එදා ඔකේ මුල් පියවර දෙක අත්සන් කරනකොට ඔබතුමා කොහෙද හිටියේ.?
THILAK Wednesday, 22 July 2020 07:20 AM
ගිය රජයේ අවසාන කොටස අත්සන් කරන විට ඔබ සිටියේ කොහේද?