(නිමල් ලන්දගේ)
විසිවැනි සංශෝධනය හරහා පැමිණෙන ඒකාධිපති වියරුව පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා එජාපය නිරතුරුවම සටන්වදින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ වෙනුවෙන් අධිකරණයට යෑමට හා රට වටා ගොස් ජනතාව දැනුවත්කර ඒ සඳහා මහජන විරෝධය පෙළගැස්සවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ, එජාප ප්‍රතිසංස්කරණ කටයුතු මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් මහා සංඝරත්නයේ ආශීර්වාද හා උපදෙස් ලබාගැනීම සඳහා වැවුරුකන්නල රජ මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධවංශ මහා නිකායේ අනුනායක ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
“පක්ෂයට විශාල ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වෙලා තියෙනවා. එහි සැලැස්ම හදාගෙන යනවා. නොබෝ දිනකින් අපිට අලුත් එජාපයක් මේ රටේ ජනතාවට ලබාදෙන්න හැකිවේවි. රටේ අනාගතයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් එල්ලවන විශාල බලපෑම මත එජාපය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා.
20 වැනි සංශෝධනය අපි දකින්නේ ඒකාධිපති වියරුවකින් එන දෙයක් හැටියටයි.
විධායක බලතල පාර්ලිමේන්තුවට පවරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමයි ඇත්තටම 19වැනි සංශෝධනය ගෙනඒමෙන් බලාපොරොත්තු වුණේ. දැන් කෙලින්ම යූ ටර්න් එකක් දමාගෙන තමයි ආණ්ඩුව වැඩකරන්නේ. අපි විසිවැනි සංශෝධනය හරහා ගොඩනගපු කොමිෂන් සභා, විගණකාධිපතිතුමාගේ බලතල ඒ සියල්ලටම පයින් ගහගෙන ඒ වගේම මාධ්‍යයත් හසුරවන විදියට තමයි මේ විසිවැනි සංශෝධනය හදල තියෙනනේ” යැයිද පැවසීය.
ඉදිරියේදි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට එජාපයේ සුදානම පිළිබඳව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විජේවර්ධන මහතා මෙසේ සඳහන් කළේය.
“පසුගිය මැතිවරණයේදි අපි විශාල පසුබෑමකට ලක්වුණා. ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මණින් කරගෙනයන්න ඕන. පළාත් සභා මැතිවරණයේ දී අපිට ලේසි වෙන්නේ නැහැ. ඇත්ත කියන්න ඕන. අපිට බොරුවට කියන්න බෑ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා කියලා. නමුත් අපි ඉතා හොඳ කණ්ඩායමක් යොදවලා බලාපොරොත්තු වෙනවා එජාපය විදියට හොඳ බලපෑමක් කරන්න. යම් කාලයක් යයි එජාප පාක්ෂිකයිනගේ විශ්වාසය දිනාගෙන හිත දිනාගෙන ඉදිරියට එන්න. නමුත් අපිට ඒක කරන්න පුලුවන්. මම ඒ පිළිබඳව දැඩි විශ්වාසයක ඉන්නවා” යැයිද ඒ මහතා සඳහන් කළේය.
දික්වැල්ල සාශානාරක්ෂක බලමණ්ඩලයේ ලේඛාධිකාරි පණ්ඩිත කරතොටපඤ්ඤාශීල හිමියන් ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කලහ . හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් වන ආංශු මාරසිංහ, සංදීශ් සමරසිංහ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන කස්තුරි අනුරාධනායක, ගයාන් සංජීව, ශාන්තිනි කෝන්ගහගේ, දික්වැල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන නදුන් වික්‍රමරත්න, ප්‍රියන්ත වනිගරත්න, සමනි වීරසිංහ, සුජිකා තොටගමුව සහ තරංගා ඉරෝශිනි යන මහත්ම මහත්මීන්ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ
මෙහිදි අනුශානාවක් සිදුකල අනුනාහිමියන් අනුදැන වදාලේ රුවන් විජයවර්ධන මහතා වැනි තරුණ නායකයකු ලැබීම එම පක්ෂයේ භාග්‍යයක් බවත් පිරිසිදු චරිතයක් හිමි අවංක නායකයකු වන එතුමාට පත්ෂය නගාසිටුවීම ට අවශ්‍යශක්තිය තිබෙව බවයි. මහා සංඝරත්නය ඒ සඳහා ආශීර්වාද කරන බව උන්වහන්සේ පැවසූහ.
මහා පඬි කුමරතුගු මුනිදසුන් උපන් භූමියේ සංවර්ධන කටයුතු සියල්ල මේ වනවිට ඇනහිට තිබෙන බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුනු බවත්, තම විහාරස්ථානයේ සිට ලෝකයපුරා සද්ධර්මය හා අධ්‍යාපනය බෙදාහරින දම්සතර රුපවාහිණි නාලිකාව මුහුණ දුන් උග්‍ර මුල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය අනුග්‍රහයන්ද නොලැබුනු තත්වයක් තුල මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බැවින් එය නගාසිටුවීම සඳහා ආධාර උපකාර කරන ලෙස ලිපියක්ද භාරදෙමින් රුවන් විජයවර්ධන මහතාගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඒකාධිපති වියරුව පරාජය කිරීමට සටන්වදිනවා
Bamunuarachchi Sunday, 27 September 2020 01:45 PM
ඕක කියන්න තිබුණේ 1978 කාලේ.