(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් කර නැතැයි හිටපු පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා අද (17) පැවැසීය.
බිඳ වැටුණු ආර්ථිකය තුළ කෙටිකාලීනව ජනතාවට දිය හැකි සහන මොනවාදැයි අයවැයේ සඳහන් නැති බව ද හඳුන්නෙත්ති මහතා කීය.
‘‘අයවැය කතාව 2021: විද්වත් පසුවිපරමක්’’ යන මාතෘකාව යටතේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා එම කරුණු කීවේය.
වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සංවාදය සංවිධානය කර තිබිණි.
සුනිල් හඳුන්නෙත්ති මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ අතර කෝප් කමිටුවේ සභාපති ධුරය ද හෙබවීය.
රජයේ සේවකයන්ට රාජකාරි පැයගණනින් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවස්ථාව ලබාදීම තුළින් ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සහ රජයේ සේවකයන්ට ඔවුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි ද හඳුන්නෙත්ති මහතා කීය.
රජයේ සේවකයන් අමතර රැකියාවල නිරත වීම ආරම්භ වුවහොත් රාජ්‍ය සේවයේ ඵලදාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බව ද හෙතෙම පැවැසීය.
දැනටත් රජයේ වෛද්‍යවරුන්, රජයේ නීතිඥවරුන් මෙන්ම නීති විරෝධී වුවත් රජයේ පාසල්වල ගුරුවරුන් ද පෞද්ගලික සේවා සපයන බවත් මෙම යෝජනාව රාජ්‍ය සේවයේ ආකෘතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු කීවේය.
රජයේ සේවකයන්ට නිසි වැටුපක් ගෙවීමට නොහැකි වීම ඔවුන්ට අතිකාල දීමනා ගෙවීමට නොහැකි නිසා තමන්ට අවශ්‍ය පරිදි ආදායම් උපයාගන්නැයි ආණ්ඩුව මෙම යෝජනාවෙන් පවසා ඇතැයි ද හඳුන්නෙත්ති මහතා කීය.
මෙම අයවැය ආදායම් උපයාගැනීමේ ක්‍රමවේදයක් නොමැති වියදම් මාලාවක් පමණක් ඇති සාම්ප්‍රදායික අයවැයක් පමණක් බවත් ඔහු පැවැසීය.
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කොතරම් ප්‍රායෝගික ද ඒවා කොතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය පැන නගින බවත් එසේම අදාළ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය සහ එම යාන්ත්‍රණය පිළිබඳ කිසිදු සඳහනක් අයවැයේ නැති බවත් හෙතෙම කීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩා වැටුණු ආර්ථිකයට මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් නැහැ