(එම්.සුසිල් ප්‍රියන්ත)
කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වෛරීභාවයට හානි වන කිසිම දේකට රජය එකඟ නොවන බවත් වෙරළ සංරක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.
අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ගොඩහේවා මහතා එසේ කීවේය. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙසේ ද කීවේය.
“කිසිම විදේශිකයකුට මේ රටේ දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න දෙන්නේ නැහැ. ඉන්දියාව නෙමෙයි වෙන කිසිම රටක අයෙකුට එහෙම කරන්න දෙන්නේ නැහැ. ඕනෑම රටක ඉන්නවා දේශපාලන හෙන්චයියලා. ඒ දේශපාලන හෙන්චයියලා සතුටු කරවන්න ඒ ඒ රටවල ඇතැම් දේශපාලකයෝ කටයුතු කරනවා. වහසි බස් දොඩවනවා.
ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ ඇතැම් දේශපාලකයෝ තම හෙන්චයියලා සතුටු කරවන්න ඇතැම් කතා කියනවා. ඒවා ගැන අපි කලබල වෙන්න හොඳ නැහැ.මේ රටේ ස්වෛරීභාවයට හානිවෙන කිසිම දේකට මේ රජය කැමති වෙන්නේ නැහැ. ඒක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.
ඒවගේම අපේ පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අයෙකුට මත පළකරන්න පුලුවන්. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. යම් කෙනෙක් යම් මතයක් පළ කරාම අපි ඒක අපේ පක්ෂයට ද්‍රෝහිකමක් කරා කියලා සලකන්න හොඳ නැහැ. ඕනෑම කෙනෙකුට මත පළකිරීමේ අයිතිය තියෙනවා. පක්ෂය හෝ වේවා විපක්ෂය වේවා කාටත් එය පොදුයි” ගොඩහේවා මහතා කීවේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ
නන්නාදුනන හාදයා Tuesday, 16 February 2021 06:23 PM
පොහොට්ටුව ගැන මොකද හිතන්නේ? ඔය පොහොට්ටුව කියන්නේ චීන උගුලක්...
Karan Wednesday, 17 February 2021 12:44 AM
ඔව් ඔව්... හැමදාම තුප්පහි දේශපාලනය කර කර ඉන්න. නැතිනම් ගසාකන්න බැහැ.
බද්රානි Wednesday, 17 February 2021 03:05 PM
එතකොට, ලෝකල් ඇමරිකන් කාරයින්ට විතරද ලංකාවේ දේශපාලනය කරන්න පුළුවන්? මම නම් කියන්නේ ලෝකයේ කොහෙන් හරි මේ රටට පැමිණ මේ රටේ මෝඩ ජනතාව මේ තක්කඩි සිංහල පාලකයින්ගෙන් ගලවා ගත යුතුයි. එතකොට අඩුතරමේ මෙරට බැරි නම්, පිටරටකට ගිහින්වත් වැදගත් නම්බුකාර ජාතියක් ලෙස විදේශයක හරි ජීවත් වෙන්න පුළුවන්.
Rata Perata Thursday, 18 February 2021 07:52 AM
ඇතුලේදී නන්දසේන අතුළු රාජපක්ෂලාගේ පස්සෙන් යන මිනිස්සු එළියෙදී වීරයෝ වෙන්න එදනවා. ළඟ හිටියා නම් හොඳට කියලා දෙනවා.
chinthana Friday, 19 February 2021 07:30 AM
පොහොට්ටුව හැදුවේ ඇමෙරිකානුවෙක්නේ...
rocky Friday, 19 February 2021 08:16 AM
ඊට ඉස්සෙල්ලා චීනෙට මේක සින්නක්කරේටම විකුණලා දාමු නේද? අපායෙන් පක්ෂයක් ඇවිල්ලා හරි තමුන්නාන්සේලාගේ සංවර්ධනෙන් අපිව බේරාගන්නවා නම් වඩා හොඳයි...!!!
CHANDA Friday, 19 February 2021 08:57 AM
"බෝර්න් අගේන් රට අයට හැර" කියා විය යුතුයි...
kapila Friday, 19 February 2021 10:13 AM
ගොඩහේවා, ඔයාලා ගොඩ අපි අංගොඩ...