X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොළඹ නගර සභාවෙන් සමගි ජනබලවේගයට සහාය නොදිය යුතුයි

(***අංජුල මහික වීරරත්න)

 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත්  ජාතික   පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කොළඹ මහ නගර සභාවේ  එක්සත් ජාතික පක්ෂයේ සියලුම  නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට සහ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු  දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ සෘජුව සහයෝගය ලබා නොදිය යුතු බවට වන යෝජනාවක් සිරිකොත  පක්ෂ මුලස්ථානයේදී ඒකමතිකව  සම්මත වූ බව  සිරිකොත  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (01) පැවැත්වුණු  අතර එහිදී මෙම යෝජනාව සම්මත වී තිබේ.

මෙම රැස්වීම සඳහා කොළඹ මහ නගර සභාවට අලියා ලකුණින් තරඟ කර තේරී පත්වූ  මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම සහභාගි වී සිටි බව සිරිකොත පක්ෂ මුලස්ථානය  සඳහන් කළේය.

 මෙහිදී නාගරික මන්ත්‍රී ටයිටස් පෙරේරා මහතා විසින් ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති  අතර නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් මහතා එම යෝජනාව ස්ථිර කර තිබේ.

 ඒ අනුව සහභාගී වූ සියලුම නාගරික මන්ත්‍රීවරුන් අත් ඔසවා  යෝජනාවට සහාය පළකළ අතර යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ බව සිරිකොත ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ නාගරික මන්ත්‍රීවරුන් වන සියලු දෙනා ඒකමතිකව  එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැපවී ක්‍රියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි.
 අතීතයේ සිට තමන් සැමවිටම ක්‍රියා කළේ පක්ෂය ආරක්ෂා  කිරීමට බව මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු  කණ්ඩායමට කිසිදු අවස්ථාවක  තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බවද අවධාරණය  කළේය.

සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

විනය ආරක්ෂා කිරීම ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්මට  අත්‍යවශ්‍යම කාරණයක් බවත් පක්ෂ  විනය කඩ කරමින් වෙනත්  දේශපාලන පක්ෂයක නාමයෝජනා අත්සන් කළ පිරිස්  වෙත දැනටමත් නිදහසට කරුණු විමසා ලිපි යවා  ඇති   අතර ඔවුන් නිදහසට ඉදිරිපත් කරනු ලබන කරුණු කාරණා සලකා බලා පක්ෂයෙන් නෙරපීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

දිගින් දිගටම පක්ෂයේ  කටයුතු සඳහා සහභාගී නොවන සහ සහයෝගය ලබානොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සහ   නීති අංශය සමග සාකච්ඡා කොට එම පිරිස වෙත අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එජාප කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන මහතාට උපදෙස්  දුන්නේය.

නාගරික  මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙහිදී පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ  මහතාද  උපරිමයෙන් ජයග්‍රහණය කරවීමට නාගරික මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෙයින් ගෙට යමින් ජනතාව දැනුම්වත් කරමින් උපරිම ශක්තියෙන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බවයි.

හිටපු  අමාත්‍යවරුන් වන රවි කරුණානායක, දයා ගමගේ, බොරැල්ල සංවිධායක ඒ.එස්.පී. ලියනගේ ඇතුළු ක්‍රියාකාරීහු  රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (13)

කොළඹ නගර සභාවෙන් සමගි ජනබලවේගයට සහාය නොදිය යුතුයි

de silva Wednesday, 03 June 2020 12:39 PM

ඉස්සර පොහොට්ටුවට විරුද්ධව සිරිසේනත් ඔය වගේ දේවල් කළා.. එතකොටත් හැමෝම අත ඉස්සුවා..

:       0       12

ලියනගේ Wednesday, 03 June 2020 10:27 PM

එක්සත් ජාතික පක්ෂය යනු වැදගත්, උගත්, බුද්ධිමත් නායකයන් විසින් පිහිටුවන ලද ලංකාවේ නිදහස ලබාගැනීමට පවා සටන්කළ පක්ෂය වේ. එක්සත් ජාතික පක්ෂය යනු රටට වැඩකළ සහ වැඩකරන පුද්ගලයන් බිහිකළ පක්ෂයකි. එම පක්ෂය තවදුරටත් සක්තිමත් කළ යුතුව ඇත. ලෝකයේ covid-19 වෛරසය පැතිරයාම නිසා ආර්ථික මෙන්ම සමාජීය වෙනස්කම් රැසක් සිදුව ඇත. ලෝකයේ දියුණු රටවලින් ලැබෙන්නා වූ ආධාර මත ක්‍රියාත්මක වන්නාවූ ගෝලීය ආයතන පවා මේවනවිට යම් පසුබෑමකට ලක්ව ඇත.

:       3       15

vinivida Sunday, 07 June 2020 08:48 PM

එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කල යුතුවන්නේ 2022 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සදහා මිස ඉදිරි මැතිවරණය සදහා නොවේ. හිටපු අගමැති වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක තුමා එතෙක් වර්තමානයේ මෙන් නිහඩ පිළිවෙතක සිට පක්ෂය ශක්තිමත් කරමින් ජනතව ඔහුව ඉල්ලන සුදුසුම අවස්ථාවේදී ඉදිරියට පැමිණීම පක්ෂයටත්, රටටත් සෑම අතින්ම වාසිදායක වනු ඇත. වර්තමාන රජයට හෝ සජිත් සමග රජයක් කරගෙන යාමට අවස්ථාව ලබා දී සිටීම කල යුතුවේ. ගෝලීය ආර්ථිකය මේ වනවිට ප්‍රබල පසුබෑමකටලක්ව ඇතිනිසා දියුණු රටවල් සහ ආයෝජන ඉදිරි වසර දෙක තුල කෙසේවත් ක්‍රියාත්මක නොවේ.

:       0       0

wicky Wednesday, 03 June 2020 02:28 PM

මෙයාල කොහොමද එහෙම කියන්නේ? චන්දය චන්ද දායකයාගේ ස්වාදීන අයිතියක්... කාටවත් බලපෑම් කරන්න බෑ.

:       67       140

kamaniFriday, 05 June 2020 09:59 AM

ඔය මන්ත්‍රීලා ඔක්කොම අන්තිම මොහොතේ සජිත්ට ඡන්දය දෙනවා. රනිල් වගේ මොලේ අමාරුකාර හිට්ලර් කෙනෙක්ගේ පාලනයට ඒගොල්ලෝ කැමති නැහැ. අවුරුදු 25 ඡන්දයක් දිනන්න බැරිවුණු නායකයෙක් ජාඩි දාලා තියන්නවත් වටින්නේ නැහැ.

:       20       102

TD Thursday, 04 June 2020 12:40 AM

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා පසුබිම සකස් කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව දැන් පක්ෂයට ලැබී ඇත. අපගේ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට අයත් නොවන කණඩායම මේ වනවිට පිටව ගොස් ඇත. පක්ෂයේ අනාගතය වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණත් ලබාදිය යුතු සියලු වෙනස්කම් ඇති කොට පක්ෂය ආරක්ෂා කරන සහ රට වෙනුවෙන් කැපවන අවස්ථාවාදී නොවන තරුණ "නිර්මාණශීලි" කණ්ඩායමක් පක්ෂය තුළ බිහිකර ගැනීමට මේ ලැබී තිබෙන අවස්ථාව කිසිම දේශපාලන පක්ෂයක ලැබී නොමැත. එයින් උපරිම ප්‍රයෝජන ගතයුතුවේ. නුදුරේදීම, ගෝලීය දේශපාලනය. ගෝලීය ආර්ථිකය, සහ නූතන ලෝකයේ දියුණු රටවල නායකයන් අර්බුද අවස්ථාහිදී කටයුතු කරන ආකාරය පිළිබඳව සහ ගෝලීය ආයතන පිළිබඳ උනන්දුවක් දක්වන සියලු ලාංකිකයන් හට සහ විශේෂයෙන් පාසල් සිසුන්ට නිවසේ සිටම කියවීමට සහ නැරඹීමට අවස්ථාවක් ලබා දෙන්නෙමු. ඔබ අප සියලු දෙනාහට ලෝකයේ රටවල් දියුණු වී ඇති ආකාරය සහ එම රටවල් අප පසුකර යද්දී ලංකාව නිදහසින් පසුව තවමත් එකතැන කැරකෙන්නේ මන්ද කියා සිතා බලන්න. ලෝකයේ යුද්ධවලින් විනාශ වී නැවත ඉක්මණින්ම දියුණුවූ රටවල් සහ නොදියුණු රටවලට ආධාර ලබාදෙන ගෝලීය ආයතන එක්කොට ඇත.

:       135       159

Ranjith Thursday, 04 June 2020 08:43 AM

එක්සත් ජාතික පක්ෂ නායකයා පිළිබඳව ගැටලුවක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට නැත... ඔහුගේ පාලන කාලයේදී ඇමතිවරයෙකූ ලෙසත්, අගමැතිවරයෙකූ ලෙසත් කළ හොඳ දේ බොහොමයකි. නායකයාගේ ප්‍රතිරූපය විනාශ කලේ ඔහු වටා සිටි කිහිපදෙනෙකි.. අදත් සිදුවී තිබෙන්නේ එයමයි.. පක්ෂය තුළ සිටි බුද්ධිමත්, ජනප්‍රිය පුද්ගලයින්ට ඉදිරියට ඒමට අවස්ථාවක් ලබා නොදෙන බවට පැහැදිලි වන බැවින් නායකයා වටා සිටින අයගෙන් පක්ෂය ගලවා ගැනීමට මෙන්ම පාක්ෂිකයින් සිටින්නේ කොතැනද යන්න පැහැදිලි කර දීම සඳහා වෙනම තරග කිරීමට ගත් තීරණය සුදුසුයි.. පක්ෂයක් ඉදිරියට යාමට බහුතර ජනමතය හඳුනාගෙන කටයුතු කළ යුතුයි..

:       149       164

Akila Friday, 05 June 2020 05:53 AM

කොළඹ සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවර බුද්ධිමත්ව ඡන්දය භාවිතා කළොත්, අපට කාලයක් තිස්සේ රට අරාජීර්ණය කරපු වැඩකට නැති මහල්ලෝ ටිකක් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන්ගේ දේශපාලනය මෙතනින් ඉවර කළ හැකිය. දෙපැත්තේම හොරුන් ඇල්ලීමේ පළමු පියවරත් එය විය හැක..

:       0       51

anura Friday, 05 June 2020 07:31 AM

නායකතුමා මොකද මේ නිල්පාට තොප්පියක් දාගෙන ඉන්නේ...? එක්කෝ තමනුත් එක්තරා ජනවර්ගයකට අයත් බව පෙන්වීමටද? නැතිනම් කොරෝනා කොන්ඩය හරහාත් බෝවෙනවා කියලා හිතා ගෙනද? එහෙමත් නැතිනම් තමන්ගේ නියෝජනය නිල්පාට පක්ෂයකට දෙන්න හිතිලද?

:       2       17

ravinFriday, 05 June 2020 10:19 AM

ඔව් එයා දැන් පොහොට්ටු ගෝත්‍රිකයෙක්නේ.

:       3       67

K Perera Friday, 05 June 2020 09:48 AM

සමගි ජනබලවේගය කියන්නෙත් එජාපයම තමයි. ඔබ සමුගත් දවසක එජාපය ජයග්‍රහණය කරාවි.

:       5       86

රනිල් Friday, 05 June 2020 10:21 PM

මම මොකටද සමුගන්නේ..? මේක මගේ ජේ.ආර්. අන්කල් ඩඩ්ලිගේ බෙල්ල මිරිකලා අරගත්ත පක්ෂය. ඒක තමයි ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ...2070 තියෙන චන්දෙටත් මම ඉදිරිපත් වෙනවා.

:       0       5

ranjith Saturday, 06 June 2020 02:20 AM

චන්දෙ දෙන්නේ මහජනතාව ඒජාපෙ මහබැන්කු හොර නඩේ පරද්දන්න හොද අවස්ථාවක්...

:       0       64

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site