මුදිතා දයානන්ද
අධ්‍යාපන අමත්‍යාංශය ඉදිරිපිටදී ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පැවසීය.
ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න කියලා මේ ආණ්ඩුව තමන්ගේ පිරිසකට දේශපාලන උසස්වීම් ලබාදී තිබෙනවා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ පැමිණිලි විභාග කිරිමට පත්කළ කමිටුවේ සාමාජිකයන් තමන්ටම උසස්විම් දෙන්න නිර්දේශ කරලා.
ඒ අයට මේ තනතුරුවලට පත්විමට සුදුසුකම් නැහැ. ඒ නිසා තමයි ගුරුවරු ඊයේ වැඩවර්ජනයක් ආරම්භ කරලා ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළේ. එතනදී උසස්වීම් ලබාගත්ත ගුරුරවැන් ලවාම උද්ඝෝෂණය කළ ගුරුවරුන්ට පහර දුන්නා.
මේ පහරදීම සිදුකලේ පාසල්වල පරිපාලනය භාර විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට. ඒ නිසා මේක ඔවුන්ගේ ගෞරවය කෙලෙසීමක් හැටියටයි අපි දකින්නේ. ආණ්ඩුව හදන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය කඩා වට්ටන්නයි.
සුදුසුකම් නැති අය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළ තනතුරුවලට පත් කිරිමෙන් අධ්‍යාපනය අවුල් වෙනවා. මෙවැනි පත්වීම් ඉතිහාසයේත් ලබාදී තිබෙනවා. එදා සිටම කළ ඒ දේවල් නිසා තමයි අධ්‍යාපනය කඩා වැටෙන්නේ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරු-විදුහල්පතිට එල්ල ප්‍රහාරය හෙළා දකිනවා