(*** නාලක සංජීව දහනායක)
මැතිවරණ කොමිසම මැතිවරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග ගැන සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (15) පැවැසීය.
එම ක්‍රියාමාර්ග අනාගතයට භයානක පූර්වාදර්ශ සපයන බව ද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මහාචාර්යවරයා මෙසේද පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිකම තිබෙන අයකුට මැතිවරණයකට තරග කරන්න බැහැ. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිකම තිබෙන අයකුට මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. මේක හරිම පුදුමසහගත තත්ත්වයක්.
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාප නිසා අපේ පක්‍ෂයට දැඩි අසාධාරණයක් සිදුවුණා. ඔහුගේ ප්‍රකාශ නිසා කිසිදු පක්‍ෂයකට වාසියක් හෝ අවාසියක් සිදුනොවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ පක්‍ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් එම පැමිණිල්ල ගැන කිසිම දෙයක් දැනගන්න නැහැ. මේ වැඩ දැක්කම මැතිවරණ කොමිසමේ ඉන්නේ නිලධාරීන්ද?, එහෙමත් නැත්නම් දේශපාලනඥයන්ද? කියන ගැටලුව අපිට මතුවෙනවා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමට පත්කරන්න පුළුවන් සාමාජිකයන් තුන්දෙනයි. එහි ගණපූර්ණයත් එච්චරයි. මෙහෙම අද්විතීය තත්ත්වයක් ලෝකයේ කිසිම රටකින් වාර්තාවෙන්නේ නැහැ. මෙහෙම සංයුතියක් හැදුවේ මැතිවරණ කල්දමාගැනීමේ කූඨ අරමුණ ඉටුකර ගන්නයි. මහමැතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලබාගත යුතු බව කොමිසම පැවසුවා. එය ඉතාම භයානක පූර්වාදර්ශයක්. කොහොම නමුත් මැතිවරණ කොමිසම මැතිවරණ සම්බන්ධයෙන් ගනිපු පියවර ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි ඒ ගැන දැඩිව අවධානය යොමුකළ යුතුයි. නීතියේ පවතින මේ අඩුපාඩුකම් නිසා දරුණු ප්‍රතිවිපාක ඇතිවෙමින් තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න රජය කොමිසමක් පත්කළා. එය සත්‍ය සොයා ගැනීමේ අවංක චේතනාවෙන්ම පත්කළ කොමිසමක්. හිටපු පොලිස්පතිවරයාට චෝදනා රාශියක් එල්ල වෙනවා. මොනදේ වුණත් ඔහු අස්කරන්න බැහැ. අවස්ථානුකූලව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීම පමණයි කළ හැක්කේ. පාතාලය ගැන හා බන්ධනාගාරය ගැන නොයෙකුත් දේ හෙළිවෙමින් තිබෙනවා. මේවා නිවරැදිවෙන්න නම් නීතියේ යම් යම් සංශෝධන සිදුවිය යුතුයි. මහ මැතිවරණය ජයගෙන රට යථා තත්ත්වයට පත්කරන්නට කටයුතු කරනවා යැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් හා බදුල්ල දිස්ත්‍රික් අපේෂක උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඡන්ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක්
Rohana Tuesday, 16 June 2020 12:02 PM
මැතිවරණ කොමිසමේ අඩුපාඩු හොයන්න කලින් තමුන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටියොත් නරකද?