***
කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැතිවරණ අපේක්ෂක සිරිපාල ගම්ලත් මහතා ඉකුත් දා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවදී වැඩපිළිවෙළ මුළුමහත් සමාජයම දේශපාලන භේදයකින් තොරව අනුමත කර තිබෙන බැවින් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවා එතුමාගේ ජනබලය තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි ද හෙතෙම කීවේය.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය කොටස්වලට දෙදරා ගොස් ඇතැයි කී සිරිපාල ගම්ලත් මහතා අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනීමට නොහැකි පක්ෂයකින්, රටට, ජනතාවට යහපතක් අපේක්ෂා කළ හැකිදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.
ගම්ලත් මහතා මේ බව පැවසුවේ දිඹුලාගල, දළුකාන ගම්මානයේ දී ඉකුත්දා (10) පැවති මහජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් මහතා මෙසේ ද කියා සිටියේය.
“මේ වන විට මුළුමහත් සමාජයම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවදී වැඩපිළිවෙළ දේශපාලන භේදයකින් තොරව අනුමත කර තිබෙනවා. එළඹෙන අගෝස්තු 5 වැනි දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීම තුළින් එය තවදුරටත් ශක්තිමත් කරගත හැකියි.
කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීම සඳහා ගත් තීන්දු තීරණ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය තුළ පවා ප්‍රසාදයට පාත්‍ර වුණා. සෙසු රටවල් හා සැසඳීමේ දී එය අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. දැන් අපගේ වගකීම බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා එක පෙළට සිටිමින් කටයුතු කිරීමයි. ඒ සඳහා එළඹෙන මහමැතිවරණයේ දී අපට අවස්ථාව උදා වී තිබෙනවා.
ජනාධිපතිතුමා ආණ්ඩුව භාර ගන්නා විට රටේ ආර්ථිකය සියයට 2.5 කින්, බිඳ වැටී තිබුණා. කොරෝනා හේතුවෙන් ඒ, බිඳ වැටුණු ආර්ථිකය තවදුරටත් අවප්‍රමාණය වෙලා. මෙය සුළුවෙන් තැකිය හැකි කාරණාවක් නොවේ. මේ මොහොතේ සෘජු තීරණ ගන්නා නායකයෙක් සිටින බැවින්, අනාගතය පිළිබඳව අපට භීතියක් නැතත්, ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැඟීමේ වගකීම අප සියලු දෙනාටම පැවැරී තිබෙනවා.”
පොළොන්නරුව දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිංහ බණ්ඩාර, ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක නලින් කුමාර, පොළොන්නරුව නාගරික මන්ත්‍රී ලයනල් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනපතිගේ ජනතාවාදී වැඩපිළිවෙළට අතදෙමු
de silva Tuesday, 16 June 2020 11:48 AM
අපේ බත්පතත් සූරාකන හාල්මෝල් කාරයින්ගේ වැදි බණවලින් අපට වැඩක් නැත.