(*** අංජුල මහික වීරරත්න)
සුරක්ෂිත රටක් - විනයගරුක, ගුණවත්ව, නීත්‍යානුකූල සමාජයක් ගොඩ නැගීම සඳහා වන බව සඳහන් කරමින් ජනාධිපති කාර්ය සාධන බළකාය පත්කර ඇත්තේ පිළිගත් ක්‍රමවේදවලට පටහැනි ආකාරයට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කර සිටී.
කාර්ය සාධන බළකායේ සංයුතිය හමුදා සාමාජිකයන්ගෙන් යුක්තව මිලිටරිකරණයකට ලක් කර තිබීම ගැටලුවක් බවද ඔහු කියයි.
මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන්වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජුනි 02 වැනිදා නිකුත් කළ 2178/18 දරන ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කළ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය’ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්විය.
මෙම කාර්ය සාධන බළකායේ අරමුණ රට තුළ කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ව්‍යාප්තිය මර්දනය කරමින් දරුවන් ප්‍රමුඛ සමාජය ආරක්ෂා කරගැනීම, සමාජයේ ගුණගරුක බව සහ විනය ඇති කිරීම ආදිය බව ප්‍රකාශ කර තිබේ.
එහෙත් මෙවැනි සමාජ සංවේදී කාර්යය සාධන බළකාය සම්පූර්ණයෙන්ම හමුදා නිලධාරීන්ගේ පාලනයට නතු කරමින් එය මිලිටරිකරණයට ලක් කිරීම පිළිබඳ අපට ඇතිවන්නේ බරපතළ ගැටලුවකි.
වැඩබලන පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු හැරුණු විට කාර්ය සාධන බළකායේ සංයුතිය සැකසී ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික හෝ දැනට සේවය කරන හෝ සාමාජිකයන්ගෙනි. මෙය සම්පූර්ණයෙන්ම මේ යාන්ත්‍රණයම හමුදාකරණයට ලක් කිරීමකි.
කාර්ය සාධන බළකායට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ ප්‍රධානී, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන කොමසාරිස් ජනරාල්, නීතිපති, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද ආදී ආයතන සහ අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් වැනි පුළුල් පරාසයක උපදේශකත්වය දැනුම ඇති නිලධාරීන් සහ පුද්ගලයන් කාර්ය සාධන බළකායට සම්බන්ධ කර නොගැනීම බරපතළ ගැටලුවකි.
මැතිවරණ කාලපරිච්ඡේදයක් තුළ බලගන්වා ඇති කාර්ය සාධන බළකාය සමාජයේ විශාල පරාස ආවරණය කරමින් ක්‍රියාත්මක වන මිලිටරි යාන්ත්‍රණය වීම මගින් ප්‍රදර්ශනය කරන්නේ ජනාධිපතිවරයා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් නොසලකා කටයුතු කර ඇති බවය. යහපත් දෙයක් යයි සමාජයට හුවාදක්වමින් පත් කර ඇති කාර්ය සාධන බළකාය සැබවින්ම ජනතාවගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදී මූලික අයිතිවාසිකම් පවා අභියෝගයට ලක් කළ හැකි තත්ත්වය නිර්මාණය කිරීමේ අවදානම්සහගත එකකි.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට හා අදාළ කැබිනට් අමාත්‍යවරුන්ට පැවරී ඇති බලතල පවා කාර්ය සාධන බළකාය මගින් අභියෝගයට ලක් කර ඇති අතර සැබවින්ම එම ගැසට් පත්‍රයේම සඳහන් පරිදි ඔවුන් එලෙස කටයුතු කිරීමට යාමෙන් වන්නේ ‘නීතිය උල්ලංඝනය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකමක්’ බවට එය පත් වීමය.
එනම් මෙම ජනාධිපති කාර්ය සාධන බළකාය ක්‍රියාත්මක තලයේදී නීති විරෝධී සමාජ කණ්ඩායම් පත්වීම වැළැක්විය නොහැකිය.
එබැවින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් බලපෑම එල්ල කරන මෙම කාර්ය සාධන බළකායේ සංයුතිය සහ බලතල සංශෝධනය කිරීමටත් එහි කාර්යපථය නිවරැදිව ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා වහා පියවර ගත යුතුය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනාධිපති කාර්ය බළකාය පත්කිරීමේ ක්‍රමවේදය වැරැදියි