X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජාතිවාදීන්ට ආණ්ඩු හදන්න බෑ

(ක.ග. කරුණාරත්න)

මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප‍්‍රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් ආදී සියල්ල අනුව බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජාතිවාදී ලෙස වෙන් වී කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හැදීමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හැදිය හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් යැයි ද සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

‘‘කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. 2015-10-18 වනදා තමයි මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබුවේ. එදා මුල් ගල් තැබුවේ මේ ගොඩනැගිල්ල සඳහා පමණක් නොවෙයි. එදා මුල් ගල් තැබුවේ මේ පාසලේ ගොඩනැගිලි සංකීර්ණයක ව්‍යාපෘතියක් සඳහායි. අද මම මේ උත්සවයට එන්න දිනයක් ලබා දුන්නාම ලේකම්වරු මගෙන් ඇහුවා පටන් ගන්න අනිත් ගොඩනැගිල්ලට මුල්ගල් තියන්න අද යොදාගන්න කියලා. මම කිව්වා ව්‍යාපෘතියකට තියන්නේ එක මුල්ගලයි. එක ගොඩනැගිල්ලකට එක මුල්ගල ගානේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම මුල්ගල් තියන්න උත්සව වුවමනාවකුත් නැහැ කියලා.

මම 2015 මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ පසුගිය වසරේත් අපේ නිලධාරි මහත්වරුන්ගෙන් මම ඇහුවා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ ඇයි මේ තරම් ප‍්‍රමාද කියලා. මට ලැබුණු උත්තරය තමයි ගොඩනැගිලි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩ කලට වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා. මම බලාපොරොත්තු වුණේ මේ එක ගොඩනැගිල්ලක් නෙවේ අවශ්‍ය සියලූ ගොඩනැගිලිවල වැඩ 2015, 2016 කෙරෙයි කියලයි.

නමුත් මම අදත් ඇහුවා ඇයි අනිත් ගොඩනැගිලි පටන් ගන්නේ නැත්තේ කියලා. මට ලැබුණු පිළිතුර තමයි, ඒක සාධරණ පිළිතුරක්, මේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක මේ ගොඩනැගිලි ඔක්කොගේම වැඩ පටන් අරගෙන වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එක ගොඩනැගිල්ලක වැඩ ඉවරවෙලා ඊට පස්සේ තමයි අනිත් ගොඩනැගිලි පටන් ගන්න පුළුවන්. මෙහි තිබෙන ඉඩ කඩත් සමග පාසල් වේලාවේ දරුවන් හැම තැනම දුවනවා, පනිනවා. ඒ නිසා ගොඩනැගිලි කිහිපයක වැඩ එකවර පටන්ගන්න පුළුවන්කමක් නැහැයි කියන එක විදුහල්පතිතුමා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම ඉංජිනේරු මහත්තුරු මට ඒ පිළිබ`දව දැනුම් දුන්නා.

මම හිතනවා ඒකේ සත්‍යයක් තිබෙනවා. ඊළඟට කරන්න තිබෙන්නේ මේ ඉදිරියේ තිබෙන ගොඩනැගිල්ල කඩා නව ගොඩනැගිල්ල හැදීමයි. එයයි ප‍්‍රශ්නය. මම කිව්වේ පුළුවන් තරම් ඉක්මණින් මේ සියලූ ගොඩනැගිලි හදන්නයි කියා. මේ පැත්තේ කවුද කෙනෙක් කිව්වලූ ඔය විවෘත කරපු ගොඩනැගිල්ල විතරයි. බලමු අනෙක් ඒවා හදනවාද කියලා. එවැනි අසත්‍ය ප‍්‍රචාර කරන අයගෙන් අපි ප‍්‍රවේශම් වෙන්න  ඕනෑ. අප විසින් සිදුකරන මේ කඩිනම් සංවර්ධන වැඩකටයුතු ඉතා විධිමත්ව ක‍්‍රමවේදයකට කරගෙන යාමයි අවශ්‍ය වන්නේ. මුදල්වල කිසිදු ගැටලූවක් නැහැ. සියලූම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරගෙන කටයුතු කරනවා. උදේ මම විලයාය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එහිත් සංවර්ධන කටයුතු කරනවා.

පන්සල්වල වගේම මුස්ලිම් පල්ලිවලත් මුදල් ඉල්ලපු හැම කටයුත්තකටම මම සල්ලි දීලා තිබෙනවා. කතෝලික පල්ලිවලටත් දීලා තිබෙනවා. හින්දු කෝවිල්වලටත් දීලා තිබෙනවා. ඒ නිසා සෑම පූජනීය ස්ථානයකම සංවර්ධන කටයුතු කරගෙන යනවා. හැම ගමකම පාසල්වල අලූත් ගොඩනැගිලි හැදෙනවා. හැම රෝහලකම අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම පානීය ජලය, අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු විශාල වශයෙන් කරගෙන යනවා.

මේ වසරේ අපි අලූත් ව්‍යාපෘතියක් පටන් ගත්තා, මම කිව්වා ගොඩනැගිලි විතරක් හදලා හරියන්නේ නෑ විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන කි‍්‍රයාවලියට මුදල් වෙන් කරන්න  ඕන, ගොඩනැගිලි සඳහා වෙන්කරන මුදල් අපතේ යනවා නොවෙයි. නමුත් ඒ කරන ආයෝජනයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීනයි. නමුත් කෙටි කාලීන ආයෝජන විදියට නිෂ්පාදන කි‍්‍රයාවලියට, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන මේ සඳහා දිස්ති‍්‍රක්කයේ හැකියාවන්, දක්ෂතාවන්, නිපුණතාවයන් තිබෙන තරුණ පිරිස් බලලා ඒ අයට මුදල් දෙමු ව්‍යාපෘති කරන්න කියලා.

දැන් අද උදේ ඒ වැඩෙත් පටන් ගත්තා. දිස්ති‍්‍රක්කයේ තෝරාගත් පිරිසකට ඒ සඳහා මුදල් ලබා දුන්නා, මේ අවුරුද්දේ ඒ සඳහා මේ දිස්ති‍්‍රක්කයට මිලියන දාහක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් දිස්ති‍්‍රක්ක සඳහා ඒ විදියට මුදල් වෙන් කරලා තිබෙනවා.

ඒ වගේම අපි අලූත් වැඩසටහනක් පටන් ගත්තා මීට සති දෙකකට කලින්. රටේ ග‍්‍රාමීය සංවර්ධනය, ආර්ථිකය ගොඩනැගීම සඳහා ග‍්‍රාම ශක්ති කියලා. දැනට කි‍්‍රයාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධ ග‍්‍රාම ශක්ති වැඩසටහන කි‍්‍රයාත්මක වෙනවා, අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා.

ඒ වගේම තමයි පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම දිස්ති‍්‍රක්කවල වැව් 600 කට වැඩිය ප‍්‍රතිසංස්කරණය කරන්න සහ අලූතින් වැව් අමුණු ඉදිකරන්න කටයුතු කරනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දීලා තියෙනවා. ක්වේට් රජය සල්ලි දීලා තිබෙනව. විදේශ ආධාර මුදල් විශාල වශයෙන් අපට ලැබෙනවා. ලෝක බැංකුවෙන් මුදල් ලැබෙනවා. මේ ආකාරයෙන් රජය සංවර්ධන කටයුතු රාශියක් කරගෙන යනවා. එහිදී අධ්‍යාපනය ඉතා ප‍්‍රමුඛයි.

රටේ සංවර්ධනය සඳහා නැණවත්, ගුණවත් ඒ වගේම ප‍්‍රඥාවන්ත දැනුමෙන් පිරි ජනතාවක් බිහි කරන්න රටේ අධ්‍යාපනය වර්ධනය කරන්න  ඕනෑ. ඒ සඳහා කිසිදු පසුබෑමක් නැතිව රජය අවශ්‍ය මුදල් වෙන් කරනවා භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය ස`දහා.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පුරවන්න තියෙන්නේ ඉතා සුළු පිරිසකි. ඒක සම්පූර්ණ වුණහම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පිරෙනවා. නමුත් ලංකාවේ සෑම තැනම ප‍්‍රශ්නයක් තිබෙනවා. දෙමළ ගුරුවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මම ගිය සතියේ නුවරඑළියේ ගිය වෙලාවෙත් ඒ ප‍්‍රදේශයේ තිබෙන ගැටලූ සොයා බැලීමේදී දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කිව්වා.

මීට මාස තුනකට පෙර අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තරුණ දරුවන් එකතු කරලා පවත්වපු තරුණ කඳවුරේ අවසන් දිනයේ මුස්ලිම් සහ දමිළ දරුවන් සමග මම සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා මොනවාද තිබෙන අඩුපාඩු කියා. ඔවුන් කියා සිටියේ ගුරුවරුන්ගේ තිබෙන හිඟය සහ උසස් අධ්‍යාපනය සඳහා අදාළ ආයතන මේ දිස්ත‍්‍රික්කයේ නොමැති කමයි. මේ ප‍්‍රශ්න අප විසින් විසඳිය යුතු වෙනවා. එහිදී ගුරුවරුන් අපිට සොයා ගතයුතු වෙන්නේ පාසලෙන්ම තමයි. වැඩි අධ්‍යාපනය ලබන පිරිස්වලිනුයි අපිට ගුරුවන් තෝරා ගත හැකි වන්නේ.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පසුගිය කාලයේ රැකියා නොමැති උපාධිධාරීන් විරෝධතා ආරම්භ කළා. පසුගිය මාසයේ රජය තීරණය කළා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ, දිවි නැගුම අමාත්‍යාංශය යටතේ, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට උපාධිධාරීන්ගෙන් බඳවා ගන්න. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දීර්ඝ කාලයක් නොකරපු වැඩ, අතපසු වූ වැඩයි අපි මේ ඉටුකරන්නේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තිබෙන සිංහල, දෙමළ, මුස්ලිම් පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල පාසල්වල අඩුපාඩුකම් බොහෝ දුරට සම්පූර්ණ වී තිබුණත් මුස්ලිම් සහ දෙමළ පාසල්වල අඩුපාඩුකම් රාශියක් තිබුණා. මම ජනාධිපති ධුරයට පත්වුණාට පසු සිංහල පාසල්වල වගේම මුස්ලිම් සහ දෙමළ පාසල්වලට අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් ලබා දෙන්න අවශ්‍ය මුදල් වෙන්කර මේ වැඩපිළිවෙළ ගෙනයනවා.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රටේ අනෙක් ප‍්‍රදේශවලත් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. අන්සර් මන්ත‍්‍රීතුමා කතා කරන විට සඳහන් කළා මුස්ලිම් පාසලකට තට්ටු තුනේ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ, එසේ වුණු පළවන වතාවයි කියා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙන්නේ, මේ පාසලට අවශ්‍ය අනෙක් සියලූ ගොඩනැගිලි සම්පූර්ණ වූ දවසටයි කියා. පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ දරුවන්ගේ අධ්‍යාපනයේදී සිංහල ද දමිළ ද මුස්ලිම් ද කියා ප‍්‍රශ්නයක් අපිට නැහැ. සෑම දරුවෙක් දිහාම අපි බලන්නේ එකම දරු පිරිසක් විදියටයි.

ඊළඟට මම බලාපොරොත්තු වන්නේ ඉන්දීය රජයේ ආධාර යටතේ මගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අංග සම්පූර්ණ පාසලක් හදන්න. සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දෙනාටම එකට අධ්‍යාපනය ලැබිය හැකි සංහිඳියා පාසලක් ලෙස. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් තිබෙන පාසල්වල තත්ත්වයත් සැලකිල්ලට ගෙන ප‍්‍රධාන පාසලක් ලෙස සියලූ දරුවන්ට සහෝදරත්වයෙන් එකම පිරිසක් විදියට අධ්‍යාපනය ලබන්නත්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමටත් අපි ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ. මේ සියලූ අංශ සම්බන්ධයෙන් අධ්‍යාපනය ද සෞඛ්‍ය ද කෘෂිකර්මය ද  මේ පිළිබඳ දැන් රට වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් අපි කරගෙන යනවා.

මම අද උදේ වරුවේ අරලගංවිලදීත් කිව්වා මේ විදියට වැඩ කරගෙන යනකොට සමහර අය කියනවා මේ ආණ්ඩුව ගෙන යන්න බැහැ. මේක කඩා වැටෙනවා. සමහර අය කියනවා මේ මැයි දිනයට ගොල්ෆේස්වලට සෙනග හුඟක් හිටියා, ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට ආණ්ඩුවක් හදනවා. ඒ ඔක්කොම සිහින තමයි. සාමාන්‍යයෙන් පිට්ටනියකට එක්වෙලා හිටපු ඔලූ ගෙඩි ගාන බලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ.

මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කරනකොට ඡන්දය පාවිච්චි කරන ක‍්‍රමයක් තිබෙනවා මේ රටේ. රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් මේ සියල්ලත් එක්ක තමයි මැතිවරණ ප‍්‍රතිඵල එන්නේ. මීට අවුරුදු 25, 30, 40 කට ඉස්සෙල්ලා ආණ්ඩු හදපු විදියට ඉදිරියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ.

ජාතිවාදී ලෙස වෙන්වෙලා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හදන්න පුළුවන් කියන එක මම ඉතාමත් පැහැදිළිව කියන්න  ඕන.

මේ රටේ සෑම කෙනෙක්ම සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න  ඕන. මේ සෑම පැත්තකම අන්තවාදී පිරිස් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජන කොටසකම අන්තවාදී ලෙස කටයුතු කරන පිරිස් ඉන්නවා. ඔවුන් සාමය කඩ කරන දේවල් කරනවා, අසමගිය ඇති කරන දේවල් කරනවා. ගැටුම් ඇතිකරන දේවල් කරනවා. නමුත් අපි හැම කෙනෙක්ම බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන්, දැනුමෙන්, ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න  ඕනෑ රටක් ලෙස අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ඉදිරියට යන්න.

සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා බලන්නේ නැතිව අපේ දරුවන් කියන හැඟීමෙන් අපි හැම දරුවෙක් දිහාම බලන්න  ඕනෑ. රටේ සෑම පුරවැසියෙක් දෙසම එක විදියට බලන්න  ඕන. එතකොට තමයි සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්නේ.

සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන විට මොන පාට ද මොන පක්ෂයේ ද මොන ජාතියේ ද මොන ආගමේ ද මොන භාෂාවේ ද කියන කාරණා බලලා නොවෙයි, අවශ්‍යතාවය අනුවයි එය කළයුතු වන්නේ. ඒ නිසා මූලික විය යුත්තේ මනුෂ්‍යත්වයයි, මිනිස්කමයි, මානව වාදයයි. අපි සෑමවිටම කල්පනා කරන්න  ඕනෑ තමන්ගේ ප‍්‍රශ්නය වගේම අන් අයගේ ප‍්‍රශ්න, තවත් කෙනෙකුට අපි පිහිට වන්නේ කෙසේද කියන කාරණාව. මමත්වයෙන් තමන් ගැන හිතලා, තමන්ගේ ප‍්‍රශ්නයට පමණක් මූලිකත්වය දීලා කවදාවත් සමාජය යහපත් කරන්න බෑ. ඒ විදියට රටක් ගොඩනගන්න පුළුවන්කමක් නැහැ.

ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි වැඩකරගෙන යනකොට මොන විදිහේ විවේචන, අභියෝග, චෝදනා, අපහාස, උපහාස මේව කොතෙක් ආවත් ඒ සියල්ල යටපත් කරගෙන අපි බලාපොරොත්තු වන යහපත් අරමුණු සඳහා මේ රට අපි ඉදිරියට ගෙනයනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණිලා මවුපියන්, දරුවන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ම හමුවීමට ලැබීම ගැන නැවත වාරයක් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි.’’

උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් සභා මන්ත‍්‍රී එස්.එච්.එම්. අන්සාර් යන මහත්වරුද කතා කළහ.

කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඉක්බාල් මහතා පිළිගැනීමේ කතාව කළේය.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඞ්නි ජයරත්න මහතා ඇතුළු දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් රැුසක් ද දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු විශාල  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ජාතිවාදීන්ට ආණ්ඩු හදන්න බෑ

ramani Saturday, 20 May 2017 09:34 AM

ඕවා උතුරට ගිහිනුත් කියන්න.

:       0       21

sampath Sunday, 21 May 2017 09:54 AM

"මුස්ලිම් මහා විද්‍යාලය", පාසලෙන්ම ජාතින් විදියට බෙදල ඉවරයි. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ....

:       0       7

Lapaya Sunday, 21 May 2017 02:02 PM

පාවා දීලා ආණ්ඩු ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවාද?

:       0       11

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site