(අමරදාස සිල්වා)
නීතියේ දෙවඟනගේ දෑස් කළු රෙදි පටියකින් බැඳ තිබුණත් නව අධිකරණ ඇමැතිනී තලතා දේවියට හොඳට පෙනෙන්නට ලොකු කණ්ණාඩි කුට්ටමකුත් දමාගෙන සිටින නිසා එතුමිය අධිකරණයට බලපෑම් කරාවි කියන සාධාරණ සැකයක් මතුවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
එසේම නව අධිකරණ ඇමැතිතුමියට එම තනතුරු ලැබුණේ අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නට එකඟ වූ නිසා ද කියන ප‍්‍රශ්නයටත් වහාම පිළිතුරු සැපයිය යුතු බව ද පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ ඉකුත්දා (28) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කීය.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම පක්‍ෂය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
”තලතා අතුකෝරල ඇමැතිතුමියට අධිකරණ ඇමැති ධුරය ලැබීම පිළිබඳව අපි සුබ පතනවා. ඇමැති ධුරය භාර ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස අධිකරණයටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට එතුමිය එකඟ වුණා ද? නැද්ද? කියා දැන් සමස්ත ජාතියටම කුකුසක් ඇතිවෙලා තිබෙනවා. මක්නිසා ද? හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පවසා තිබුණා අධිකරණයට බලපෑම් කරන්නට එකඟ නොවූ නිසා තමන් එම ඇමැති ධුරයෙන් ඉවත් කළා කියා.
නීතියේ දෙවඟන තීන්දු ගන්නේ චෝදනාවට ලක්වෙන පුද්ගලයා මත නොවෙයි. ඒ නිසයි නීතියේ දෙවඟනගේ දෑස් කළු රෙදි පටියකින් බැඳලා තිබෙන්නේ. නමුත් නව අධිකරණ ඇමතිනී තලතා දේවිය සිටින්නේ දෑස බැඳගෙන නොවෙයි. හොඳට පෙනෙන්නට ලොකු කණ්ණාඩි කුට්ටමකුත් දමාගනෙයි. එම නිසා එතුමිය අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරාවි කියන සාධාරණ සැකයක් සමස්ත ජාතියටම ඇතිවී තිබෙන බව සත්‍යයක්.
පසුගිය සතියේදී අගමැතිතුමා කෝප් පාද සටහන් කල්ලිය පිරිවරාගෙන අරලියගහ මන්දිරයේදී නීතිපති හමුවෙලා තියෙනවා. හිටපු අධිකරණ ඇමැතිතුමාට ආරංචිවෙලා තියෙනවා පාද සටහන් කල්ලිය නීතිපතිට ඉතාම අශීලාචාර අන්දමින් කතා කළා කියලා. කෙසේ වෙතත් නීතිපතිතුමා කියන්නේ අගමැතිතුමා හමුවීමට තමන් ගිය බවයි.
ජනතාව හඬනගනවා බැඳුම්කර කොමිසම ඉදිරියට මීළඟට කැදවිය යුත්තේ අගමැතිතුමා සහ පාද සටහන් කල්ලිය බවට. දැන් ජනතාව ප‍්‍රශ්න කර සිටිනවා නීතිපතිට පාද සටහන් කල්ලිය හමුවීමට අවශ්‍ය වුණේ ඇයි කියා. මෙම රහස් සාකච්ඡාව නිසා ජනතාවට බැඳුම්කර කොමිසම ගැන තිබුණු විශ්වාසය පළුදුවීම වළක්වන්නට බැරිවේවි. එම නිසා මේ රටේ අධිකරණය පිළිබඳ යුක්තිය පසිඳලන යාන්ත‍්‍රණය ගැන තවදුරටත් විශ්වාසය රැකගැනීමට නම් පාද සටහන් කල්ලිය හමුවීමට බලපෑ හේතුව නීතිපති විසින් රටට හෙළි කළ යුතු වෙනවා. නීතිපති අගමැතිතුමාගෙන් උපදෙස් ගත්තා නම් එතැන බරපතළ වරදක් සිදුව ඇති බව ලෝක සම්මතයක්.
ඒකාබද්ධ විපක්‍ෂය රාජිත සේනාරත්න ඇමැතිතුමාට එරෙහිව විශ්වාසභංග දහයක් ගෙනාවත් එතුමාගේ වැඩපිළිවෙළ දිගටම කරගෙන යන බව පවසා තිබෙනවා. ඒ කියන්නේ මෝදර ධීවර වරාය වගේ අනෙක් ධීවර වරායන් ද කුණු කොල්ලයට බදු දෙනවා කියන එක ද කියා අපි ප‍්‍රශ්න කර සිටිනවා.
එතුමාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයෙන් අපි චෝදනා 11ක් දක්වා තිබෙනවා. ඒ සියල්ලටම අපි ළඟ සාක්‍ෂි තිබෙනවා. එයින් හතරක්ම සයිටම් අර්බුදයට සම්බන්ධයි. සයිටම් ප‍්‍රශ්නය විසඳන්නට තිබෙන එකම බාධාව රාජිත සේනාරත්න ඇමැති බව දැන් රටම දන්නවා. රුපියල් ලක්‍ෂ 17කට බද්ද තක්සේරුව කර තිබුණු මෝදර වරාය රුපියල් 125,000ක මාසික බද්දකට බදුදීම ගැන අපි රාජිත සේනාරත්න ඇමැතිතුමාට චෝදනා නගා තිබෙනවා. හැකි නම් මේවා බොරු බවට ඔප්පු කරන හැටියට අපි අභියෝග කරනවා.
මේ ආණ්ඩුව පළාත් පාලන පනතට ඉදිරිපත් කළ සංශෝධනයකින් ක්‍ෂේත‍්‍ර නිලධාරී තනතුරු සමග මන්තී‍්‍රධුර දරමින් සිටි පළාත් පාලන මන්තී‍්‍රවරුන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවකට නැවත තරග කිරීමේ අවස්ථාව ද හිමි කරලා තිබෙනවා. නමුත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් වන නීති ගැටයක් තිබෙන බව ඩිලාන් පෙරේරා ඇමැතිතුමා කියා තිබෙනවා. එතුමා ක්‍ෂේත‍්‍ර නිලධාරීන්ට ඇත්තටම ආදරේ නම් නීති ගැටය ගැන කතා නොකර සද්ද නැතුව සිටින හැටියට ඉල්ලා සිටිනවා. වෙලාව ආවාම නීති ගැටය ලිහා ගනිමු.”
පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක ධම්මික රත්මලේ මහතා ද අදහස් දැක්වීය. එම පක්‍ෂයේ පඬුවස්නුවර සංවිධායක සුපුන් රණසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලතාට අධිකරණ ඇමැතිකම දුන්නේ ඇයි?
Rohana Thursday, 31 August 2017 06:11 AM
උදය ගම්මන්පිල මහතාගේ වංචා නඩුව ඉක්මන් කරන්න. බයේ කැගහන්නේ ඒකයි
Jayampathi Thursday, 31 August 2017 09:39 AM
රටේ ඉන්න ඕනේ කෙනෙකුට තේරෙනවා විජයදාස රාජපක්ෂ නඩු ප්‍රමාද කිරීම සඳහා බලපෑම් කලබව. ඔහු තනිකරම පෙනී සිටියේ රාජපක්ෂලා වෙනුවෙන්. ප්‍රසිද්ධියේ කියා සිටියේ ඔහු ඉන්නකම් ගෝඨාභයව අත්අඩංගුවට ගන්න ඉඩ නොදෙන බවයි. ඇමැතිකමෙන් ඉවත්වී කෙලින්ම ගියේ කොහාටද කියලත් ජනතාව රූපවාහිනියෙන් දැක්කා. තලතා මහත්මියව පත්කලේ පක්ෂ විපක්ෂ සැමට විරුද්ධව ඇති අධිකරණ කටයුතු කඩිනම් කිරීමටයි. ගම්මන්පිල කතාව කණපිට හරවන්නේ තමුන් ඕස්ට්‍රේලියානු මුදල් වංචා නඩුවත් ඉක්මන්වෙයි කියන බයටයි..
THESHAN Thursday, 31 August 2017 10:16 AM
ව්‍යසනයක්, උපද්‍රවයක් වෙන්න තියෙන කොට, ඉස්සෙල්ලම කලබල වෙලා දුවන්නේ පන බේරගන්න මීයෝ, මේත් ඒ වගේ කෙනෙක්... දැන්මම බයවෙලා.
rohana Thursday, 31 August 2017 02:55 PM
නැහැ අපි මෙයාට දෙමු.
Deepal Nirosh Sunday, 03 September 2017 08:52 AM
තලතා ඇමතිතුමිය අධිකරණ ඇමැතිකම තියාගෙන බලපෑම් කරනවා කියමුකෝ... එතකොට තමුන් වහන්සේ එදා රටේ හැම නීති ආයතනවලටම බලපෑම් කළේ අඩුගානේ කැබිනට් ඇමති කමක්වත් තිබිලද?
rocky Sunday, 17 September 2017 02:11 PM
මේ මහත්තයයි අපේ විමලේ මහත්තයයි කරට කර! කඩදාසි කුට්ටමේ වුණත් ජෝකර්ලා දෙන්නෙක්ම ඉන්නවනේ !