(නිමල කොඩිතුවක්කු)
මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප‍්‍රහාරය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ නිරික්ෂණ චාරිකාවේදී එල්ල නොවීමෙන්ම රටේ සිදුව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස පැහැදලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා කොළඹදී අද (19) පැවසීය.
එදා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට කුණු බිත්තර, තක්කාලි වලින් පහරදි වෙඩි තැබිමට උත්සාහ ගත්තත් ඒකාබද්ධ විපක්ෂය සිදුකළ නිරික්ෂණ චාරිකාවේදී එම මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සහ තොරතුරු ලබා දිමට රජය පියවර ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් රජය රටතුළ සිදුකරන දේශපාලන සංස්කෘතියේ වෙනස බොහෝ දෙනෙකු රජයේ දුර්වලතාවයක් ලෙස දකින බවත් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට ගිය අවස්ථාවේදී අපිට මැරයන් යොදා පහර දුන්නා. (වීඩියෝ දර්ශන පෙන්වමින්) කුණු බිත්තර වලින් ගැහැවා, තක්කාලි වලින් ගැහුවා. අපිට නොයෙක් වධ හිංසා සිදුකළා.
අපේ ජීවිත එදා බේරුණේ මාධ්‍යවේදීන් නිර්භීතව ඒ සියල්ලම වීඩියෝ ගත කළ නිසයි. ඒ ගැන අපි මාධ්‍යයට ස්තූති වන්ත වෙනවා. පිස්තෝලයක් අරගෙන අපිට වෙඩි තියන්න දුවගෙන එද්දිත් නිර්භීත මාධ්‍යය වේදීන් ඒවත් වාර්තා කළා. අපේ ආරක්ෂක නිළධාරීන් සහ මාධ්‍යවේදීන් නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අපි රජයේ ඉඳලත් මේ සිද්ධිය අධිකරණයට ආවේ මේ වසරේදීයි.
එදා මේ රටේ තිබුණු වාතාවරණය අද තියෙන වාතාවරණයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය සතියේදි විපක්ෂ මන්ත‍්‍රීවරුන් මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ අයට රජයෙන්වත් කිසිම පාර්ශවයකින්වත් කිසිදු බාධාවක් හිරිහැරයක් එල්ල වුණේ නැහැ.
ඒ අයට ඕන තැනක යන්න රජයේ නිළධාරින් මුන ගැහෙන්න ප‍්‍රශ්න කරන්න, තොරතුරු දැන ගැනීමට අයිතිය යන මේ සියල්ලක්ම අපේ රජය ලබාදිලා තියෙනවා. මොකද අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදුකරමින් සිටිනවා. හුඟක් අය මේක දකින්නේ අපේ දුර්වල කමක් හැටියටයි. නමුත් මේක අපේ දුර්වල කමක් නෙමෙයි.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දැන් වෙනස පැහැදිලියි - එරාන්
Senarath Thursday, 19 July 2018 10:16 AM
වෙනස බොහොම පැහෙදිලි. ඩොලරය රුපියල් 132 ට තිබුණු එක දැන් 162, ඉතිහාසේ පළමු වතාවට පොල් පිටරටින් ගෙනාව, වී අතිරික්තයක් තිබුණු රටේ දැන් හාලුත් පිටරටින් ගෙනෙනවා , ඉඩම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව දෙගුණ කලා, විවාහයක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 10 ගුණයකින් වැඩිකලා, ඇමතිලා මන්ත්‍රිලා හොදට බෙදාගත්තා, මේ වෙනස බොහොම පැහැදිලියි.