X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


දිවි පිදූ ආබාධිතවූ රණවිරුවන් සමරා හෙට පහනක් දල්වන්න

(මොරගහහේන - කේ. බුද්ධික කුමාරසිරි)

“මේ අපි යුද්ධය අවසන් කරපු මාසයයි. එය සමරන්න රජය කටයුතු කරන එක අතහැර දාලා තියෙන්නේ. දකුණේ මැයි 19 වෙනිදා මියගිය සෑම දෙනාම සැමරුවත් උතුරේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් එල්ටීටීඊ එකේ මියගිය අය පමණක් සමරන්න කටයුතු කරනවා. රණවිරුවන් නොහිටියා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි යුතුකමක් හා වගකීමක් ලෙස යුද්ධයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ සියලුම රණවිරුවන් වෙනුවෙන් මැයි මස 19 වෙනිදාට පහනක් දැල්වීමට කටයුතු කළ යුතු යැයි මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කඩුවෙල මානුංගලදී පැවසීය.

කහතුඩුව ශ්‍රී සුමන පුෂ්පිකාරාමය, මානුංගල පුරාණ විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති කීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී උඩවෙල සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආචාර්ය පියංක පෙරේරා මහතා හා එම මහත්මිය සිය මියගිය මව්පියන්ට පින් පතා ඉදිකරන ලද විහාර මන්දිරය සහ වෙළෙඳ ව්‍යාපාරික නිරෝෂන් නානායක්කාර මහතාගේ පූර්ණ දායකත්වයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා:-
“දේශපාලන නායකත්වය මෙන්ම රණවිරුවන්ගේ කැපවීම නොවන්නට අපිට යුද්ධය අවසන් කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා යුද්ධයෙන් අත් පා ශරීරයේ කොටස් අහිමි කර ගනිමින් අපේ අද දවස වෙනුවෙන් ජීවිත කැප කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන සියලු දෙනාට පින් පතා සහ ආශිර්වාද පතා මැයි 19 වැනිදාට පහනක් දැල්වීම අපගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. එසේ නොවුණහොත් එය අප විසින් අපටම කර ගන්නා අවමානයක් වෙනවා.”
“අපි රණවිරුවන් වෙනුවෙන් හදපු තවමත් වැඩ අවසන් නොමැති සඳ හිරු සෑය චෛත්‍යයේ වැඩ අවසන් කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එයට මුල් වුණේ කවුරුදැයි සිතන්න එපා. එය වැඩ අවසන් කර ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා ලෙස ඔබතුමාම විවෘත කරන්න. ඒ පිළිබඳ ගැටලුවක් අපට නැහැ. රණවිරුවන් වෙනුවෙන් යුද ජයග්‍රහණය සිහිවනු වස් ඉදි කරන ලද එම චෛත්‍යය ජය ශ්‍රී මහා බොධින් වහන්සේට පූජා කරපු චෛත්‍යයෙහි වැඩ කඩිනමින් අවසන් කර යුද ජයග්‍රහණය අමතක කරන්න කටයුතු කරන පිරිස්වලට ඉඩ නොදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අප නැවතත් මතක් කර සිටිනවා”.

“අද වන විට අලුතින් දහම් පාසලක් හෝ පන්සලක් හදන්න අවසර ගන්න වෙන යුගයක් ඇවිත් තියෙන්නේ. මේක සෑම ආගමකටම ගැටලුවක්. අදාළ කමිටුව අවසර නොදුන්නොත් ඊටත් ඉහළ කමිටුවකට යන්න වෙනවා. යමෙක් ඊට විරුද්ධ වුණොත් සියලු ආගමික නායකයන්ගේ කොමිටියකට දානවා. අද බෞද්ධයා ප්‍රමුඛ සියලු ආගමිකයන් මෙහෙම අවසර ගන්න ගියොත් මම හිතන්නේ එය ව්‍යවස්ථාවට පටහැනියි කියලයි. ඒ නිසා ගෞරවණීය ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි මා හිතනවා. සිද්ධියක් වූවාට පසු අපි ඒ ගැන කතා කිරීමෙන් පමණක් වැඩක් වෙන්නේ නැහැ”.

“මේ විදිහට බදු බර වැඩි කරමින් ජනතාව පීඩනයට පත් කරන යුගයක් බිහිවෙලා නැහැ. අද වන විට රට පත්වෙලා තියෙන තත්ත්වය සහ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම පිළිබඳව අපි හොඳ අවබෝධයකින් ඉන්නේ.  අපේ ජනතාව පත්වෙලා තියෙන පීඩනයෙන් ජනතාව මුදා ගැනීමට රජය වහා මැදිහත්ව කටයුතු කළ බව ද මෙහිදී සිහිපත් කරනවා” යැයි ද පැවසීය.

එම අවස්ථාවට සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

 “අද වන විට රටත් සම්බුද්ධ ශාසනයත් විවිධ ආකාරයේ අභියෝගවලට මුහුණදෙන කාලයක්. මේක සම්බන්ධයෙන් කොයි පැත්තෙන් ඇහුවත් සතුටු වෙනවාට වඩා දුක් වෙන්න වෙන ආරංචි තමා අහන්න ලැබෙන්නේ. අපි පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලා උතුරේ සහ නැගෙනහිර සමහර දේශපාලකයන් කියන කොට අපේ අනුරාධපුරයේ විජිතපුර මහ දවල් ඩෝසර් කර දමන්න කටයුතු කරනවා. පසුගිය දවසක නිවාස ව්‍යාපෘතියක් හදනවා කියලා විජිතපුර පුරා විද්‍යාත්මක සම්පත් මහ දවල් ඩෝසර් කළා. කොල්ලකෑවා.  ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආරංචි විදිහට එදා විජිතපුර ඩෝසර් කරනකොට නිවාස ඇමැතිවරයා අනුරාධපුරයේ හෝටලයක ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන හොයන්නේ නැහැ. හැම පැත්තෙන්ම මේ රටේ බෞද්ධ ජනතාවට කෙනෙහිලිකම් තමා සිදුවෙන්නේ”. 

“මැයි 19 යුද ජයග්‍රහණය සමරන්නේ නැති එකෙන්ම අපේ රටට ඇති ලොකු කණපිට හැරවිල්ල දැකගන්න පුළුවන්. උතුරේ අපේ බදු සල්ලිවලින් කොටි ත්‍රස්තයන් සමරන කොට උතුරු පළාත ශෝක දිනයක් බවට පත් කරලා ජාතියක් විදිහට අපි වැටිලා තියෙන මේ තත්ත්වයට වගකිව යුත්තේ කොඳු බිඳ ගත්තු පාලකයන්” යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

 



අදහස් (10)

දිවි පිදූ ආබාධිතවූ රණවිරුවන් සමරා හෙට පහනක් දල්වන්න

Raveendra Friday, 18 May 2018 06:08 AM

අපගේ ආදරණිය මාතෘ භූමිය වෙනුවෙන් තම ජිවිත පුජා කල සහ තම ශරීර අවයවන් පුජාකළ අපගේ විරෝධාර රණවිරුවන්හට අප සදා ණයගැතිය. ඔබලාගේ නම් සදා අමරණිය වන අතර ලක්මවගේ හදවතේ රන් අකුරෙන් ලියවී ඇත. එය කිසිදු දේශපාලුවෙකුට මකා දැමිය නොහැක. එමෙන්ම ඒ සදහා නායකත්ව දුන් සියලුම නිලදාරින්ට ඔවුන් විසින් කරන ලද අභීත තීන්දු, තීරණ වෙනුවෙන් අප හිස නමා ආචාරය කරන්නෙමු. එමෙන්ම මෙම විරෝධාර රණවිරුවන්ගේ ආදරණිය, මෑණියන්, බිරින්දෑවරුන් , දුදරුවන් හට ඔබලාගේ කැපකිරීම් වෙනුවෙන් අපගේ හෘදමය ස්තුතිය පුදකරන්නෙමු.

:       2       438

Bamunuarachchi Friday, 18 May 2018 12:25 PM

ඔබතුමා නොසිටින්නට මොන සොල්දාදුවටවත් මේ යුද්ධය දිනන්න බැහැ. ඔබතුමා බලයට එන්න කලිනුත් සිටියේ මේ හමුදාවමනේ.. මොකද ඒ කාලේ යුද්ධය දිනන්න බැරිවුනේ?

:       887       403

chathuri Friday, 18 May 2018 10:31 PM

කවුරු රජ වෙලා හිටියත්. වැඩක්. නැහැ. හමුදාවයි පොලිසියයි නැතිනම්. , කොයි තරම් දුකක් වින්දද , සටන් කරන්න. ලොකු ලොක්කෝ හිටියට. තුවක්කුවෙන්. ඉලක්කයට. වෙඩි තියන්න දන්නේ. මේ. අයට. විතරයි නමුත් මන්ත්‍රීන්ට තියෙන සැපවත් නැහැ රණ විරුවන්ට යුද්දය දිනලත්. රජවෙලා හිටියා. නමුත්. රණවිරුවන් වෙනුවෙන් මොනවද. කෙරුවේ දැන් පහන් පත්තු කරනවා ඒ. දිනේට ඇමති වරුන්ගේ. දීමනා නතර. කරලා රණ විරුවන්ගේ. දීමනා වැඩි. කරන්න

:       0       233

Chanak Los angeles Saturday, 19 May 2018 12:53 AM

ඒවගේම අපි මතක් කරනවා මොහු එදා ඔවුන්ගේ පක්ෂයේ උපසභාපති ලෙස පත් කල කොටිසන්විධානයේ දෙවෙනි සන්නද්ධ නායකයා අනින් ඝාතනය වුනු නිරායුධ පොලිස් නිලධාරීන් 600 ත් සිරිමා බෝධිය අසල සිටි බැතිමතුනුත් සමරා පහනක් දල්වන්න කියා .

:       83       436

BamunuarachchiSaturday, 19 May 2018 08:19 AM

ලොස් අැන්ජලීස්වල හිටියට, හිතීමේ හැකියාව බොහොම බාලයි නේද?

:       233       42

Chanak Los angelesSaturday, 19 May 2018 04:22 PM

මම හිතපු දෙයක් නොවෙයිනේ රටේ වුන දෙයක්නේ කීවේ. වදින තැන් වලට වැදිලා රිදෙනවනම් අපි මොනවා කරන්නද ?

:       0       231

Ajith NissankaSunday, 20 May 2018 04:00 AM

මේ ගොල්ලෝ එක්ක පස්සේ සෙට් වෙච්ච අයවත් වත් මතක් කලානම් තමා වඩාත් හොද!

:       40       5

Ajith Nissanka Saturday, 19 May 2018 04:12 PM

චානක්ගේ හිතීමේ හැකියාව ටිකක් අඩු තමයි! මහින්ද මහත්තයා සහ ගොටාභය මහත්තයා යුද්දය වෙනුවෙන් කරපු සේවාව වගේම ඔවුන් බලයට පත් කිරීම සදහා වැඩ කරපු දේශමාමක බලවේග ගැනත් කවුරුත් මතක් කලොත් හොදයි!

:       146       65

Chanak Los angeles Sunday, 20 May 2018 12:05 AM

අජිත් ...දේසපලකයා පොරොන්දු ප්‍රකාශයක් හදාගෙන රටේ ජනතාවට දිවිහිමියෙන් එය ඉෂ්ට කරනවා කියා පොරොන්දු දී ඒවෙනුවෙන් සියලුම වරප්‍රසාද ලබනවානම් ...ඔව් රටේ ප්‍රශ්න විසඳීම ඔවුන්ගේ රාජකාරියයි .. හැබැයි ඒවා ඉෂ්ට කළා කියා රටේ සම්පත් ඔවුන්ට ඕනේ ආකාරයට බුක්ති විඳීම ඔවුන් ට අයිති රාජකාරියක් නම් නොවෙයි ...උදාහරණයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් පරිහරණය කරමින් තම දෙමාපිය සොහොන් ගෙවල් තැනීම ශිෂ්ට සම්පන්නද ?

:       0       219

Ajith Nissanka Sunday, 20 May 2018 04:47 PM

චානක් මම පල කලේත් ඔය වගේ අදහසක් තමයි !!! මම කියන්න හැදුවේ කොටි සංවිධානයේ දෙවැනි නායකයා විතරක් නෙවෙයි, එම සංවිධානයේ විදේශ නායකයා මැලේසියාවෙන් අල්ලාගෙන ඇවිත් එයත් එකතුකර ගත්තා කියලා ! නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් පරිහරණය කරමින් තම දෙමාපිය සොහොන් ගෙවල් තැනීම මෙයාලා කරලා තියෙන මෙගා ඩීල්වල සොච්චම් ඩීල් එකක් විතරයි !!!

:       0       57

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site