X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි

දුප්පත් පංතියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලූ වැටෙන කාලය අත ළඟ යයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලූණුගම්වෙහෙරදී පැවසීය.

39 වැනි උදා ගම්මානය වන ලූණුගම්වෙහෙර-පහළ මත්තල, -සිරිබරගම” ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.

වසර 2015 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව යළි පිබිදෙන ‘උදා ගම්මාන’ වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන්නේ 39 වැනි ආදර්ශ ගම්මානයයි. දුෂ්කර ලූණුගම්වෙහෙර කොට්ඨාසයේ පහළ මත්තල ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකළ -සිරිබරගම” විදුලිබල පහසුකම්, පානීය ජලය, මාර්ග ඇතුළු සියලූ පහසුකම් සහිතව ජනතා අයිතියට පත් කෙරෙනවා.

‘‘සිරිබරගම” අවට තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතිනවා. ඉන් පළමුවැන්න නම් නිදහස් දිනය සමරමින් ආරම්භ කළ -සියත්ලංකාගම”යි. දෙවැන්න නම් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා ආරම්භ කළ -ඇත්රජගම” ගම්මානයයි. මේ ගම්මාන 3 එක් වන මාර්ග පද්ධතිය ලබන වසර වන විට කාපට් ඇතිරූ අංග සම්පූර්ණ එකක් බවට පත් කරන ලෙස මා උපදෙස් දුන්නා.

ජනාධිපති කාර්ය සාධක බලකා සතරකින් ගම්මානවලට අලූත් ශක්තිය ලැබෙනවා. ඒනම්, පරිසර සංරක්‍ෂණය උදෙසා රුක් රෝපණය, පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වන ගෙවතු වගාව, මත් ද්‍රව්‍ය නිවාරණය සහ භයංකාර වකුගඩු රෝග නිවාරණයයි.

ඇතැමුන් අපේ උදා ගම්මාන වැඩපිළිවෙළ විවේචනය කරනවා. උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් කැලෑ කපා පරිසර විනාශයක් ගෙන යන බවට සාවද්‍ය චෝදනා නැගෙනවා. අප සියලූ ගම්මාමාන හරිත ගම්මාන’ බවට පත් කරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. සියලූ ගම්මාන තිරසර සංවර්ධනය වෙත අප යොමු කරනවා.

හැම ගම්මානයක්ම වන සංරක්ෂණ, වනජීවී ආරක්ෂණ හා ජනතා සෞඛ්‍ය තහවුරු වන පරිපූර්ණ ජීවිත නිර්මාණය වන කේන්ද්‍රස්ථාන බවට පත් කරනු ලබනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කරන්නේ පවතින සංවර්ධනය බලා සිටීමට බැරි පුද්ගලයන් විසිනුයි. ඔවුන් කියන්නේ යහපාලන රජය බලයට පත්වූ පසු සංවර්ධනය නොවන බවයි.

නිවාස සංවර්ධනය මැනවින් වන විට පුහු විවේචනයන් කියන්නේ මේ වැඩපිළිවෙළ නිසා පරිසර විනාශය වන බවයි.

පසුගිය ආණ්ඩු කාලයේ මේ ප‍්‍රදේශයෙන්ම බිහිවූ රාජ්‍ය නායකයා සිය බලතල ක‍්‍රියාත්මක කරමින් සිය ගැත්තන්ට, හිතවතුන්ට, සුවච කීකරු ගෝල බාලයන්ට අක්කර 100-200 බෙදා දෙන විට පරිසර විනාශය, කැළෑ එළි කිිරීම ගැන කවුරුන් හෝ කතා කළේ නැහැ. එසේ කතා කළා නම් කට කපා දැමීමට හෝ සුදු වෑන් එකෙන් ගොස් හෝ දඬුවම් විඳීමට වෙනවා.

උදා ගම්මාන වැඩපිළිවෙල හරහා ක‍්‍රියාත්මක කරන්නේ දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ‘මිනාසා ජීවත් කරවීමේ සංකල්පය’ යි. ගම්මානවල නිවාස ලැබී තිබෙන්නේ නමට රටේ පුරවැසියන් වුවත් එක බිම් අඟලක් හෝ නැති පවුල්වලටයි. ඔවුන්ට සර්වජන ඡුන්දයත් තිබෙනවා. එහෙත් තමන්ටම යයි කිව හැකි බිම් කොටසක අයිතියක් නැහැ.

ගම්මානයට නුදුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තනා තිබෙනවා. එයට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ ගුවන් තොටුපළ වෙනුවෙන් කැලෑ අක්කර දහස් ගණන් විනාශ කළා.

ගුවන් තොටුපොළක් ඉදි කිරීමට මා විරුද්ධ වන්නේ නැහැ. එහෙත් එය තිරසර සංවර්ධන ක‍්‍රියාදාමයකට යොමු නොවන සේ සැලසුම් විරහිතව ඉදි කළ එකක් වනවා. මේ අකර්මණ්‍ය ව්‍යාපෘතියේ අයිතිය අපේ රටට තබා ගනිමින් එය විදේශීය රටවල වානිජ ආයතන සමඟ බද්ධ ව්‍යාපාරය හැටියට නැවත සක‍්‍රීය කිරීමට අප බලාපොරොත්තු වනවා. එසේ කළහොත් ඒ සංවර්ධන ක‍්‍රියාදාමයක් සමඟ තවත් රැුකියා විශාල ප‍්‍රමාණයක් බිහිවනවා.

ගම්මානයේ ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ජාති, ආගම්, පංති, පක්ෂ, කුල-මල භේදයෙන් තොරව වගකීම් නිසිලෙස ඉටු කර තිබෙනවා. සමෘද්ධියෙන් හිමි වන්නේ මසකට වරක් මූල්‍ය ආධාරය පමණයි. මාසිකව සමෘද්ධි මුද්දරය ලැබෙන විට යම් පවුල් ප‍්‍රමාණයක් සෑම මසකම රජයේ දීමනාව බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ඔවුන්ගේ නැති - බැරිකම හා අග - හිඟකම නිසායි.

පසුගිය රජය සමයේ මැතිවරණයක් එළඹෙන විට සමෘද්ධිලාභියාට ‘සෙනසුරු ඒරාෂ්ඨකය’ එළඹුණා වගේ ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කැපෙන බවට දුප්පත් ජනතාව බය කරමින් දොරින් - දොරට යන රජයේ පඩි ලබන පුද්ගලයන් පත්කර තිබුණා. සමෘද්ධි ප‍්‍රතිලාභීන් තමන්ගේ දීමනාව කැපේදෝ යි හූල්ල හූල්ලා බියෙන් ජීවත් වුණේ.

උදා ගම්මාන වැඩපිළිවෙළ යනු මාසික දීමනා වෙනුවෙන් දුප්පත් ජනතාව වහලූන් බවට පත් කරන එකක් නොවෙයි. අපට ඉඩම් නොමැති පවුල්වලට රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉඩම් කොටස දෙන්නේ නොමිලයේයි. ඒ අනුව බිම් අඟලක්වත් නැති පවුලකට හිමි වන්නේ ප‍්‍රාග්ධන සම්පතක අයිතියයි. එයින් ඒ පවුලේ වටිනාකම ඉහළ නැංවෙනවා.

ඉඩම පමණක් නොව එහි නිවස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මූල්‍ය ආධාරත් දෙනවා. නිවාස ඉදිකළ පසුව බිම් කොටසේ වටිනාකම දෙතුන් ගුණයකින් ඉහළ යනවා. සමෘද්ධිය  ඕනෑම මොහොතක නතර කළ හැකියි. එනමුත් තමන් ඉදිකරගත් නිවස කිසි කෙනෙකුට ආපසු උදුරා ගත නොහැකියි. අපේ නිවාස සංවර්ධන වැඩසටහන සහ සමෘද්ධිය අතර වෙනස එයයි.

හැම නිවසක් වෙනුවෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරනවා. ඒ අනුව හැම ප‍්‍රතිලාභියකුටම ඉඩමක් නමැති ප‍්‍රාග්ධන සම්පත, නිවස, ගමට විදුලිය, ජලය ලැබෙනවා, මාර්ග පද්ධතිය සකස් වනවා. තිරසර පරිසර සංවර්ධනය වනවා.

ගෙවතු වගා වැඩපිළිවෙළ නිසා පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වනවා. මත්ද්‍රව්‍ය නිවාරණයත්, වකුගඩු රෝග නිවාරණයත් වනවා. සියල්ල නිසා ගම්මානවල ජීවත්වන පුද්ගලයන්ට දෙපයින් නැඟී සිටීමට හැකි වටපිටාවක් නිර්මාණය වනවා.

අප මෙසේ සවිබල ගන්වන්නේ මොන බලවතකුට හෝ කෙරුමකුට හෝ ඒ හිමිකම් නැවත ඔබෙන් උදුරා ගන්න නොහැකි වන ලෙසයි. භූමියකට, නිවසකට අයිතිය ඇති විට ඔබට ජන සමාජය පිළිගැනීම ඇති වනවා. එසේ තමන්ගේම යයි කිව හැකි නිවසක ජීවත් වීමේ මානව අයිතිය තහවුරු කර තිබෙනවා.

ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යතුමාත් ඉදිරි වසර තුන තුළ ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මහා සංවර්ධන සැලැස්ම ප‍්‍රකාශයට පත් කළා. මහා සංවර්ධන පිම්මකට අදාළ සැලසුම් සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබෙනවා.

ඉකුත් මහ මැතිවරණයෙන් පසුව නව උදා ගම්මාන 454ක වැඩ අප ආරම්භ කළා මේ වසර අවසාන වන විට ඒ සංඛ්‍යාව 500බවට පත් වනවා.

එපමණක්ද නොව අද වන විට දිවයින පුරා පවුල් 222,000 කගේ නිවාස ගැටලූවලට විසඳුම් දෙමින් ඒ යටතේ නිවාස, නිවාස ණය, සිමෙන්ති ආධාර දී තිබෙනවා. ඉදිරි වසර 3 තුළදී තවත් උදා ගම්මාන 2,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කරනවා. මීළඟ ජන වරම සඳහා ජනතාව අතරට අප යන්නේ ඉන් පසුවයි.

මේ උත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 950ක සහන පවුල් 700 කට ආසන්න ප‍්‍රමාණයක් අතර බෙදී යන වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වනවා.

සියල්ල අනුව අපට පෙනී යන්නේ ඉදිරියේදී වීමට නියමිත දැවැන්ත සංවර්ධනයේ අරුණලූ ගමේ ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ, මධ්‍යම පාන්තිකයාගේ, රාජ්‍ය සේවකයාගේ දරු පවුල්වලට ලැබෙන කාලය ඉතා ආසන්න බවයි.



අදහස් (1)

දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි

minipe Tuesday, 12 September 2017 04:19 PM

අතේ තියෙනවා, හැබයි කටේ දාගන්න තමයි බැරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site