(ක.ග. කරුණාරත්න)
පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගිය බව කී අගමැතිවරයා රටක් සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබිය යුතු යැයිද කීය.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කලේ සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැඟෙන අනාගත පොලොන්නරුව සංවර්ධන සැලැස්ම එළිදැක්වීම නිමිත්තෙන් පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සව සභාව අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.“රටක් සංවර්ධනය කරන්න නම් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබෙන්නට ඕනෑ. පාර්ලිමේන්තුව පස්සට අදිනවා නම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිවරයා පස්සට අදිනවා නම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ. අපි ඒක දැක්කා. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා.
පසුගිය අවුරුදු 5 තුළ වැඩක් කෙරුනේ නැත්තේ, රට තුළ වැඩක් සිදු නොවුණේ පසුගිය ආණ්ඩුව තුළ අගමැති සහ ජනාධිපති අතර තිබුණ කඹ ඇදිල්ල... ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගියා. රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න බැරි වුණා. ජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්නේ. වගකීමක් අපිට තිබෙනවා. වගකීමක් ඔබට තිබෙනවා. අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. ජනාධපතිවරයාත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් අපි පිහිටුවා ගන්න ඕනෑ. ඒ ආණ්ඩුව පිහිටුවන්න ඕනෑ. කිසිදේකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්නු පොරොන්දු ටික ඉටු කිරීම සඳහා. සෞභාග්‍යයේ දැක්ම තුළින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕනෑ නම් පාර්ලිමේන්තුව අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න ඕනෑ. තුනෙන් දෙකක බලයක් අපි ලබාගතයුතුව තිබෙනවා.” යැයි පැවසීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ
ලියනගේ Sunday, 01 March 2020 04:09 PM
මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කාලා පහුවෙනිදා වෙන පක්ෂයකට එකතුවෙලා එතන කඹ ඇදඇද හිටපු ඔහු කඹය අතහැරලා අද යළිත් මහින්දට සෙට්වෙලා...
Mewan Sunday, 01 March 2020 09:28 PM
ඔයත් කඹේ එක පැත්තකින් ඇදගෙන හිටියා කියලා මතක නැද්ද.?
Rohana Monday, 02 March 2020 04:56 AM
කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට 2/3 බලයදීම සුදුසු නැහැ. බහුතර බලය හොඳටම ප්‍රමාණවත්. මතකයිනේ යු.එන්.පී.ය 1977 දී 5/6 බලයක් අරගෙන කරපු දේවල්... ඒවායේ ප්‍රතිඵල අදටත් විඳවනවා. මෙයාලට 2/3 ලැබුණොත් තව තවත් රට අරාජික වෙනවා.
Rata Perata Monday, 02 March 2020 07:15 AM
අනේ නිකම් බයිලා කියන්නේ නැතුව ඉන්නවා. කඹ ඇද්දත් නැතත් හැමදාම හැදුනේ හොට දේශපාලුවන් විතරයි. රට හැමදාම එක තැන...
Chathuri Tuesday, 03 March 2020 01:51 PM
මේ වගේ කට්ටියට කොයිතරම් බන කිව්වත් , මිනිස්සු දුක් විදිනවා ඇස් දෙකට දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ.
නිමල් Wednesday, 04 March 2020 03:55 AM
වසර 4 1/2 ක් පරිප්පූ කිලෝ 1ක් රුපියල් 112/- . දැන් 130/-. කවර කතාද ?
Gamaya Wednesday, 04 March 2020 06:40 AM
රට කරන්න ඉඩ නොදීපු පව් ගෙවනවා වගේ... හෙහ් හෙහ්...
Sanath Wednesday, 04 March 2020 10:03 AM
කරුණාකර දේශපාලනයෙන් ඉවත් වෙනවද පව් නොදී...?
Amula Friday, 06 March 2020 07:56 PM
දැන් කරන්නේ නටන එකනේ... එකම දේ තමයි.