X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද වෙනස් විය යුතුයි - ලක්‍ෂ්මන් යාපා

ඩයනා උදයංගනී
 
පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දෙන්නේ නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
 
විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් වන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද වෙනස් විය යුතු බව කී අබේවර්ධන මහතා එසේ නොමැතිව ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කිරීමට සහය දිය නොහැකි බව ද සඳහන් කළේය.
 
එසේම ජනාධිපති ක‍්‍රමයත් සමඟ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස අනිවාර්යයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම පාර්ලිමේන්තු ක‍්‍රමයත් සම`ග ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් එයට ශ්‍රී.ල.නි.පය සහය ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
 
රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.



අදහස් (5)

පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද වෙනස් විය යුතුයි - ලක්‍ෂ්මන් යාපා

deshapremi Wednesday, 17 January 2018 02:32 PM

කොහොම හරි බලවත් ප්‍රාදේශීය සභා, මධ්‍යම පාලනයෙන් තොර ඒවා නැතිව ඕනේ එකක්... තියෙන ව්‍යවස්ථාව ප්‍රමාණවත් කොට්ටාස වලට මන්ත්‍රීවරු තරග කරතොත්... එතකොට දූෂිතයෝ එනවා අඩුයි...

:       0       0

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 03:27 PM

දෙකම එක සැරේ කරන්න හිටියොත් දෙකෙන් එකක්වත් කර ගන්න බැරි වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මුලින්ම ඡන්ද ක්‍රමය වෙනස් කරන එක වඩා ප්‍රායෝගිකයි. පළාත් පාලන හා පළාත් සභා ඡන්ද ක්‍රම වෙනස් කළ අවස්ථාවේ සියළුම පක්‍ෂ එකඟ වූ බැවින් ඒ ක්‍රමයම පාර්ලිමේන්තු මැතිවරණ සඳහාත් යොදා ගැනීම වඩා සුදුසුයි.

:       0       57

Chandra Thursday, 18 January 2018 10:25 AM

ක්‍රමය නෙමේ, මුදල් හොයන්න සහ තමන්ගේ බලය පෙන්වා දුෂණ ක්‍රියා කරන එක වෙනස් විය යුතුයි . පාර්ලිමේන්තුවට යන්නේ රටට සේවය කරන්නයි. තාර දාල හම්බකරනයි , පාරට ලයිට් දාල හම්බකරනයි, ඒ විතරක් නෙවේ දේව රූප එල්ලනවා වගේ රූපය එල්ලනවා පාර අය්නේ. ඊළගට පොලීසියට කතා කරලා මැරයෝ ටික එලියට දාන්න කියනවා ඡන්ද වැඩ කරන නිසා . මේකද දේශපාලන කියන්නේ ? මේවා ඉස්සෙල්ල වෙනස් කරන්න . වයසට යනකල් පාර්ලිමේන්තුවට ගිහින් යහපත් සමාජයකට පාර කපල නැහැ. දැනුත් වෙන්නේ පක්ෂය දිනවන්න ගුණ්ඩු දාන එක. රටට වෙලා තියෙන නස්පත්තියෙන් රට බේරා ගන්න එක නෙමේ . පක්ෂ පාට නොබලා සේවය කරන්න බලන්න. නැතිනම් රටටම සොරිම තමයි.

:       0       353

Ratnamalala Monday, 22 January 2018 02:59 AM

ව්‍යවස්ටා සංසෝදනයක් කරනවානම් පාර්ලිමේන්තුවටත් කොට්ඨශ ක්‍රමය ගෙනෙන්න. තියෙන මන්ත්‍රී ගණන වැඩි නොවිය යුතුයි.

:       0       0

Dr Edward Perera Wednesday, 24 January 2018 09:54 PM

බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ඒ සඳහා ජනතා වරම ලබාගන්නේ කිසියම් වෙනසක් සඳහා දෙන පොරොන්දු ඔස්සේයි. ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කලත් ඒ වෙනස බොහෝ විට සිදු කර ඇත්තේ ජනතාවට හෝ රටට යහපතක් වන අන්දමට නොව බලය ලබා ගත් පිරිස ආරක්ෂා වන අන්දමටයි. මැතිවරණයකට නාම යෝජනා භාරදීමේදී අපේක්ෂකයිනේ සුදුසුකම් සොයා නොබැලීමේ විපාක ජනතාව අදත් භුක්ති විඳිමින් ඉන්නවා. මුළු රටම දන්නා මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයින්, කුඩු ගෙන්වන්නන් හා පාතාල නායකයින් ජන්ද අපේක්ෂකයින් වීම වළක්වාලන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේන්න මෙතෙක් බලයට පත් වූ හැම රජයක්ම අපොහොසත් වී සිටිනවා. අනෙක් හැම සංශෝධනයක්ම ඉහතකී සංශෝධනයට වඩා ද්වීතීයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site