X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ගෙන්වීම රට පාවා දීමක් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ


(රන්න චන්ද්‍රසේන ගමගේ) 


ලබන 04 වැනි දින පැවැත්වෙන 70 වැනි නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බ්‍රිතාන්‍යයේ  එඩ්වඩ් කුමරු සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම  මේ පාලකයන් ගේ නිවටකම ප්‍රදර්ශනය කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පලාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියේදී පැවසීය.


මෙම රැළියේදී අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා, “ මේ රට යටත් කර ගෙන හිටපු රටක නායකයෙකු ගෙන්වා මේ රටේ නිදහස් උළෙලක් පැවැත් වීම සුදුසු දෙයක් විධියට මම සලක්නේ නෑ. එඩ්වඩ් කුමාරයා වෙන උත්සවයකට ගෙනාවානම් ඒක වරදක් විධියට මම දකින්නේ නෑ .මමත් චෝගම් එකට චාල්ස් කුමාරයත් ගෙන්නුවා . එඩ්වඩ් කුමාරයාට සුභ පතන ගමන්ම මම මේ ආණ්ඩුව වැටී ඇති තත්වය ගැනද කණගාටු වෙනවා.

අද බලන්න මේ ආණ්ඩුව  රට වටේම තියෙන අපේ භූමි භාගය පිටරට වල් වලට විකුණනවා. දකුණ  චීනෙට  ඉන්දියාවට උතුර ඉන්දියාවට නැගෙනනහිර ඉන්දියාවට සිංගප්පූරුවට කොළඹ චීනෙට උකස් කරනවා.පිට රටවල් වලට මේ රට පාවා දෙන්න ආණ්ඩුව පියවර අරගෙන තිබෙනවා.මේ ඡන්දයේදී පොදු ජන පෙරමුණට දෙන ඡන්දය රට විකුණනවාට විරුද්ධව දෙන ඡන්දයක් වගේම ප්‍රභාකරන්ට කර ගන්න නොහැකි වූ දේ සිදු කරන්න මාන බලන සම්බන්ධලාට විරුද්ධවත් දෙන ඡන්දයක් බව අමතක කරන්න එපා.“ යැයිද පැවසීය.



අදහස් (23)

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ගෙන්වීම රට පාවා දීමක් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

sanjeewa Saturday, 03 February 2018 08:21 AM

කටින්ද කියන්නේ කියලත් හිතෙනවා. මෙයාට මතක නැති ලෙඩේ තියෙනවා...

:       1809       2083

Pradeep Saturday, 03 February 2018 04:47 PM

චාල්ස් කුමාරයා ආවේ මෙතුමා අගමැති කාලේ.

:       0       0

mahinda Saturday, 03 February 2018 12:29 PM

කියන්න දෙයක් නැතිවුණාම ඔයවගේ විකාර තමයි කරන්නේ...

:       0       12

sena Saturday, 03 February 2018 01:45 PM

මේ කතාව ගමේ ගොඩේ සාමාන්‍ය මනුස්සයෙක් කීවානම් ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අපේ හිටපු ජනාධිපතිතුමා මේ කතාව කීම ගැන හරිම කණගාටුවක් ඇතිවෙනවා. එතුමා දන්නවා මේක ශිෂ්ඨ ජාතින් දෙකක් අතර ඇතිවුණු රාජ්‍යතාන්ත්‍රික ගමනක් කියන එක.

:       0       22

erdi Saturday, 03 February 2018 02:47 PM

බොළඳ කතා ... අඟුණකොළපැලැස්සේ බයියන්ට අල්ලලා යන ඒවා දෙන්නත් එපැයැ. රටකින් අරාධිතයෙක් ගෙන්නුවා කියල වරදක් වෙනවද? තමන්ගෙ ඇහේ පොල්පරාලේ නොදකින අනුන්ගෙ පොල්කෙන්ද දකින අප්පලා පුතාලම තමයි..

:       489       714

BamunuarachchiMonday, 05 February 2018 03:48 AM

කතාව හරියට පිට රටකම ඉපදිලා වගේ. හොයාගෙන ගියොත් සීය ගේ සීයාත් බයියෙක්ම තමයි.

:       0       35

chathuri Saturday, 03 February 2018 03:05 PM

මෙහෙම කෙහොමද කතා කරන්නේ? නාමල් බේබිට කියලා ඉන්දියාවෙන් නැට්ටුක්කාරියක් ගේන්න තිබුණා බලය තිබුණානම්...

:       278       621

dimuthu chandrasiri Sunday, 04 February 2018 02:15 AM

1815 ඌව වෙල්ලස්සේ කැරැල්ලේදී ලක්ෂ ගානක් සිංහලින් මරන්න අන දීපු අයගේ මුණුපුරන් නිදහස් දිනේට ගෙනල්ල මිය ගිය වීරයන්ට කරපු අපහාසයක්.

:       863       1072

banda Sunday, 04 February 2018 07:24 AM

සුද්දෝ මොකටද ඉන්දියාවෙන් නළු සල්මන් කාන් ගේන්න තිබුණානේ... එයා මෙයාගේ යාලුවා නේද?

:       16       218

Bamunuarachchi Sunday, 04 February 2018 08:05 AM

අන්න අන්න මමත් ඔබට විරුද්ධ වෙනවා... මෙතනදී දකුණු ඉන්දියාවෙන් වඩුග දෙමළෙක් ගේන්නද කියන්නේ?

:       1003       118

dinka Sunday, 04 February 2018 10:36 AM

ඊට හොඳයි ස්වාසිලන්තයෙන් වනචාරීන් ගෙන්නුවා නම්... අනේ මන්දා...

:       126       300

BamunuarachchiMonday, 05 February 2018 03:44 AM

ඔව් ඔව් සුද්දා මේ රට යටත් කලේ නැතිනම් අපට වනචාරීන් වගේ කොට කොට තමයි ඉන්න වෙන්නේ. සුද්දෝ නිසා අපි සිංහලයෝ කියාගෙන ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. සුද්දෝ නිසා සේනානායකලා, බණ්ඩාරනායකලා රටේ නායකයෝ වුණා. නැතිනම් සුබ්‍රමනියම්, සින්නලිංගම්, සුන්දරලිංගම්, පෙරියලිංගම් වගේ අය තමයි රටේ නායකයෝ. දකුණු ඉන්දියාවෙන් එන ආර්යාවන් බෝට්ටුවෙන් බහිනකොට අපේ භාර්යාවන් යාවි පිළිගන්න. සුද්දෝ මේරට අල්ලන විට රටපාලනය කලේ කව්ද? කොහොමද? කියලා සොයා බලන්න.

:       0       0

parakkrama Sunday, 04 February 2018 12:30 PM

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් කිව්වලු . දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන්වාලු. මෙයා බලයේ සිටියා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවාද ? අදත් මෙයා ජනාධිපති නම් , අපේ නිදහස් උත්සවයට සහභාගී කරගන්න අනිකුත් රාජ්‍ය නායක්යින්හට ආරාධනා කරනකොට පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව අත්හැර සිටිනවාද? නැතිනම් ඇරියුම් ලබන අනිකුත් රාජ්‍ය නායකයින් අතරින් බ්‍රිතාන්‍ය අගමැති අත්හැර සිටිනවාද ? මෙයා එලෙස ඇරියුම් කළා නම් අඩුම තරමින් මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හෝ සහභාගී වනවා නේද? අද සහභාගී වුනේ එක රටක නොවෙයි පදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාවගේ නියෝජිතයා නේද ? මේවා තමයි යමක් නොතේරෙන හෝ නොපිළිගන්නා හෝ කැපුවත් අපි මෙහෙමයි කියන හෝ මිනිසුන්ගේ ඔළුගෙඩි කුරුවල් කරන වැඩ. අලුත් මාර්තෘකාව නම් අගෙයි.

:       0       2

bandara kuwait Sunday, 04 February 2018 01:56 PM

මහරජ ගෙන්නුවේ සුවාසිලන්තයේ නායකයෝනේ... බලලෝභීකම නිසා අවසානය ලංවෙලා වගේ... මේ වගේ නායකයොත් අපේ රට පාලනය කළානේ..

:       4       219

රසික Sunday, 04 February 2018 03:08 PM

කටින්ද මේ කතා කරන්නේ? 1998 දී නිදහස් ස්වර්ණ ජයන්තියට චාල්ස් කුමාරයාව ගෙන්නන කොට ඇයි ඔය කතා කිව්වෙ නැත්තේ මෙයා?

:       0       106

theshan Sunday, 04 February 2018 03:25 PM

ඔව් ගෙන්නුවා නම් හොඳයි. මේ නඩුව ගෙනාවා නම් නරකයි. මේ අය ගෙන්නුවේ ඉතින් කොයි වගේ කට්ටියද කියල අපි දන්නවා.. චෝගම් එකට අාපු දකුණු අප්‍රිකානු නායකයා හෝටලේ කට්ටියගෙනුත් මොකක්ද ඇහුවලු...

:       0       93

theshanSunday, 04 February 2018 04:00 PM

මම කිව්වේ, මෙයා ගෙන්නුවොත් හොඳයි කියලා. මේ ආණ්ඩුවෙන් ගෙන්නුවොත් නරකයි කියන එක. පුතාලා කරපුවා මතක නැහැ වගේනේ...

:       0       0

Senevi Sunday, 04 February 2018 03:52 PM

මහත්මයා ඔබ රාජ්‍යනායක යෙක් නොවේද? ඇයි මේ වගේම වගකීම් රහිත කතා කරන්නේ? ඔබ කලානම් පමණද නිවැරදි?

:       0       29

සෙනෙවි ගාල්ල Sunday, 04 February 2018 05:05 PM

මෙතුමා කියන කතා ඇසූවිට වසර 10 ක් රට කල නායකයෙක්ද කියා සිතේ.

:       0       8

සෙනෙවි ගාල්ල Sunday, 04 February 2018 05:08 PM

බ්‍රිතාන්‍යන් ඇතුළු බටහිරයන් කල අපරාද බොහොය එසේ වුවද අප රට ශිෂ්ඨත්වයට පත්විමට මෙම ආගමන බලපා ඇත. මොවුන් නොපැමිනියේ නම් අපිද තවමත් දරුවන් වංගෙඩියේ දමා කොටවන ජාතියෙකි. ඇතැම් අයට එවැනි කාලයන්ට යාමට අවශ්‍යව ඇත.

:       0       4

Ben Sunday, 04 February 2018 10:22 PM

මහින්ද රාජපක්ෂ ගේ පවුල ගැන කතාකරවට වඩා වැදගත් ඒ ගොල්ලන් රටට කරපු සංවර්දනය ගැන කතාකරන එක. රාජපක්ෂ ඩොලර් ට්‍රිලියන් 2 ක් අරගෙන යුද්දේ ඉවරකරලා, වරාය, ගුවන් තොටුපල, පාරවල් හදල ගියත් යහපාලනය ඩොලර් ට්‍රිලියන් 3 ක් අවුරුදු 3 ක් ඇතුලත අරගෙන මොනවද කලේ? ඒ නිසා ඇත්ත තේරුම් ගන්න එක හොඳයි.

:       8       0

Saman Monday, 05 February 2018 05:26 AM

ඔච්චරම දේශප්‍රේමී නම් පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අයින්වෙන්න තිබුණනේ.. තමුන්ට බලය තිබුණු කාලේ, ලක්ෂ ගනන් වියදම් කරලා චෝගම් පවත්වන්නේ නැතුව. දැන් ගැලරියට බයිලා කියනවා.

:       0       67

rocky Friday, 16 March 2018 02:03 PM

ඒක කොහොමද රට පාවා දීමක් වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site