X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි

(*** අංජුල මහික වීරරත්න)

මහ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණකැයි ඒ පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය පමණක්  යයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී ඊයේ (8) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය තරග කරන්නේ විපක්ෂයේ බලය ගන්න නොව ආණ්ඩු බලය ගන්න බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ  වෘත්තීය සමිති නියෝජිත හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද  පැවසීය.

අද අප මෙහි රැස්වන්නේ 2020 මහ මැතිවරණය ගැන කතා කරන්නයි. ලංකා ඉතිහාසයේ සෑම පාර්ලිමේන්තු ඡන්දයකටම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

අපට අභීත ඉතිහාසයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ හැමදාම සිටි එකම පක්ෂය වන්නේ අප පක්ෂයයි. මන්ත්‍රීධූර 80 සිට 140 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය කර ගන්න අපට හැකියාව ලැබුණා.

අප කිසිවිටෙක පරාජය කියා පසුබැස්සේ නැහැ. සැමවිටම උත්සාහ කළේ ඉදිරියට එන්නයි. පක්ෂ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න. තරග කරන්න අපට යුතුකමක් තිබෙනවා. බලය අල්ලා ගන්න අපට යුතුකමක් තිබෙනවා.
රටේ බලය අරන් ආණ්ඩුවක් නිර්මාණය කිරීම අපගේ එකම යුතුකමයි. ඒ වැඩ කටයුත්තට අපි සූදානම් වෙමු.

මේ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණයි. ඒ පොහොට්ටු කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒ කාර්යය සඳහා අපි සුදානම් වෙමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.

ආණ්ඩුවක් ලෙස පමණක් නොව විපක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට වගකීම් සහගතව ක්‍රියාකළ හැකිබව අප මේ කාලය තුළ පෙන්වා දුන්නා. වගකිව යුතු පක්ෂයක් ලෙස කොරෝනා වසංගතයේ දී ක්‍රියා කළ ආකාරය ගැන ජනතාව අපට ප්‍රශංසා  කරනවා. අප පමණක් නොව තවත් පක්ෂ කිහිපයක්ද මෙහිදී වගකීමෙන් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

මහා බ්‍රිතාන්‍යයේ, කම්කරු පක්ෂයේ සිට සෙසු පක්ෂ ද සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය දෙන්නත් වැරැදි අඩුපාඩු  තිබේ නම් ඒවා පෙන්වා දෙන්නත් තීරණය කළා. අපත් කළේ එයයි.

කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, නෝර්වේ ආදී සෑම රටක්ම මේ ආකාරයට කටයුතු කළා.

අපට ආණ්ඩුව හදන්න හැකියි. ඒ සඳහා යා යුත්තේ කුමන මාර්ගයේද?
2015 වසරේ අගෝස්තු මාසයේ ආණ්ඩුවක් හදන්න මට වරම ලැබුණා. ඊට පසුව අප ජාතික මට්ටමේ මැතිවරණයක් පරාජයට පත්වී නැහැ. අප හංසයා ලකුණ යටතේ තරග කළේ ජනාධිපතිවරණයේදීයි. එක්සත් ජාතික පක්ෂය මෙවර අලියා ලකුණ යටතේ තරග කරනවා. ඩී.එස්. සේනානයක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී නායකයන් කී ලෙස ඒ ඉතිහාසයට ගරු කරමින් අප ඉදිරියට එනවා.

ජය ගැනීමට නම් අප පසුගිය ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එකළ අපේ නියෝජ්‍ය  නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතායි. අපත් ඔහුට සහයෝගය දුන්නා. නමුත් සටන අවසන් වූයේ අපට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ දාහතරකට වැඩි ඡන්ද ලැබීමෙනුයි. ඊට පෙර මෙවැනි දෙයක් සිදුවී නැහැ. අප මේ කාරණය ඉතා හොඳින් සිහියේ තබාගත යුතුයි.

දෙමළ පක්ෂවල ඡන්ද අඩු කළොත් අපට ලැබුණු ඡන්ද ප්‍රමාණය තවත් අඩු වෙනවා.

2019 වසරේ ගිය පරණ පාරේම ගියොත් නැවත දිනන්න ලැබෙන්නේ නැහැ. නැවත පරාජය කරා යනවා. ඒ නිසා අපට නැවත ඒ මාර්ගයේ යන්න බැහැ. ඒ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න බැහැ.

අපේ ප්‍රතිපත්තිවලට අනුව කාලයට ඔබින  අයුරින් ඉදිරියට යා යුතුයි. අප කිසි විටෙක ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසු අපට ජය ගන්න නොහැකි බවත්, විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කළ යුතු බවත් බොහෝ අය සිතනවා.

විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කරන්න මා නම් එකඟ වුණේ නැහැ. මා තරග කරන්නේ ආණ්ඩු බලයටයි. පක්ෂය ඉදිරියට ගෙන යන්නේ ඒ අරමුණ ඇතිවයි. අලුතෙන් සිතා ඉදිරියට යා යුතුයි.

එදා අපට දිනන්න බැහැ කී අය අද සිර වී ඉන්නවා. කොරෝනා අර්බුදයෙන් පසු මෙරට දේශපාලන තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස්වී තිබෙන බව කිව යුතුයි. ගෝඨාභයට මෙන්ම පොහොට්ටුව ආණ්ඩුවටත් ජනතා ප්‍රශ්න විසඳන්න නොහැකි බව දැන් තහවුරුයි. අද වනවිට විශාල පිරිසකගේ රැකියා අහිමි කරලා. ආදායම් මාර්ග අහිමි වු ලක්ෂ ගණනක් ජනතාව ඉන්නවා.

ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයටත් වේතන ගෙවන්න අද නොහැකියි. සියයට 60ක් දක්වා වේතන කපා හැරලා. පෞද්ගලික අංශයේ ද රැකියා වේතන කපනවා. බොහෝ රටවල ජනතාව වෙනුවෙන් මුදල් සහන දුන්නා. ඉක්මනින් රට විවෘත කරන්න කටයුතු කළා. දැන් අප රට එක තැන හිරවෙලා. එයින්ම ආණ්ඩුවේ අසමත් බව ඔප්පු කෙරෙනවා. ජනතාව දැන් අලුතෙන් සිතන්න පෙළඹිලා. අප ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඉදිරියට යා යුතුයි.

රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ දෙනවා යැයි ජනතාව අහනවා. වෙළෙඳුන්ට කඩ සාප්පු විවෘත කර ගන්න නොහැකියි. මේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

අලුතෙන් සිතුවේ නැත්නම් ජයග්‍රහණය කරන්න බැහැ. මේ මැතිවරණය ජයගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා එක්ව කටයුතු කරමු.

1977 වනවිට අපේ පක්ෂයෙන් අඩක් පමණ වෙනත් පක්ෂවලට ගොස් සිටියා. නමුත් 140ක මන්ත්‍රීධුර ප්‍රමාණයක් ගන්න අපට එදා හැකියාව ලැබුණා. එදා නොදන්නා අය පවා පාර්ලිමේන්තුවට ආවා.

පොහොට්ටුව බලයට ආවේත් ඒ ආකාරයටමයි. ශක්තිය තිබෙන්නෙ කාටද කියා තාම ජනතාව සිතනවා. කාටවත් එවැනි ශක්තියක් නැතැයි හැඟී ගියහොත් ජනතාව පොහොට්ටුවට ඡන්දය දෙනවා.

අද වනවිට තිබෙන්නේ මාර්තු මාසයට පෙර තිබූ තත්ත්වය නොවෙයි. අද තත්ත්වය වෙනස් වෙලා. ආර්ථික මට්ටම පහත බැහැලා. ඒ නිසා කරන්නේ කුමක්දැයි ජනතාව තීරණය කරාවි.

එදා මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජය ගත්තේ පොහොට්ටු පක්ෂයයි. ජනතාවගේ හදගැස්ම තේරුම් ගෙන අප මැතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (6)

මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි

rambo02 Tuesday, 09 June 2020 10:27 AM

මෙතන තියෙන්නේ පක්ෂ ප්‍රශ්නයක් නොවෙයි. එහෙනම්, පුද්ගලයින්ගේ ප්‍රශ්නයක්.. රනිල්, රිෂාඩ්, රාජිත, රවී.. මේ නම් නියෝජනය කරන කිසිම පක්ෂයකට අපි ඡන්ද දෙන්නේ නැහැ.

:       38       197

raviWednesday, 10 June 2020 07:55 PM

ඔක්කොම හොරු...!!1

:       0       0

සුනිල් Tuesday, 09 June 2020 10:51 PM

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නැවත ප්‍රතිසංවිධානය විය යුතු කාලය පැමිණ ඇත. අලුත් තරුණ මුහුණු එක්කලයුතු වේ.

:       0       0

Nimal Wednesday, 10 June 2020 04:36 AM

ඔයාලා දෙන්නම එක පැත්තේ. කොහොමද සටන් කරන්නේ එතකොට.

:       0       16

විජේ Wednesday, 10 June 2020 05:44 PM

මම ඉතාම අගයකරන ලෝක දේශපාලන චරිතයක් ඔබතුමා... ලැජ්ජාව කියලා දෙයක් අහලවත් නැති, බලයට පෙරේත, සද්දන්ත කුලයේ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්.. වෙලාවට ඔයාගෙන් එහාට ඔයා ජාන නොයන්නේ...

:       0       0

ranjith Wednesday, 10 June 2020 11:22 PM

රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් නැති රනිල් අන්ත පරාජයකට සූදානම් වෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site