X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි

(එෆ්.අස්ලම් )
 
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව එම සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්  මහතා පවසයි.
 

රාජ්‍ය අනුග්‍රහාය මත දෙමළ විමුක්ති අරගලයට සහ දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහී වූවෝ විවිධ පක්ෂවලින් උතුරු නැගෙනහිරෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔවුන්ට පාඩම් ඉගැන්වීමට නම් දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධනය හා එක්විය යුතු බවත් සම්බන්ධන් මහතා කීය.
 
ඡන්ද අයිතිය දෙමළ ජනතාවට ඉතිරිව ඇති අවිය බවත් තරගකාරීත්වයකින් යුත් මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව කල්පනාකාරීව ඡන්දය පාවිච්චි කළ යුතු බවද හෙතෙම සදහන් කළේය.
 
පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ දෙමළ ජාතික සන්ධානයේ සූදානම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත(4) අදහස් පලකරමින් සම්බන්දන් මහතා මේ බව කියා සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්දන් මහතා මෙසේද කීය,
 
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණයක් වෙනවා.ඒ නිසා සුදුසු අපේක්ෂකයින් අප මෙම මැතිවරණය සදහා ඉදිරිපත් කරනවා.කාන්තාවන්ට සහ තරුණයින්ට අපි නිසි ලෙස ඉඩකඩ ලබාදී තිබෙනවා.උතුරු නැගෙනහිර පළාත් පුරාවටම අපි මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා.ගමින් ගමට ගොස් අපි අපේ ස්ථාවරය වැඩපිළිවෙල ගැන දෙමළ ජනතාව දැනුවත් කරනවා.ජාත්‍යන්තරය අද අපේ පසුපස සිටිනවා. සත්‍ය,සාධාරණය,යුක්තිය මෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි කියන ස්ථාවරයේ ජාත්‍යන්තරය සිටිනවා.
 
මහ මැතිවරණයේ දී ආසන 20ක් දිනා ගන්න සියළුම දෙමළ ජනතාව දෙමළ සහාය ලබා දිය යුතුයි.අපට ඉතිරිව ඇති එකම අවිය ඡන්ද අයිතිය විතරයි.ඒ අවිය දෙමළ ජනතාව නිසි පරිදි පරිහරණය කළ යුතුයි.
 
 
 
 
යම් අවස්ථාවක පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය දෙමළ ජාතික සන්ධානය වන්නේ නම් අපට අපගේ අයිතිවාසිකම් සහ දේශපාලන විසදුම් දිනා ගැනීමට අප ඒ අවස්ථාව පරිහරණය කළ හැකියි.
 
දෙමළ ජාතික සන්ධානයට ලැබෙන ආසන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණින් රාජ්‍ය අනුග්‍රහාය සහිතව බාහිර බලවේග කිහිපයක් මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව දේශපාලන පක්ෂ රැසක් තරග කරවනවා.දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහිකම් කළ අය,ද්‍රවිඩ විමුක්ති අරගලයට ද්‍රෝහිකම් කළ අය ඒ ආකාරයට මෙවර මහ මැතිවරණයට තරග කරනවා.මෙවන් අයට දෙමළ ජනතාවට මැතිවරණයෙන්ම හොද පාඩමක් ඉගැන්විය යුතුයි.
 
එමෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්,අර්බුදවලට විසදුම් ආදී පොරොන්දු වලින්  යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී එළිදක්වනවා යැයිද සම්බන්ධන් මහතා පැවසීය.



අදහස් (0)

මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site