(නිමල කොඩිතුවක්කු )
ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
වත්මන් රාජපක්ෂ ආණ්ඩුව යහපාලන කාලයේ ව්‍යාපෘති විවෘත කරමින් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
"මන්නාරමේ ඉදිකරන ලද සුළං විදුලි බලාගාරය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව විදුලිබල ඇමතිවරයා ප්‍රකාශ කරත් එය ආරම්භ කරේ කුමන රජයෙන්ද මොන කාලයේදී ද යන්න කිසිම සදහනක් නැහැ. වැඩ බැරි මේ රජය අද අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලබා දෙමින් සිටිනවා
මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරීම් ආරම්භ කරේ යහපාලන ආණ්ඩුවේ එදා විදුලි බල ඇමැති ලෙස කටයුතු කර අජිත් පී පෙරේරා මැතිතුමාඑය අද දින විවෘත කරන බව රජය දැනුවත් එය ආරම්භ කරේ මොන රජයෙන්ද, මොන වර්ෂයේ ද කිසිම සදහනක් නැහැ. මෙම ව්‍යපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 175ක සහන ණයක් හරහා ඉදිකළා. නමුත් මේ රජය පවසන්නේ ඔවුන් පත්වී මාස 3කින් බලාගාරය ඉදිකර එකක් වගෙයි.
බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ තිබුනත් දින 52ක නීතිවිරෝධී අගමැති කෙනෙක් පත් කිරීමෙන් මෙය විවෘත කිරීමට නොහැකි වූණා. මෙම බලාගාරය තුලින් මෙගා වෝට් 100ක විදුලි ධාරිතාවක් සැපයිය හැකියි.
මෙය ආරම්භ කරේ යහපාලන රජයෙන් බව විදුලිබල ඇමැති ඇතුළු ආණ්ඩුවට අපි මතක් කර දෙනවා.
පෑලියගොඩ මැනිං වෙළෙඳ පොල ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ යහපාලන රජයේ චම්පික රණවක ඇමැතිතුමා විසින්. එය විවෘත කලේ මේ ආණ්ඩුව ඉදිකරන ලද එකක් ආකාරයෙන්. ඒ සදහා රුපියල් මිලියන 6.9ක් අපි වෙන් කළා. එය විවෘත කිරීමට නොහැකි වුනේත් දින 52 නීති විරොධි ආණ්ඩුව පත්වු නිසයි.
එදා රජය කඩයට කඩයක් දෙන එකගත්වය කින් ආරම්භ කරත් මේ රජය එම එකගත්වය නීති විරෝධි ආකාරයෙන් කඩ කරලා. අද වෙලෙන්දන් උද්ඝෝෂණ කරනවා.
දැන් මේ කඩ දෙන්න වෙලෙන්දන්ගෙන් කඩයක් සදහා ලක්ෂ 5ක් හා ලක්ෂ 2ක වශයෙන් මුදල් අය කරනවා. අනිත් කඩ තමන්ගේ ගජමිතුරුන්ට හා හෙන්චයියන්ට නොමිලයේ ලබා දෙන්න මේ රජය කටයුතු කරනවා" යැයිද ඔහු එහිදී පැවසීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රාජපක්ෂ ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා
විජේ Wednesday, 09 December 2020 02:19 PM
ඔබ වැනි අය තමයි මැරුනයින් පස්සෙ පැය 24කට කලින් පුච්චන්න ඕනෙ....
chandana Wednesday, 09 December 2020 06:33 PM
ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකර නොමැති බවට විපක්ෂ දේශපාලකයො පාරම්බානකොට ඒක කියවන ජනතාව අමතක කරන්න එපා... මුළු ලෝකයම කොවිඩ් වසංගතයට නතුවෙලා ලෝක ආර්ථිකය කඩාවැටිලා තියෙන කාලයක් අපි ගත කරන්නෙ කියලා.
anura Sunday, 13 December 2020 05:58 PM
අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න වෙන්නේ, එම දරුවන්ට හරිහමන් උප්පැන්නැයක් නැති නිසයි. එක අතකට එසේ කරනවානම් ඒකත් ලොකු පිනක්.
chinthaka Monday, 14 December 2020 07:29 AM
මෙයාලා අවුරුදු පහක් ඉදලාත් මොනවාද කළේ?
asela Saturday, 19 December 2020 10:03 AM
ඔහෙලා ඡන්දයට කළින් ඉවර කරපු නැති අධිවෙගී මාර්ගය... නෙලුම් කුළුණ එහෙම විවෘත කළේ... පරදින බව දැනගෙන නම දාගන්න නේද? එහෙම කීයක් ඔපන් කළාද කියලා මතක නැද්ද?