X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


රාජපක්ෂ ආණ්ඩුවේ ණයබර කියමින් ආර්ථික ඔස්තාර් රනිල් රට වටේ යනවා

නව අධිකරණ ඇමැතිවරිය හරහා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම්කොට චෝදනා වරගන්වා ඉදිරිපත්කොට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනකු පමණ සිරගත කිරීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කෑගල්ල තැපැල් ශ‍්‍රවණාගාරයේ  පසුගියදා පැවැති සම්මන්ත‍්‍රණයකට සහභාගීවෙමින්  මන්ත‍්‍රීවරයා මේ බව ස`දහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.

ආර්ථික ඔස්තාර් කෙනෙක් හැටියට පෙනී හිටපු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැන් රාජපක්‍ෂ ආණ්ඩුවේ ණය බර ගැන කියමින් රට වටේ යනවා. රාජපක්‍ෂ පාලනය යටතේ සියලූ සමාජ-ආර්ථික දර්ශකයන් වසරින් වසර ඉහළ ගියා. මේ මූසළ දෙවසර තුළ ඒ තත්ත්වය කනපිට හරවා තිබෙනවා. දැන් බලන්න, ලෝකයේ ණය බර වැඩිම රට කුමක්ද? කියලා. ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒත් වික‍්‍රමසිංහ මහත්තයෝ බලන්න, ඔයාවගේ ඇමෙරිකාවේ දැන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිටපු ජනාධිපති බැරක් ඔබාමාට ‘ණය බර’ ගැන කියමින් දොස් තබමින් රට වටේ යනවාද, කියලා.

බැඳුම්කර හොරකමින් ඔළුව උස්සපු එජාප මැති ඇමතිවරු අද එතැනින් නතරවෙලා නැහැ. පාන්පිටි, කිරිපිටි ආදිය ගෙන්වන බහුජාතික සමාගම්වලට මේ අය වාර්ෂිකව ඩොලර් බිලියන 300ක් බදු සහන දෙනවා. බදු සහන දුන්නා කියලා පාන්පිටි, කිරිපිටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදනවල මිල අඩුවී නැහැ. නමුත් මේ බදු සහන දීමෙන් ඇතැම් ඇමැතිවරු කෝටි ගණනින් කොමිස්  ගහනවා. ඒ විතරක් නොවෙයි ජාතික සම්පත්, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමත් දැන් මේ ආණ්ඩුව අරඹලා තිබෙනවා, මේ විකිණීමෙනුත් මේ අය අද හොඳට ගරනවා.

රනිල් හාමුගෙන් සහ මලික් සහෝදරයාගෙන් අවසර අරගෙන අද රතු අලි පැටියා මේ ආණ්ඩුවට මාත‍්‍රා ගණනට ප‍්‍රහාරයක් එල්ල කරනවා. හංසයාට කතිරය ගහන්න කියලා මේ බල පෙරළියට පාර කපලා රටම වළපල්ලට ඇදගෙන යන්න දායකවුණු තමන්ට තවදුරටත් ජනතාව රවටන්න බැහැ කියලා ඒ අය දන්නවා. ඒකයි රතු අලිපැටියා දැන් දිව දෙකේ කතා කියන්නේ. මීට වසර දෙකහමාරකට පෙර ‘හම්බන්තොට වරාය කියන්නේ, ‘රාජපක්‍ෂ පුත්තුන්ට නාන්න හදපු ස්වීමිං පූල් එකක්’ කියලා කියපු රතු අලිපැටියා අද ඒ කටින්ම කියනවා, ‘හම්බන්තොට වරාය කියන්නේ මිල කළ නොහැකි ජාතික සම්පතක්’ කියලා. අද කෑගල්ලට ඇවිල්ලත් මේ විදියට ජනතාව රවටන්න හදාවි. මේ අයට ඉදිරි මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරු දේවි.

දැන් නිය`ගයට මාස 10කට වැඩියි. ජනාධිපති සහ කෘෂිකර්ම ඇමැති දෙන්නම ‘රජරට පුත්තු’. ඒත් අද වනතෙක් නිය`ගයෙන් විපතට පත් වූවන්ට කිසිදු සහනයක් ලබා දී නැහැ. අද මේ රටේ ජනතාව අසරණවෙලා එවැනි උත්තර නැති ප‍්‍රශ්න වැලක ගිලිලා ඉන්නේ. එහෙම ඉන්න අයට ‘සරුංගලයකුත් ඇති මිනී මරා ගන්න.

උතුරේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන්ට වෙඩි තැබීමේ චෝදනාවට පොලිස් නිලධාරී මහතකු හිරේ යවා තිබෙනවා. ‘නීතිය ක‍්‍රියාත්මක කරලා හිරේ යනවාද? මැරයන්ගේ පිහි පාර කාලා ඉස්පිරිතාලේ යනවාද?’ කියන දෙකෙන් එකක් තෝරා ගැනීමට අද උතුරේ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිදුව තිබෙනවා. එක පැත්තකින් ඒ විදියට ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙන ගමන් අනෙක් පැත්තෙන් රජයේ රූපවාහිනී නාළිකාවලින් සමලිංගික චිත‍්‍රපට පෙන්වනවා, සමලිංගික සේවනය ප‍්‍රවර්ධනය කරනවා. පුද්ගලයන්ගේ අසම්මත චර්යාවන් පසුපස යාමට අපට අවශ්‍ය නැහැ. නමුත් අද මේ සිදුවන්නේ අසම්මතය බලහත්කාරයෙන් සම්මතය බවට පත් කිරීමයි. ඒකට ඉඩ දී නිහ`ඩව සිටීමට අපි සූදානම් නැහැ.

‘කතරගම දෙවියො ඇත්තටම වැඩකාරයෙක්ද?’ කියා පෙන්වීමට දැන් උන්වහන්සේට වෙලාව ඇවිත් තිබෙනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර දරන ඞී.පී. කුමාරගේ මහතා පසුගිය දිනයක කතරගම දේවාලයේ යතුර කපු මහතුන්ගෙන් පැහැරගෙන ගිය නිසා කතරගම දෙවියන්ට උදෑසන පූජාව අහිමි වුණා. මේ ක‍්‍රියාවට එරෙහිව පියවර ගන්න දැන් කතරගම දෙවියන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ දෙස අපි බලා සිටිනවා.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස් හා දුෂණ චෝදනා එල්ල කරපු ‘ටෝප් 10’ අතර සිටින ‘තලතා දේවියටයි’ දැන් අධිකරණ ඇමැති ධුරය ලැබී ඇත්තේ. ඒ නිසා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඇයට විරුද්ධව නඩු පැවරීමක් සිදු නොවේවි. ඊට නීතිපති උපදෙස් නොලැබේවි. ඇය එම ඇමැති ධුරයට පත් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නඩු යටපත් කිරීමටත්, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට චෝදනා වරගන්වා ඉදිරිපත්කර නීතිපති දෙපාර්තමේන්තුව ලවා ඔවුන්ට නඩු පැවරීමටත්. මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු සිරගත කිරීමට නව අධිකරණ ඇමැතිවරිය භාරගෙන තිබෙන බව අපිට දැන ගැනීමට ලැබී තිබෙනවා.

මේ සියල්ලට දිය හැකි හොඳම පිළිතුර එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිල ඉහළින්ම ඔසවා තැබීමයි. භාණ්ඩ කිහිපයකට බදු සහන දීලා ඉදිරි අය - වැයේදී ජනතාවගේ ඔළුව අත ගෑමට මේ ආණ්ඩුව කටයුතු කරාවි. නමුත් ඔළුවේ අං මෝදුවී ඇති අතළොස්සක් හැර බහුතර ජනතාව ඊට නොරැවටෙන බව අපට විශ්වාසයි.

2015 ජනවාරි 08 බල පෙරළියෙන් පස්සේ සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතෙහි මා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පළව තිබුණා. එහි ශීර්ෂ පාඨය වූයේ ‘පැරදුණේ මහින්ද නොවෙයි රටයි’ යන්නයි. බල පෙරළිය සිදු වූ අවස්ථාවේ ඇතැමුන්ට එය තේරුම් ගියේ නැහැ. එහෙත් අද මා කියූ ඒ දෙය මුළු රටටම හොඳින් තේරුම් ගොස් තිබෙනවා යැයිද ඔහු පැවසීය.



අදහස් (4)

රාජපක්ෂ ආණ්ඩුවේ ණයබර කියමින් ආර්ථික ඔස්තාර් රනිල් රට වටේ යනවා

Rohana Thursday, 31 August 2017 06:15 AM

විමල් මහතයෝ පාස්පෝර්ට් වැඩේ තාම හරිගියේ නැද්ද?

:       274       34

Sameera Thursday, 31 August 2017 09:45 AM

නීතිය ගැන කථා කරන්න ඕනේ නීතියට අනුව ජීවත්වූ අයයි... බලය නැතිදා කරන රඟපෑම් පමණයි...

:       474       350

victor Thursday, 31 August 2017 11:55 AM

කරන්න තියන ජරා වැඩ ඔක්කොම කරලා තව අනුන්ට චෝදනා කරනවා. ආත්මයක් නැති වාචාල කතා කියන්න එපා.

:       174       18

vidya Thursday, 31 August 2017 03:28 PM

මෙයාගේ මෑණියෝ මෙවැනි වදනක් කියල දීලා නැතිව ඇති "උගතමනා සිල්පයමයි රට රකිනා"

:       174       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site