(ඩයනා උදයංගනී)
ඉදිරි අයවැයේදී උදාවන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම තීරණයක් ගත යුතු යැයි එම පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
අපේ ප‍්‍රශ්න විසඳා ගැනීමට අපට අවස්ථාව දෙන්නැයි ජනාධිපතිවරයා නිර්භීතව ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමින් දැරූ ස්ථාවරය ඉතා වටිනා බව කී එස්.බී දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය එය වුවත් අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ අදහස එය නොවීම කණගාටුවට කරුණක් බව ද ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්‍ෂය සමඟ තව දුරටත් ආණ්ඩු කිරීමෙන් රටත්, ආර්ථිකයත්, රටේ ආරක්‍ෂාවත් පිළිබඳ මෙන්ම ශ්‍රී.ල.නි.පයේ අනාගතය පිළිබඳව ද තවත් ගැටලූ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සිතා බලා මෙම තීරණය ගැනීමට කටයුතු කරන්නැයි පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ද තමන් ඉල්ලීමක් කරන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.
වත්මන් ජාතික රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 23 දෙනාගෙන් එක් අයෙක් හැර සෙසු සියලූ දෙනාම ආණ්ඩුවෙන් ඉවත්වීමට කැමැත්තෙන් සිටින බව කී දිසානායක මහතා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම හා එක්ව ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගිය හැකි බව ද කීවේය.
ශ්‍රී.ල.නි.ප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී නව රජයක් පිහිටුවන්නේ නම් ඒ හා එක්වීමට එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටින බව කී එස්.බී දිසානායක මහතා වත්මන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තිබූ විශ්වාසය ද මේ වන විට බිඳ ගොස් ඇතැයි කීවේය.
නව ව්‍යවස්ථාවක් ඇතිකර දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන බව කොතෙක් කීවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා එය ඉටුනොකරන බව කී එස්.බී දිසානායක මහතා අවසානයේ එහි වරදත් ජනාධිපතිවරයා පිට පැටවීමට අගමැතිවරයා සූදානම් වන බව ද ප‍්‍රකාශ කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රි.ල.නි.ප කණ්ඩායම තීරණයක් ගන්නවානම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පෙරළිය හැකියි
Bamunuarachchi Friday, 28 September 2018 01:31 AM
අපිනම් මෙයාව පැන්නුවා. මෙයා සමග එන හෝ යන ජනතාවක් නැත.
Saththaya Friday, 28 September 2018 03:15 AM
ඔව් මෙච්චරකල් වයස්ගතවෙනකල් මේ රටට කල සේවය තමා ආණ්ඩු බලය අල්ලා සැප විදීම. වෙන කරපු සමාජ සේවයක් නැහැ . ඔහොම දිගටම කරගෙන යන්න , ඉන්නට රටක් නැතිවෙනකල් .
rohana Friday, 28 September 2018 03:53 AM
මෙයා පින් මන්තිරි කෙනෙක් නේද? වෙන කවුරුහරි මොනාහරි දෙන්නම් කිව්වනම් මෙයා ඒ පැත්තට පනියි.
Janahitha Friday, 28 September 2018 10:06 AM
දේශපාලනයෙන් ජනතාව ඉවත් කර දැමූ මේ අය කියන දේවල්වල කිසිම තේරුමක් නැහැ. අවුරුදු 20ක් 30ක් මොහුගේ පහුගිය කාලය ගැන විමසා බලන්න.
rohana Sunday, 30 September 2018 05:23 AM
නාමල් බේබි කොළඹ ඇවිත් එක පාරක් ආණ්ඩුව පෙරලුවනේ අායෙත් මොකක්ද පෙරලන්න තියෙන්නේ. අර රත්නපුරේ දෙවිත් කිව්වේ අපි ආණ්ඩුව පෙරලලා මිසක් අපහු යන්නේ නැහැ කියල.