X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘ඉපදෙන දරුවන්ට අයිති දේපළ විකුණන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ‘

(අනීෂා මානගේ)

අවුරුදු පහකට ඇවිල්ලා තවත් අවුරුදු ගණනාවකට පසුව ඉපදෙන දරුවන්ට අයිති දේපළ විකුණන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) රන්න ප්‍රදේශයේදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහමැතිවරණයේ අවසන් ජනරැළි මාලාව සනිටුහන් කරමින් රන්න ප්‍රදේශයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2020 මහමැතිවරණ අවසන් ජනරැළි මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) හම්බන්තොට දිස්ත්‍රීක්කයේදී පැවැත්විණි.
 
රන්න ප්‍රදේශයේ පැවැති ජනරැළියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

අපිදන්නවා පසුගිය 2015 පරාජයට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව අපේ රටේ දේපළ විකුණන්න පටන් ගත්තා. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් අපි බලයට ඇවිත් සැදූ වරාය ගුවන්තොටුපොළ අධිවේගී මාර්ග සියල්ල විකිණීමට සූදානම් වුණා.

මෙයින් වරාය විකුණුවා. මෙය නියෝජනය කළ ඇමතිවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු වචනයක් කතා කළේ නැහැ. දැන් සජිත් මහත්තයා මේ පළාත අත්හැරලා කොළඹට ගිහිල්ලා. මේ රටට, පළාතට ආදරය කරන්නේ නැති අය බලයට පත් වුණාම, පාර්ලිමේන්තු ගියාම ඇති වෙන්නේ මෙවැනි දේවලුයි

අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල කියල එකක් තියෙනවා. රනිල් පිල කියලා තව එකක් තියෙනවා. මේ දෙගොල්ලො ගහගන්නවා. බැනගන්නවා.
 
අපි දැක්කා පසුගිය කාලයේදී සංස්කෘතික අරමුදල මොනවගේ ආකාරයකින්ද වියදම් කරල තිබෙන්නේ කියලා.  අරමුදලෙන් වියදම් කරන්න තිබුණ දේවල් නෙවෙයි වෙනත් දේවල් කරල තිබෙන්නේ. මේ විදියට කිසිම වගකීමක් නැතුව වැඩ කරන පිරිස්වලට බලය දෙනවාද කියන එක ප්‍රශ්නයක්.එය ජනතාව තීරණය කරන්න ඕනෑ.

කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ අවුරුදු පහකට ඇවිල්ලා තව අවුරුදු ගණනාවකට පස්සේ ඉපදෙන දරුවන්ට අයිති දේපල විකුණන්න. නමුත් මේ අය එය කළා. මෙවැනි තත්ත්වයක් තමයි රටේ තිබුණේ .
 
අපි පසුගිය කාලයේදි වේගවත් සංවර්ධනයක් ඇති කළා. එය පසුගිය අවුරුදු පහේදී ආපස්සට ගියා. එය නැවත ඇති කරන්න කටයුතු කිරීම අපේ වගකීමක්. අසූඅට අසූනවය යුගය අපේ දරුවන්ට මතක් කරන්න ඕනෑ. මොකද සමහර දරුවන් එතකොට ඉපදිලාත් නැහැ. ඒ අය දන්නෙත් නැහැ මොනවද වුණේ කියලා.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ පමණක් තරුණ තරුණියෝ 7068ක් මරාදාල තිබුණා. එක් අවස්ථාවකදී වසන්ත ප්‍රසන්න සිසුන් දෙදෙනා පාඩම් කරලා එළියට බැස්සා විතරයි එතනින් උස්සලා ඔවුන්ගේ මළකඳ තිබුණේ හුංගම කිවුල ප්‍රදේශයේයි.
 
තරුණ කොල්ලෙකුට කෙල්ලෙකුට එළියට බහින්න බැරි යුගයක් තිබුණා. එවැනි යුගයක් පහු කරලායි අපි රටක් ගොඩනැගුවේ. ඉන් පසුව ආපු ආණ්ඩුව නැවත වාරයක් මේ රට ආපස්සට හැරෙව්වා. දැන් ආපසු හරවන්නට අවස්ථාවක් ඇවිත් තිබෙනවා.
 
ජනතාව ජනාධිපතිවරයෙක් පත් කළා. ජනාධිපතිවරයා අයිති පක්ෂයටයි පාර්ලිමේන්තු බලය ලබා දෙන්න ඕනෑ. එහෙම නැත්නම් වැඩක් කරන්න බැහැ. මේ කාලය නොයෙක් බොරු ප්‍රචාර යන කාලයක්. දැන් කියනවා දුන්න රුපියල් පන්දාහ කපාගන්න කටයුතු කරනවා කියලා. මේක පට්ටපල් බොරුවක්. බොරු කතාවලට රැවටෙන්න එපා යැයිද කීවේය.
 


 

 



අදහස් (16)

‘ඉපදෙන දරුවන්ට අයිති දේපළ විකුණන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ‘

විජිත් Sunday, 02 August 2020 12:23 PM

මේ මොනවද මේ දොඩවන්නේ...? කවුද මේ රට චීනාට වික්කේ? දැන් මොලේ කචල් හොඳටම. මිනිස්සුනේ පිස්සෙක්ට ඡන්දෙ දීලා අගමැති කරගන්න නම් එපා. දෙවරක් හිතන්න...

:       754       915

විජිත් Thursday, 06 August 2020 06:58 PM

මේ ලිපිය සේව් කරගන්න හිතවතුනේ. මම හිතන්නේ අද ඡන්ද ප්‍රතිඵල අනුව නූගත්, අබුද්ධික බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් පොහොට්ටුවේ රජයක් විශාල ප්‍රතිශතයකින් පිහිටුවාවි. අපි බලාගෙන ඉමු මේ දේශපාලුවන් රටේ කෑලි කෑලි එක එක "මිතුරු වෙස්ගෙන එන සතුරන්ට " නොවිකුණාවිද කියලා.. පොකට් මනි හොයාගන්න. රටට නොවෙයි. ඔවුන්ගේ සුඛවිහරණයට...!!! මට ලොකු කණගාටුවක් තියෙනවා. අවංකවම අපේ රටේ සුළුතරයක් වන උගත්, බුද්ධිමත්, අවංක රටවැසියන් ගැන. මම මේ කියන්නේ කුමක්ද කියා තව මාස 3කට පෙර ඔබට සක්සුදක්සේ පැහැදිලි වේවි...!!! 

:       0       1

sunil gikiyange Sunday, 02 August 2020 12:55 PM

අපි ද ඔවා විකුණුවේ.

:       184       290

Anura Sunday, 02 August 2020 02:02 PM

ඉපදෙන දරුවන්ව චීනෙට ණය කාරයෝ කරන එකනේ මෙයාල කරන්නේ

:       203       314

Kamal Koyrala Sunday, 02 August 2020 02:42 PM

අම්මපා විකුණන්නෙත් නැහැ. විකුණුවෙත් නැහැ අප්පච්චි.

:       142       247

Champa Sunday, 02 August 2020 04:01 PM

හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල තාම කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර උවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරාය JNP එකේ ගැඹුර මීටර් 12.5යි කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වාරයේත් ගැඹුර මීටර් 16යි!!! රටට ආදරය කරන ඕනෑම දේශපාලකයෙකුට දැනෙන්න ඕනේ දෙයක් තමයි මේ ගනුදෙනුව මොන තරම් අදූරදර්ශීද, අඥානද, විචක්ෂණ බුද්ධියෙන් තොරද කියන එක...

:       212       107

Champa Sunday, 02 August 2020 04:25 PM

හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල තාම කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර වුවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහාලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක වීම. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරායේ (JNP) ගැඹුර මීටර් 12.5යි කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වාරයේත් ගැඹුර මීටර් 16යි!! වහල් ආණ්ඩුවට නොතේරුණාට රටට ආදරය කරන ඕනෑම දේශපාලකයෙකුට දැනෙන්න ඕනේ දෙයක් තමයි මේ ගනුදෙනුව මොන තරම් අදූරදර්ශිද, අඥානද, විචක්ෂණ බුද්ධියෙන් තොරද කියන එක...

:       225       113

Rohana Monday, 03 August 2020 02:21 AM

කියන්නේ විකුණන්නේ නෑ කියලා. ඒ වුණාට හොරෙන්ම ගෝල්ෆේස් ඉඩම වික්කා නේද? දෙගොල්ලන්ම තරගෙට වැඩේ තරනවා.

:       232       314

Nimal Dissanayake Monday, 03 August 2020 05:37 AM

එතකොට අර විකුනපු ඒවා වික්කේ ජනතාව වෙන්න ඇති.

:       236       315

Rata Perata Monday, 03 August 2020 06:35 AM

ශැන්ග්‍රිලා එකට ඉඩම විකිණුවේ අපිද? මේ මනුස්සයාට නම් හොඳටම විකාර...

:       383       506

විජිත් Monday, 03 August 2020 07:51 AM

මහින්ද රාජපක්ෂ, (මම දේශපාලුවන්ට ගරු නාම දෙන්නේ නැහැ. ඒ අපේ සේවකයෝ. අවුරුදු 5 කට තාවකාලික කොන්ත්‍රාත් එකක් කරන... ඒ රස්සාවට අපේ බදු මුදල්වලින් අපි ඔවුන්ට පඩි ගෙවනවා. සේවකයින්ට මම " සර් " කියන්නේ නැහැ. ඒ මගේ හැටි) මේ ඔබ ඔබටම කියාගන්නා අවවාදයක් එහෙමත් නැතිනම් ඔබ ඔබවම අපහාසයට පත්කර ගැනීමක්...!!! රට චීනාට වික්කේ කවුද? ගෝල්ෆේස් එක ශැන්ග්‍රිල්ලාට සින්නක්කරවම " වික්කේ " කවුද? වෙන කවුරුවත් නොවෙයි. ඔබයි...!!! ඇත්තටම ඔබට ලැජ්ජා නැතිද? නැතිනම් මොලයේ අමාරුවක්ද?

:       420       585

මෝ Monday, 03 August 2020 06:45 PM

අගමැතිතුමනි, ජනතා දේපළ පිටරටට නොවිකුණා අනාගත පරපුරට ඉතිරි කිරීම කළයුතුයි. ඒත් අපේ පුරාවස්තු අනාගත පරපුරට ඉතිරි කළයුතු නැද්ද? ඒවා ඩෝසර් කර අරක්කු තැබෑරුම් ඉදිකිරීම හරිද? ඔබතුමා ඔබ වටේ ඉන්න අංකූරන් හේ නොකළොත් ඔබතුමාත් සිරිසේන ජනාධිපතිතුමාගේ තත්වෙට වැටෙනවා. දැනටමත් ජනතාව කල කිරිලා ඉන්නේ බලේ ගන්නටත් පෙර සමහර අය ජනතාවට දාන පාට් දැකලා.

:       171       213

Champa Tuesday, 04 August 2020 07:23 AM

හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර උවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරාය JNP එකේ ගැඹුර මීටර් 12.5යි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වරායේත් ගැඹුර මීටර් 16යි!!! කලින් වතාවේ ගෝඨාභය විකුණපු කොළොඹ ඉඩම් වලට අවලාද අහන්නේ ඔබ. අනාගතේත් එහෙම වෙන්න දෙන්න එපා.

:       217       110

athula Tuesday, 04 August 2020 08:04 AM

සියළු සම්පත් කුණුකොල්ලයට විකුණලා කොමිස් ගිලල දැන් කියන ලස්සන...

:       346       416

rane788Tuesday, 04 August 2020 02:39 PM

මුහුදු පතුලේ තිබුණු වැලිටික පවා විකුණාගෙන කාපු අය අද අනාගත පරපුර ගැන පුරසාරම් දොඩවනවා.

:       109       214

maduwantha jayasingha Tuesday, 04 August 2020 01:45 PM

විකාරද කොහෙද? වහල්ලුන්ටත් මේවා අහනකොට සැප ඇති.. තනිකරම පිස්සු තමයි කරන්නේ. දැන් සොහොන් ලකුණු පෙනීගෙන එනවා. සිහි විකල්වෙලා වගේ කියවන්නේ..

:       152       240

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site