(එෆ්.අස්ලම්)
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සමහර ප්‍රතිපාදන වෙනස් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ද එය බවත් අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළහ.
මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීවේය.
‘රටේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සමහර ප්‍රතිපාදන වෙනස් කරන්නට අවශ්‍යයි.
එහෙම නම් අපිට අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය එකතු කරගන්න වෙනවා. අපේ පාක්ෂිකයින් එකතු කරගන්න වෙනවා. එහෙම වුණොත් පමණයි අපිට ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉටුකර දෙන්න පුළුවන්.
අද එක්සත් ජාතික පක්ෂය සීසී කඩ වෙලා තියෙනවා. පරාජයත් සමඟම එක්සත් ජාතික පක්ෂය ගොඩනඟා ගන්නවා වෙනුවට ඔවුන් කරන්නේ එකිනෙකා කුළල් කා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ අර්බුදය නිසා එක්සත් ජාතික පක්ෂය වැරදි මඟක ගියා. එක්සත් ජාතික පක්ෂය ගත් වැරදි දේශපාලන තීන්දු තීරණ පරාජයට පත්වෙලා අසරණභාවයට පත්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් අපි ඉතාමත් ආදරයෙන් අප වැළදගන්නා බව ප්‍රකාශ කරනවා’ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ජනපතිගේ බලාපොරොත්තුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වෙනස් කර ආර්ථිකය ගොඩනැගීමයි’
Chathuri Tuesday, 21 January 2020 01:31 AM
ජනාධිපතිගේ ගමන යන්න උදුව් කරන්න, එක්සත් ජාතික පක්ෂය සීසීකඩ ගිහින් තියෙන්නේ කොහාටද. පොහොට්ටුවයි අතටයි වුනදේ මතකද.
lalithm Tuesday, 21 January 2020 02:52 AM
කොයි ආණ්ඩුව ආවත් මෙයා මොකක් හරි හේත්තුවක් දමාගෙන පස් අවුරුදු බොරුවක් කරලා ජීවිතේ ගැට ගහගන්නවා. රටට මොකුත් නොකර මෙහෙම ඉන්න අයවලුන් ඇමතිවරු වෙන්නේ අපේ කරුමෙටද?
kapila Thursday, 23 January 2020 08:09 AM
2/3 ට වඩා වැඩි බලයක් කිසිවෙකුට නොදිය යුතුයි. අපි ඉතිහාසේ පාඩම් ඉගෙනගෙන තියෙනවා එහි ආදීනව ගැන...