(මුදිතා දයානන්ද)
අද ජනාධිපතිත් අගමැතිත් අතර කඹ ඇදිල්ලක් මිස රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කිසිවක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය බිංදුවටම වැටිලා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.
පීරිස් මහතා මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේදි පැවති මාධ්‍ය හමුවකදි වන අතර තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය.
අද මිනිස්සුන්ට කන්න නැතිවෙන තරමට බඩු මිල ඉහළ ගිහින්. රුපියල කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. ඒවාට උත්තර හොයනවා වෙනුවට අද අගමැතිත් ජනාධිපතිත් කඹ අදිනවා. කිසිම දෙයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර කිසිම එකගතාවයක් නැහැ. බලයට ආපු ගමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය නැත්තටම නැති කළා.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පත් කර තිබෙනවා. ගිවිසුම අත්ස්න කරලා මාස අටක් ගියාට පස්සේ තමයි මේක හොයන්නේ. මේවා කරන්න පුලූවන් වැඩද? ඒක ලේසි වැඩක් නෙවෙයි. මේවායින් සිදුවන්නේ රට අස්ථාවර විමයි.
නාමල් කුමාර හෙලි කරනවා ජනාධිති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් තිබුණා කියලා. ඔහු නිකම් නෙවෙයි සාක්ෂි සහිතව කියනවා. ඒ කුමන්ත‍්‍රණයේ හිටපු කෙනෙක් තමයි නාමල් කුමාරත්. වෙන රටක නම් මේ වෙනකොට දෙන්නාවම අත්අඩංගුවට අරන්. අපේ රටේ තවම මෙහි ප‍්‍රධාන පුද්ගලයෙක් වෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වත් අත්අඩංගුවට අරන් නැහැ. මේ පරික්ෂණ සිදුකෙරෙන්න කලින් මුලින්ම ඉවත් වෙන්න ඕන පොලිස්පතිතුමායි. මහින්ද අමරවීර ඇමතිවරයා පවා කියනවා නාලක සිල්වා අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒත් එයාලට මොනවත් කරන්න බැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය ඒකට ඉඩ දෙන්නේ නැහැ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ජනාධිපති හා අගමැති අතර ඇත්තේ රටේ සංවර්ධනය නොව කඹ ඇදීමක් පමණයි‘
rohana Monday, 24 September 2018 12:26 PM
අපි ඒකට කමිටුවක් පත්කරගමු ඒකෙන් වැඩක් නැත්නම් තව කමිටුවක් පත් කරගමු.