(නිමල කොඩිතුවක්කු)
යුරෝපා සංගමය ජී. එස්. පී ප්ලස් බදු සහනය 2023 දක්වා ලබාදී ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇතිකරගත් ගිවිසුමකට අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (20) පැවසීය.
වත්මන් ආණ්ඩුව පවසන පරිදි ජී. එස්. පී ප්ලස් බදු සහනය එක්වර ලබාදීමක් සිදුව නොමැති බවත් පසුගිය රජය හා ඇතිකරගත් එකඟතාවයන් මත මෙම බදු සහනය 2023 වසර තෙක් මෙරටට හිමිවන බවත් ඔහු සඳහන් කළේය.
ජී. එස්. පී ප්ලස් බදු සහනය යළි ලබාගැනීම තම රජයේ ප‍්‍රධානතම ඉලක්කයක් බවත් ඒ වෙනුවෙන් තමන් ඇතුළු පිරිසක් බොහෝ කැපකිරිම් සිදු කළ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
මෙරටට ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබාදීම යුරෝපා සංගමය ප‍්‍රතික්ෂේප කර තිබූ බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා එම සහනය ලබා ගැනීමට තම රජයට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බවත් සඳහන් කළේය.
ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබා දීමට පෙර යුරෝපා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් සිදු කළ බවත් එහිදී ඡන්ද 400% ජයගෙන බදු සහනය ලබා ගැනීමට පසුගිය රජයට හැකිවූ බවත් ඔහු කියා සිටියේය.
ජී. එස්. පී ප්ලස් බදු සහනය සමඟ මත්ස්‍ය තහනම ඉවත් කිරීම මෙන්ම භාණ්ඩ 6000ක් සඳහා බදු සහන හිමිවීම ආර්ථිකයට විශාල පිටුවහලක් වූ බවත් ඔහු කීවේය.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ජී. එස්. පී ප්ලස් බදු සහනය ප‍්‍රතික්ෂේප කළ බවත් එහි වාසිය බංගලාදේශය ඇතුළු රටවල් ලබාගනිමින් ඔවුන් විශාල ආර්ථික දියුණවක් ලැබූ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව පවසන පරිදි යුරෝපා සංගම් තානාපතිවරයකුට හෝ නිලධාරියකුට හෝ ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබාදීමට නොහැකි බවත් එය යුරෝපා පාර්ලිමේන්තු සංගමයේ පූර්ණ එකඟතාවයෙන් සිදුවන්නක් බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ජීඑස්පී 2023 තෙක් දී ඇත්තේ එජාපෙ සමයේ ඇතිකරගත් ගිවිසුමකටයි’
Nevil Tuesday, 28 January 2020 01:44 PM
මේ සහනය දෙන්නේ අන්ත දුගී රටවලට. 2023 වෙනකන් දුන්න කියන්නේ පැවති පාලනය යටතේ ලංකාව තව අවුරුදු තුනක් අනිවාර්යයෙන්ම අන්ත දුගී තත්වයෙන් තියෙන බව යුරෝපා සංගමයට තේරුණු නිසයි.