X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


‘ජීවන වියදමින් දැවෙද්දී ඇමැති වැටුප් වැඩිකිරි කළ යුතු නෑ’


 
 
විනීතා එම් ගමගේ
 
ජීවන වියදම ඉහළ ගොස් ජනතාව දැවෙමින් සිටිද්දී මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීම කිසිසේත් කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 


විනිසුරුවන්ට වැටුප් වැඩිකිරීමට මුවාවී මෙම වැටුප් වැඩි කර ගැනීම කරන්නට ආණ්ඩුව සුදානම් වන බවත් මුදල් ඇමැති විරුද්ධ වන්නේ වැඩිවන මුදල ගෙවා  ගන්නට ක‍්‍රමයක් නොමැති බැවින් බවත් හෙතෙම කියා සිටියේය. 


මේ වැටුප් වැඩිකර ගැනීම කළහොත් ජනතාව මැති ඇමැතිවරුන්ගේ මව්පියවරුන්  පමණක් නොව ආච්චි සීයාගේ සිට සිහිපත් කරනු ඇතැයි ද දිසානායක මහතා කීය. 


මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණු ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.  


එහි දී තවදුරටත් අදහස් දැක්වූ එස් බී දිසානායක මහතා මෙසේ ද කීය. 


‘‘මේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීමට කරන ලද යෝජනාව ප‍්‍රශ්නයක් වෙලා. ජනාධිපති, අගමැති, කථානායක, ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අගවිනිසුරුගේ සිට පහළට ශ්‍රේණිවල විනිසුරුවන්ගේ වැටුප් තල වලට මදක් ඉහළින් තැබීම අවශ්‍යයි කියන මතයේ සිට වැටුප් වැඩිකර ගැනීමට සැලසුම් සකසමින් සිටිනවා. 


එහෙත් මේ වැටුප් වැඩි කර ගන්න වෙලාවක් නොවෙයි. උද්ධමනය ඉහළ යනවා. දේශීය නිෂ්පාදන පහළ වැටෙනවා. මිනිස්සු ජීවන වියදමින් බැට කනවා. මේ වගේ පීඩාවක ඉඳීද්දි වැටුප් වැඩිකර ගැනීම සුදුසු නැහැ. 


සල්ලි වුවමනා වෙන තරුණ මන්ත‍්‍රීවරු මේ යෝජනාවට තරයේ විරුද්ධ වෙලා තිබුණා. කාංචන විජේසේකර ෂෙහාන් සේමසිංහ වගේ තරුණ මන්ත‍්‍රීවරුන්ට ඒ ගැන ප‍්‍රසංශා කළ යුතුයි.’’යැයි ද මන්ත‍්‍රීවරවා කීය.



අදහස් (1)

‘ජීවන වියදමින් දැවෙද්දී ඇමැති වැටුප් වැඩිකිරි කළ යුතු නෑ’

chathuri Friday, 03 August 2018 11:15 AM

නියමයි අනිත් කට්ටියවත් කැමති කරගෙන ගිවිසුමක් ගහමු රට වැටිලා තිබෙන තත්වෙන් ගොඩ ගන්නකම් අපිට වැඩි දීමනා සැප පහසු කම් කිසිවක් එපා කියල මහා තැනින් එපා කියනකොට පොඩි එකත් කට වහගෙන වැඩ කරනවා ඔබට නොබෙල් තෑග්ග ලැබෙයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site