X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘දුර්වල විපක්ෂය පාවිච්චි කර 20 සම්මත කරගැනීමේ වෑයමක්‘

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂයේ දුර්වලතාවය උපයෝගී කරගනිමින් මෙතෙක් පනත් සම්මත කරගත් ආකාරයට රටට අහිතකර අයුරින්  20 වන  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

20වන  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක බවද ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද (12 )පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

 
“පසුගිය කාලය තුළ මේ රජය යම් යම් පනත් සංශෝධනය කරගත් ආකාරය දැක්කම අපට හිතෙනවා ඒ විදියටම 20වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය සිදුකර ගනීද කියලා 19 සංශෝධනය කරගත් ආකාරයත් අපිට මතකයි. අතුරුදන් වුවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්තෙත් පාර්ලිමේන්තුවේ හරියාකාර විවාදයක් ලබාදීමෙන් තොරවයි.

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් බලතල,ඉඩම් බලතල ආදී ෆෙඩරල් රාජ්‍යයක තිබෙන බලතල පළාත් සභාවට ලබාදෙනවා. එමගින් කරන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමයි.

ඔක්තෝම්බර් මාසය වනවිට  20 වන ව්‍යවස්ථා සංශෝධනය  සම්මත කරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. මෙච්චර කල් කළා වගේම ජනතාවගේ ඇස් වහලා  මේ දුර්වල විපක්ෂය ප‍්‍රයෝජනයට අරගෙන මේක පාස් කරන්න පුළුවන්. මේ වගේ සට කපට කම් කරලා 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමේ ව්‍යවස්ථා යෝජනාව ඉදිරිපත් කරලා එය සම්මත කිරීමටයි මේ අර අදින්නේ “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (1)

‘දුර්වල විපක්ෂය පාවිච්චි කර 20 සම්මත කරගැනීමේ වෑයමක්‘

lalith Tuesday, 12 September 2017 06:34 PM

කලින් හොඳින් කියනවා අපි දිනුවොත් මෙව්වා මෙව්වා දෙනවා මේකට චන්දෙ දෙන්න කියලා. චන්දෙ ප්‍රතිඵල වලින් දිනනවා වගේ නම් ප්‍රතිපල එලියට දානවා. චන්ද තුන හතරක් අඩු උනොත් යන්තරේ කැඩුන කියල ආයෙත් චන්ද විමසනවා. එතකොට අර අඩුවුණු ගණන හරියන්න චන්දෙ නොදුන් තුන් හතර දෙනෙක් හොයාගෙන එකාට කොටිය ගානේ ඇඩ්වාන්ස් එකක් දෙනවා. ( මහබැංකු අරමුදලින්. ) . ඉන් පස්සේ අත උස්සල චන්දෙ දෙන්න කියනවා. ඕකටනේ ඉලෙක්ට්‍රොනික් චන්ද පෙට්ටියක් පාර්ලිමේන්තුවට සවි කලේ හදිසියේම. ඕනෑම නම් කල් ඇතුව එක්කෙනාට කොටිය ගානේ දෙන්න වුනත් අරමුදලේ සල්ලි තියෙනවනේ. උතුරට කෑල්ලකුත් දීල එදාට පස්සේ පස්ස දොරෙන් විධායක.

:       0       206

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site