(නිමල කොඩිතුවක්කු)
රට සුඛිත මුදිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ අලූත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
ආණ්ඩු බලය ලබාගෙන ජනතාවට සහන නොදී සති 13ක් මර නින්දේ සිටි වත්මන් ආණ්ඩුව මැතිවරණය ආසන්න වීමේදි ජනතාවට සහන දිමට එක්වරම සිහිවීම ගැන ලක්ෂ 69 ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
තමන්ගේ නොහැකියාව සහ අකාර්යක්ෂම තාවය සඟවා ගනිම සඳහා රටේ ජනතාවට බොරු බේගල් ඇදබාන හෙඩ්ලයින් නිර්මාණය කිරීමෙන් වළකින ලෙසත් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.
‘‘අපේ ප‍්‍රතිපක්ෂ නායකයින් සහ කණ්ඩායම් විසින් පහුගිය දින කිහිපය තුළ මේ රටේ ජනතාව දිගින් දිගටම මංමුලාවට ලක්කළා. මේ ආණ්ඩුව පත්වෙලා මාස තුනක් ඉක්මවලා තියෙනවා. මේ සති 13ක කාළය තුළ මේ රජයට වුවමනාවක් තිබුණා නම් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ අයවැයක් ගෙන ඒමට ඕනෑ තරම් කාළය තිබුණා.
ජනතාවට සහන සලසන, රටතුළ සංවර්ධනය සහ සෞභාග්‍යය උදාකරවන අයවැයක් අනුමත කිරීමට විපක්ෂයේ අපි සැදී පැහැදි සිටියා. සති 13ක් එවැනි දෙයක් නොකර මරනින්දක පසුවුන වත්මන් රජය හිටි හැටියේම ප‍්‍රධාන අංශ දෙකකින් සමන්විත වූ යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඉන් එක යෝජනාවක් සංවර්ධන යෝජනාව. දෙවැනි යෝජනාව ණය සීමාව ඉහල දැමීමේ යෝජනාවයි. වගකිවයුතු විපක්ෂයක් විදියට අපි පළමුවෙනි යෝජනාවට එකඟ වුණා. ණය සීමාව ඉහළ දැමිමේ යෝජනාවට විරුද්ධ වුනා. අපිට අවශ්‍ය වුණේ ණය බරතාවය වැඩි නොකරන සංවර්ධනයට පක්ෂපාති වැඩපිලිවලක් ගෙනයාමයි.
අපි සංවර්ධනයට පක්ෂයි ණය සීමාවට විරුද්ධයි කියනවිට රජය යෝජනා දෙකම හකුලා ගත්තා. විපක්ෂයේ සහයෝගය නැති නිසා මේ යෝජනා ක‍්‍රියාතමක කිරීමට නොහැකි බව මෙම යෝජනාව හකුලගෙන ආණ්ඩුව ජනතාවට කිව්වා.
රජයට තිබුනා අපේ සහයෙන් සංවර්ධනය සඳහා වූ ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. නමුත් රජය එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. රජයේ යටි අරමුණ මෙතනින්ම පැහැදිලි වෙනවා.’
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘බොරු පොරොන්දු දී බලයට ආ ආණ්ඩුව අලුත් අවුරුද්ද විනාශ කළා’
Raveendra Monday, 24 February 2020 12:25 PM
දැන් බලයේ ඉන්න හාදයන් බොරු පොරොන්දු දී බලයට පැමිණි බව කියන මේ හාදයා ඇත්ත පොරොන්දු වෙන්න ඇති දුන්නේ බලය දෙන්න බලය දෙන්න කියමින් " බලු පොරයේදී ". එතකොට 2015 වේදීත් ඇත්ත පොරොන්දුමද දුන්නේ ඔහෙලා ඈ... හාදයෝ...? බොරු කප්පරක් කියලා තවත් බොරුමයි කියන්නේ නේද? විපක්ෂයේ නායක බොබිලන්... ලැජ්ජා නැද්ද...? 225ම හැමදාම බොරුවෙන්මයි ජීවිතේ ගැටගහ ගත්තේ... අට පහ දන්නා මිනිසුනුත් දන්නවා ඔබලා උපන්දා සිටම බොරුවෙන් වංචාවෙන් ජීවත්වෙන "මුර්ගයින්" කියලා..
Bamunuarachchi Monday, 24 February 2020 12:33 PM
හලෝ කියනවද? බොරු පොරොන්දු මොනවද කියා. වැට් බදු, උපයනවිට බදු, විත් හෝල්ඩින් බදු, විදේශීය විනිමය රටට ගෙන එනවාට ගහපු බදු, මේ සියල්ලම අඩුකළා. නැත්නම් නවතා දැම්මා. ඔහෙලා කාර් ගෙන්නන්න ඉහළ දාපු බදු... ඕවා නැතිව රට සංවර්ධනය කරන්න ගහපු බදු නොවෙයි. ඔහෙලා ගිය අවුරුදු 4 1/2 රටට කරපු එක වැඩක් කියන්න බලන්න. ඔහෙලගේ පව් මේ ආණ්ඩුවයි ගෙවන්නේ. අපිට තවත් පව් නොදී යන දේවාලෙක ගියොත් හොඳයි.
Bamunuarachchi Monday, 24 February 2020 12:35 PM
හැබැයි ඔහෙලගේ පොරොන්දු ඉෂ්ට කරන්න ගියොත් මහ කලබැගෑනියක් වෙනවා. ඔය තරමට සනීපාරක්ෂක තුවා කොහෙන් හොයන්නද? උත්සවයක් තියලා ඔබතුමා සනීපාරක්ෂක තුවා බෙදනකොට කට්ටිය රබන් ගහවි නේද...?
ChsthuriMonday, 24 February 2020 02:02 PM
ඔබට සනීපාරක්ෂක තුවා අවශ්‍ය නොවුණාට කාන්තා පක්ෂයට එය වටිනවා. නිරෝගීකම වෙනුවෙන්.... මෙතැනදී සජිත්ට කියන්න තිබුණු පිරිමින්ට පවුල් පාලනය සඳහා ඒ අයටත් නොමිලේ දෙනවා කියලා එහෙනම් පිරිමි බල්ටි ගහයි නේද? අනිත් එක ජනතාවට බලය අරගෙන අසාධාරණ විදියට පොරොන්දු ඉෂ්ට නොකර බිරි අලියන් වගේ ඉන්න කොට මොන මිනිහද ඒ නායකයාට කඩේ යන්නේ? ජනතාව කවදත් එකට එකතු වෙන්න ඕනෑ පක්ෂ බෙදා ගන්නේ නැතිව එක ඇමති කෙනෙක් වෙනුවෙන් ඒ සෙට් එකම එකතුවෙනවා. නමුත් එක වැසියෙක් වෙනුවෙන් තව කෙනෙක් නැගී සිටින්නේ නැහැ. ඒ නිසා තමයි පාලකයෝ ඒ ගොල්ලන්ට ඕනදේ කරන්නේ... දන්නවා මෝඩ රැළ ඔවුන්ව ආරක්ෂා කරන බව.... එක මෝඩයෙක් හිටියොත් ඇති... මුළු රටටම සේරටම දුක් විඳින්න..
anandaWednesday, 26 February 2020 06:21 PM
එක මෝඩයෙක් නිසා නෙවෙයි, මෝඩ රැලක් හින්දා වසර 5ක් දුක් වින්දා... අර මේ කතාව කියන හාදයාට අමතකයි. ගිය අවුරුද්දේ අවුරුදු, වෙසක්, පොසොන්, ඔක්කොම එයාලා නැතිකළ බව ..
BamunuarachchiMonday, 09 March 2020 01:47 AM
රටක ජනාධිපති වෙන්න යන කෙනෙක් කතා කරන්නේ කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදනහැටි ඒවා අහලා හුරේ තියන අමන රැළකුත් ඉන්න බව පෙනෙනවා. කතාකරන්න රටේ ආර්ථිකය නන්වන හැටි... ඇතිකරන්න හදන අලුත් කර්මාන්ත මොනවද? රටට ගෙන්වා ගන්න ආයෝජකයින්ට දෙන පහසුකම්... රටේ මුදල් ආයෝජනයට රටවැසියන්ට තිබෙන භය නැතිකරන්නේ එවයි කතා කළයුතු දේ... නැතුව සනීපාරක්ෂක තුවා ගැන සිහින මවන ගැලරිය සතුටු කිරීම නොවෙයි විය යුත්තේ...
ananda Wednesday, 26 February 2020 06:24 PM
ඇයි සජිත් මහත්තයෝ අපිට ගිය අවුරුද්දේ අවුරුදු, වෙසක්, පොසොන්, නැතිවුණානේ.. ඔයාලගේ කාලේ මතකම නැද්ද?
haramanis Saturday, 07 March 2020 07:25 AM
මේ මනුස්සයා ගිය අවුරුදු 5 තුළ තමන්ගේ දෙයක් කියලා හඳුන්වලා දෙන්න බැරිවුණා... තමන්ගේ තාත්තා කරපු දේ පමණක් කරපු කෙනා. අපිට තේරෙන්නේ නැහැ.. යූ.එන්.පී අයට මෙයා දක්ෂයෙක් නොවන බව... යූ.එන්.පී එකේ නැද්ද මීට වඩා බුද්ධිමත් අය?
NAK Monday, 16 March 2020 09:09 AM
මේ කියන්නේ ජ‘පාලන ආණ්ඩුව ගැන වෙන්න ඇති...!