(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය නව මිශ‍්‍ර ක‍්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු අවසන්ව ඇති බැවින්, පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ඇතැමුන් යෝජනා කිරීම විහිළුවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීම සිදුවූයේ සියලූ දේශපාලන පක්‍ෂවල කැමැත්තෙන් බව කී මහින්ද සමරසිංහ මහතා දැන් ඇතැමුන් එයට අකමැතිවීම ගැටලූවක් බව ද කීවේය.
යළිත් පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමටත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදුවන බව කී ඇමැතිවරයා නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම ඊට වඩා පහසු බව ද ප‍්‍රකාශ කළේය.
පැරණි ක‍්‍රමයේ අඩුපාඩු හේතුවෙන් නව ක‍්‍රමයක් ඇතිකර තිබියදී යළිත් එම පැරණි ක‍්‍රමයටම යාම සුදුසු නොවන බව කී ඇමැතිවරයා, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමානිර්ණ වාර්තාවේ ඇති ගැටලූ විසඳීම සඳහා පත්කර සිටින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ලැබුණු සැණින් එය ගැසට් කර මැතිවරණයකට යාමේ හැකියාව තිබෙන බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව කීම විහිළුවක්’
Perakum Sunday, 07 October 2018 04:02 PM
අපි කොච්චර කිව්වත් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පටිපාටිය වෙනස් වෙන්නේ නෑ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් පැමිණි දාක එය වෙනස්කර ගැනීමට බලමු.
PerakumTuesday, 09 October 2018 06:39 AM
අපට අවශ්‍ය මුලික කරුණු දෙකයි. අපට අපේ කොට්ඨාශයට වග කියන නියෝජිතයෙක් සිටිය යුතුයි. අප පත්කර යවන නියෝජිතයාට පගාවට පක්ෂය මාරුකර තවදුරටත් බලයේ සිටීමට නොහැකි විය යුතුය.