X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘රටට එල්ල වී ඇති තර්ජන මඬින්න විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ’

නාලක සංජීව දහනායක

 

මේ වනවිට මාතෘභූමියට එල්ලවී තිබෙන තර්ජන මැඩලීම සඳහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය. 

ඒ සදහා ප‍්‍රගතිශිලි දේශපාලන පක්‍ෂ එකට එක්ව කටයුතු කළ යුතු බවද ඔහු කීය.

දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශලපාලන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික කොංග‍්‍රසය, තමිල මහජන විමුක්ති සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය යන පක්‍ෂ නියෝජනය කරමින් දේශපාලන පක්‍ෂ නියෝජතයේ සහභාගී වූහ.

ඒ අනුව තම පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂයේ බලවේග විසින් ඉදිරියේදී පිහිටුවීමට නියමිත රජයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේදී අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂවල අදහස් ලබාගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී පැවැසීය.

සියලූම ජාතීන්ට එක්ව ජීවත්විය හැකි ස්ථාවර හා සංවර්ධිත රටක් බිහිකිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව තමන් විශ්වාස කරන බව සාකච්ඡාවට සහභාගීවූ දේශපාලන පක්‍ෂ නියෝජිතයේ සදහන් කළහ.



අදහස් (16)

‘රටට එල්ල වී ඇති තර්ජන මඬින්න විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ’

Samn Monday, 15 July 2019 02:29 PM

මොන මාතෘභූමියද ?

:       5       154

gamarala Monday, 15 July 2019 03:33 PM

ඉස්සර වෙලාම රාජ්‍ය සේවයේ වැඩ නොකරන අකාර්යක්ෂම සේවකයින් තරාතිරම නොබලා විශ්‍රාම ගැන්විය යුතුයි. රජයේ සේවයේ එක ප්‍රතිපතියක් හැමෝටම තිබිය යුතුයි. ඒ වගේම හොඳ වැටුපක් ගෙවිය යුතුයි.

:       29       33

sampath Wednesday, 17 July 2019 10:27 AM

මේ සේවයේ වැඩ නොකරන අය නැහැ. වැඩ කරන්න නොදෙන නිලධාරිහු වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේකටයි. කරන්න ඕනේ ඒකාබද්ධ සේවයක් පිහිටුවලා ඕනෙම ආයතනයකට මාරුවෙන්න පුළුවන් විදියට සේවා ව්‍යස්ථාවක් යෙදීමත්, සෑම සේවකයෙක්ම එක ස්ථානයකින් පාලනය වීමත්... උදාහරණයක් ලෙස උසස්වීම්, වැටුප් වර්ධක අධ්‍යයන අවස්ථා එහෙම නැතිවුණාම වෙන්නේ වැඩ කරන දක්ෂයින් පැත්තකට කරලා අදක්ෂ, පක්ෂපාති කෙනා උඩට ගැනීමයි. වැඩ බැරි අය කාටවත් වැඩ කරන්න දෙන්නෙත් නෑ... ඒ අයට කරගන්නත් බෑ.. දේශපාලකයිනුත් මේ ගෙවන්නේ මේ අයගේ පව්... මොකද දේශපාලනේ කාටවත්, කිසිම දෙකට මුදල් වියදම් කරන්න අත්සනක්වත් ගහන්න බලයක් නෑ. නිලධාරින් තමයි දේශපාලනේ ඉන්න අයත් නොමග යවලා තියෙන්නේ...

:       7       10

Sugath Thursday, 18 July 2019 04:32 AM

බලය කෑදර කමට අයෙත් එල්ලෙන්න හදනවා . හිටපු කාලේ මොකද කරේ 10% සංවර්දනය කර එක විතරයි.

:       0       222

පිටිගල මිලානෝ Monday, 22 July 2019 09:16 AM

රටට තිබෙන එකම තර්ජනය ඔබලා වැනි මිනිස්සු දේශපාලනය කිරීමයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. හොරු සහ අපරාධ කාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් තැනිය යුතුයි.

:       0       289

shan Monday, 22 July 2019 10:32 AM

විල්පත්තුවේ කැලේ කපලා විකුණාගෙන හිස්ඉඩම් ටික මිනිස්සුන්ට ගෙවල් හදන්න දුන්නා වගේද? අපි නොදන්නා බාප්පලා පුතාලගේ දේශපාලන වැඩපිළිවෙළ හිතා ඉන්නේ රටේ ජනතාව හරක් කියලද? තමන්ගේ තත්වෙන් රටේ ජනතාව මනින්න එපා...

:       0       259

Chanak los angeles Monday, 22 July 2019 02:48 PM

අනේ10%යේ සාටකයෝ ඔය සාටකෙත් එල්ලාගෙන ලංකාවේ ජනතාව ඉදිරියට එන්න පුලුවන්ද?

:       0       220

jagathwana Monday, 22 July 2019 02:52 PM

තනිකර හොරගෙඩියෙක්, මතකද බලේ ඉන්නකාලේ කාපු කෑම? මතකද මහින්ද පැරදුණාම රට දාලා ඇමරිකාවට ගියහැටි මේ උන්නැහේ... ගාලු පාර දිගේ මෙයාට තියෙන හොටෙල් කොච්චර තියෙනවද මෙයාට...?

:       0       175

Nandalal DE SILVA - FranceSunday, 04 August 2019 10:52 PM

ඔබ දන්නා ගාලුපාරේ තියෙන රාජපක්ෂ පවුල් සංස්ථාවට අයත් හෝටලයකින් මටත් ආසයි කටට රහට කෑම වේලක රස බලන්න! මීළඟ සැරේ මගේ මව්බිමට පැමිණිවිට මේ දොලදුක සංසිඳවා ගැනීම සඳහා බැසිල් මල්ලිලාගේ මෙවැනි හෝටල් කිහිපයක ලිපිනයන් මේ තීරුව මගින්ම අපටත් දන්වන්න. මහින්ද අංකල් රජ කරපු කාලේදී නම් දිනපතා එයාගේ නිල නිවහනේ දන්සැල් දුන්නා කියා ආරංචි වුණා. එ්ත් ඉතින් නිවාඩු ලැබිලා ශ්‍රී ලංකාවට මම එනකොට, මහින්දත් නැහැ දන්සලුත් වැහිලා ගිහිල්ලා...

:       11       2

Chanak los angeles Tuesday, 23 July 2019 12:26 AM

සාටක දේසපාලන භූමියෙන් අතුගා දැමුවොත් කිසිම වැඩපිළිවෙලක් හදන්න අවශ්‍ය වන්නේ නැහැ .

:       51       160

සෙනෙවිරත්න Wednesday, 24 July 2019 03:54 PM

මල්වානේ ගෙදර අයිතිය කාගෙද, නඩුව ඉවරද?

:       0       150

Yamuna Friday, 26 July 2019 12:38 PM

කියන තැනකට වඳින්නම්... අායි එන්න එපා රටේ ජනතාව තාම විඳවනවා ඔබතුමා ගහපු ගැහිල්ලට... ඔයා අාවොත් අපිට‍ වෙන්නේ මුහුදට පනින්න.

:       88       198

lalithm Tuesday, 30 July 2019 03:41 AM

ඇමෙරිකානු පුරවැසියෙක් ජාතිය ගැන කැක්කුමකින් කතා කරන්නේ නිකම් නොවේ.

:       19       58

sira Tuesday, 30 July 2019 08:33 AM

මාතෘභූමියට එල්ලවී තිබෙන ලොකුම තර්ජන මැඩලීමට උඹලාවගේ පවුල පිටින්ම රට කාබාසිනියා කර තොතබා කෙබර ඇදබාන බොරුව ඇත්තකර මෝඩ ජනතාව මුලාකර කම්බහොරුන් ලංකාවෙන් තුරන්කරදැමීම විතරයි අවශ්‍ය ලංකාව ගොඩ ගැනීමට. කොටින්ම කියනවා නම් රාජපක්ෂලා රටින් පිටුවහල් කළොත් රටේ තර්ජන වලින් 60% ම ඉවරයි.

:       0       18

isurandi Tuesday, 06 August 2019 07:26 AM

බලයට ආවොත්නම් රට සංවර්ධනය කෙසේ වෙතත් එයාලගේ පරපුර නම් සංවර්ධනය වෙයි. මොකද අවුරුදු ගානක් බලයේ ඉන්නකොටත් කළෙම රට සංවර්ධනය කරන එකමනේ නේද ?

:       0       19

Rata Perata Thursday, 08 August 2019 06:15 AM

ලැජ්ජා නැතුව තව කයිවාරුත් ගහනවා. රාජපක්ෂ කල්ලිය තමයි අපේ රටට තියෙන තර්ජනය.

:       0       13

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site