(තිලකරත්න දිසානායක)
පසුගිය කාලයේදී විනාශවූ රට වත්මන් රජය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවද, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය රජය සමයේ වැරදි වැඩ කළ දේශපාලනඥයින් සම්බන්ධයෙන් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (16) ගම්පහදී පැවසීය.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය.
“අද රටේ පවතින නිදහස සහ පිබිදීම මත තරුණ තරුණියන් නගර අලංකරණය පිණිස පින්සල අතට ගෙන විවිධ නිර්මාණ කරනවා. මේ සියල්ල කරනු ලබන්නේ ස්වේච්ඡාවෙන්. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු , හොරකම් කරපු , දේශපාලන පළිගැනීම් කරපු දේශපාලනඥයින්ට අද රිදිලා. තමන් කරපු දේවල්වලට ඔවුන්ට අද විඳවන්න වෙලා තිබෙනවා. අද ඒ අය නිදහසක් නැහැයි කියල ප්‍රකාශ කරනවා. නමුත් රටේ පොදු ජනතාව අද නිදහසේ සතුටින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනව. මේ රජය බලයට පත්වූදා පටන් ජනතාව නිදහස භුක්ති විඳින ආකාරය පේනවා නේද?
ඇතැම් දේශපාලනඥයින් පසුගිය කාලය පුරා පළිගැනීම් කරලා, වැඩක් නොකර ඉදලා කරපු දේවල් අපිට කිව්වේ ඒ රජයේ නිලධාරීන්මයි. පළිගත්ත ආකාරය කියන්නෙ නිලධාරීමයි. ඒ රජයෙ හිටපු සොලිසිටර් ජනරාල් වරුන් දෙදෙනෙකුම කිව්ව. මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා කිව්ව.
හිටපු ඇමතිවරුන්ගෙන් අද මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක්වත් අහන්නට බැහැ. විකෘති මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නෙ. මේ වගේ දේශපාලනඥයින් කියන දේවල් අද රටේ ජනතාව පිළිගන්නෙ නැහැ.
වත්මන් රජය යටතේ, පසුගිය කාලය තුළ විනාශ වූ රට ගොඩගැනීමට අපි කටයුතු කරනවා. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු දේශපාලනඥයින් සම්බන්ධයෙන් අද පොලීසිය මගින් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ ක්ෂේත්‍රය භාර අංශ එම කටයුතු සිදු කරාවි. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා" යැයිද කීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘විනාශ වූ රට යළි ගොඩනගන්න රජය කටයුතු කරනවා’
Sarath Tuesday, 17 December 2019 07:11 AM
හොරා
lalithm Tuesday, 17 December 2019 07:43 AM
පක්ෂ දෙකම පසුගිය අවුරුදු 70 තිස්සෙම ඔය ගීතය ගැයුවා. රටට වෙච්ච කිසි හොඳක් නැහැ. දේශපාලුවන්ගේ නම් කඳ බඩ දේපල දියුණු වුනා. හත්මුතු පරම්පරාවල්ම යෙහෙන් දහමෙන් සෙමෙන් ගතකරනවා. පොදු ජනයා නම් බඩ පොත්තට ඇලිලා ලංකාව දියුණු රටක් වෙනකම් බලා ඉන්නවා.