ගාල්ල සිරංගිකා ලොකුකරවිට
උතුරු නැගෙනහිර ජනතාවට ඇති ගැටළුව දේශපාලකයන් ලෙස අපි සියලු දෙනාත් රජයේ නිලධාරීන් සියලු දෙනාත් හොඳින් තේරුම්ගෙන කටයතු කිරීම අත්‍යාවශ්‍ය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ උතුරේ වවුනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි කියන දිස්ත්‍රික්කවල අපි දැන් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන පවත්වනවා. මේ දිස්ත්‍රික්කවල තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සුළු සංඛ්‍යාවක්. ඒ වුණත් භූමි ප්‍රමාණය විශාලයි. ජනගහනය අඩුයි. පවුල් සංඛ්‍යාව අඩුයි. ඇතැම් මාර්ග තිබෙනවා ට්‍රැක්ටරයක හැර වෙනත් වාහනයක යාමට හැකියාවක් නැහැ. ඇතැම් ගම්මාන තිබෙනවා පසුගිය අවුරුදු 40ට ම යුද නිලධාරීන් හැර වෙනත් කිසිම රජයේ නිලධාරියෙක් ඇවිල්ලා නැහැ. මේ ජනතාවගේ ප්‍රශ්නය අපේ බහුතරයක් හිතාගෙන ඉන්නවාට වඩා වෙනස්. එක් ප්‍රාදේශීය නිල මෙහෙවරක උත්සව සභාවේ දී මා එතැන සිටි ජනතාවගෙන් ඇහුවා යුද්ධයෙන් එක් අයකු හෝ මිය නොගිය පවුලක කවුරුන් හරි ඉන්නවානම් අත ඔසවන්න කියා. සභාව නිහඬ වුණා. නමුත් කිසිම කෙනෙක් අත ඉස්සුවේ නැහැ. ඒ කියන්නේ මේ සෑම පවුලක ම එක්කෙනෙක් හෝ යුද්ධයෙන් මිය ගිහින් තිබෙනවා. ඊට පස්සේ මා හිනා වෙලා ඇහුවා හැමෝටම තුවක්කුවෙන් වෙඩි තියන්න පුළුවන් නේද කියලා. කවුරුවත් බෑ කිව්වේ නෑ. හැමෝම ඒ කතාව සනාථ කළා. එයයි උතුරේ තත්ත්වය. අපිට තිබෙන ප්‍රශ්නයට වඩා ඔවුන්ට තිබෙන ප්‍රශ්නය වෙනස්. මෙය අපි හරිහැටි තේරුම්ගත යුතුයි. “
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘උතුරේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා වෙනස්‘‘ - ඇමති වජිර අබේවර්ධන කියයි
saman Sunday, 23 July 2017 02:05 AM
මෙම ගැටළුවට එකම විසඳුම ෆෙඩරල් ක්‍රමයක් හරහා උපරිම වශයෙන් බලය බෙදීමක්... ෆෙඩරල් ක්‍රමය රට බෙදීමක් ලෙස හැදින්වීම ජනතාව මුලා කිරීමක්... රුසියාව, ඇමෙරිකාව වගේ විශාල රටවල් වල වගේම ස්විට්සර්ලන්තය, ඕස්ට්‍ර්යාව වගේ ලංකවට වඩා කුඩා දියුණු රටවල් වලත් මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසයේ වැඩි කාලයක් උතුරු ප්‍රදේශ පාලනය වුණේ ප්‍රාදේශීය පාලකයන් යටතේ බව ඉතිහාසය ඉගෙනගෙන ඇති ඕනෑම කෙනෙක් දන්නවා. ඒ කලේ තිබ්බේ ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමක් බව ගොඩක් අයට තේරුම් නොයාම කණගාටුවට කරුණක්.
Janaka Sunday, 23 July 2017 02:02 PM
අඩුවෙන් කතාකරන වැඩියෙන් වැඩ කරන ඇමති වරයෙක්.