X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


‘‘මත්කුඩු ජාවාරම නවතා දැමීමට කටයුතු කරනවා‘‘

(කාංචන කුමාර ආරියදාස)

තමා නියෝජනය කරන කණ්ඩායම බලයට පත්වුවහොත් මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (24) දඹුල්ලේ දී පැවසීය.

රට ගොඩනගන ගොවි ජන බලය ගොවි ජන සමුළුව නමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සමුළුව දඹුල්ලේ දී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු දිවයිනේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

දඹුල්ල ගම්උදාව භූමියේ සිට සටන් පාඨ කියමින් පාගමනින් ගොවීහු දඹුල්ල සති පොළ භූමියට පැමිණ ගොවිජන සම්මේලනයේ සමුළුව ආරම්භ කළහ.

මෙහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මත් කුඩු නිෂ්පාදනය නොකරන දූපතක් වූ මෙරට මත්කුඩු ජාවාරම නැවැත්වීම සඳහා ඕනෑ තරම් හැකියාව පවතින බවය. 

පොලිස් නිලධාරීන්ට ද ඒ සඳහා දක්ෂතාවයක් පවතින බවද හෙතෙම කියා සිටියේය. එහෙත් මත්කුඩු ජාවාරම සහ ප්‍රවාහනය සිදු කරනු ලබන්නේ මෙරට දේශපාලනඥයන්ගේ වාහනවලින් බවටද චෝදනා කළේය.

රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව  හා තමන් අනුරාධපුර තබුත්තේගම ගමට ගිය අවස්තාවක අම්මා ,නැන්දා අක්කලා වටකරගෙන   මෙම මත්කුඩු ජාවාරම නවතා දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කළ බව කිවේය . 

විශාල වශයෙන් මෙරට මත්කුඩු ජාවාරම ව්‍යාප්ත වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කිසිදු ආකාරයකින් මත්කුඩු ජාවාරමට තම නායකත්වයෙන් යුතු පවත්වන රජයකින් ඉඩහසර ලබා නොදෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

කෘෂිකාර්මික නවෝදයක් ඇති වන පරිදි නව කෘෂිකර්ම ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සඳහා මේ වන විටත් සියලු කෙටුම්පත් සකසා අවසන් බව ද ඉදිරියේදී ගොවියාට ශක්තිමත් ආර්ථිකයක් එන සහ ගොවියාට පිළිගැනීමක් ඇති වන පරිදි ඉදිරියේ සැලැස්මක් සූදානම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

වසර හැත්තෑ එකක් කාලයක් රට විනාශකාරී තත්ත්වයෙන් බේරාගැනීම සඳහා මේ වනවිටත් විද්වතුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත්ව තිබෙන බවද ඒ සඳහා ගොවි ජනතාවගේ සහයෝගය අවැසි බව ද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී ගොවිතැන සම්මේලනය යෝජනා දෙකක් සම්මත කර ගැනීම විශේෂත්වයක් විය එනම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය  ඉදිරි ජනාධිපති මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සිය සහයෝගය ලබා දීමටත් ගොවි ජනතාව සඳහා ගොවි ජනතාව නඟා සිටුවීම සඳහා විශේෂ ප්‍රඥප්තියක් ඇතිකර ගැනීම යෝජනා  විය.



අදහස් (11)

‘‘මත්කුඩු ජාවාරම නවතා දැමීමට කටයුතු කරනවා‘‘

Sanath Kandy Tuesday, 24 September 2019 04:08 PM

අවුරුදු හැත්තා එකක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු එවුන් එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ චන්දෙදිවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහනය කරවමු. අපේ ආදරණිය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්, සැබෑ උවමනාවක්, අප්රතිහත ධෛර්යයක් ඇති එකම අදුෂිත නායකයා AKD පමණයි

:       0       0

chandima Wednesday, 25 September 2019 03:43 PM

විද්වත්තු එකතු උනාට ඡන්දෙට ඉදිරිපත් කරලා තියෙන්නේ විද්වතෙක් නෙමෙයිනේ? ඉතින් ඡන්දෙන් පස්සේ දිනුවොත් වෙන්නේ අායෙත් වෙන්නේ එලවන්න වත්, හරි පාරවත් නොදන්නා, අඩුගානේ පාරේ බෝඩ් ලෑල්ලක් කියවගන්නවත් බැරි කෙනෙක්ට බස් එක එලවන්න දීල වන්දනාවේ යනවා වගේ වැඩක්. බස් එකේ යන අය මොනතරම් උගත් උනත් දක්ෂයෝ උනත් අර ඩ්‍රයිවර් එක්ක එපැයි ගමන යන්න. මේ විද්වත්තු කියන අයට මේක තේරුනේ නැහැනේ?

:       225       264

Dr. Vajira FernandoThursday, 26 September 2019 10:48 AM

මෙච්චරකල් චන්දිමලා අට පාස් අයට ඡන්දය දුන්නේ උගත්කම බලලද? පාර්ලිමේන්තුවේ ඉන්න එකම භෞතික විද්‍යා උපාධිදාරියා අනුර. එදා භීෂණකාරි වටපිටාවක උසස්පෙළ ලියලා විශ්වවිද්‍යාලයට ගියේ. නැතිනම් අද ඉංජිනේරුවෙක්...

:       1       1

samanwimalWednesday, 02 October 2019 05:55 AM

ඔව් , ඒ අය කැම්පස් ගිහින් උපාධිය ගන්නකන් අනෙක් උන්ට කිව්වා "පළමුව මව්බිම දෙවනුව පාසල කියලා.ජේ.වී.පි. යනු උපන් ගෙයි බොරුකරයෝය.

:       0       0

lionSaturday, 28 September 2019 01:12 AM

ඔය පොහොට්ටුවෙනුයි, එජාපය එකෙනුයි දාලා තියෙන අපේක්ෂකයන් දෙන්නටම වඩා මොහු උගත්... එ්කයි සත්‍ය...

:       6       172

මාවිල්මඩ වජිර හිමි Thursday, 26 September 2019 04:43 AM

ඉතිහාසයේ පලවෙනි වතාවට දේශීය විශ්වවි්ද්‍යාලයක උපාධිදාරියෙක් ජනාධිපති ධුරයට පත්කර ගන්න අපිට අවස්තාවක ඇවිත් තියෙනවා.

:       8       92

wimal Thursday, 26 September 2019 06:54 AM

ජය වේවා! අනුර... උත්සහය අපි අගය කරනවා. එත් කවුද ඔයාලට ඡන්දේ දෙන්නේ? ලාල් කාන්ත සහෝදරයා කිව්වේ ඇත්ත. ගෝඨාභය අාවට පස්සේ විපක්ශයවත් ගන්න බලන්න. යු.එන්.පිය විපක්ශයටවත් වටින්නේ නැත.

:       79       117

NissankaThursday, 26 September 2019 10:50 AM

විමල්ලා ඉතින් වහල්ලු වගේ රට විකුණාගෙන කන හොරුන්ටම ඡන්දෙ දෙන්න. මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාව වෙනසක් කරන්න සුදානම්...

:       6       42

රංජිත්Friday, 27 September 2019 01:06 AM

කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනව නම් වෙන මොන කෙන්ගෙඩියද තව ඕනැ කරන්නේ කියමින් නිකරුනේ සිටින විමල් වැනි අයට යූ.ඇන්.පිය නොවටිනා නමුත් අතපය වෙහෙසා වැඩකරන්නන්ට යූඇන්පීය වටී...

:       10       2

Maheshika Thursday, 26 September 2019 09:59 PM

මත්කුඩු ගෙන්වන එක එකපාර නවතන්නට පොරොන්දු වෙන්නේ හරියට මෙය ගෙන්වනවා වගේනේ... ඔය පොරොන්දු ඡන්දෙ කාලෙට විතරයි. ඔබත් දැන් ඔය සුපුරුදු දේශපාලන ප්‍රවාහයට වැටිලා හැමදාම දෙන පොරොන්දු ටික කියව කියවා යනවා.

:       1       5

gunarathnaSaturday, 28 September 2019 01:41 AM

මම කමෙන්ට් එකක් දාන්න හදද්දී තමයි මහේෂිකාගේ කොමෙන්ට් එක දැක්කේ. ඇත්තටම මෙයා මෙහෙම කියන්නේ අනුර කුමාරගේ තාත්ත එක්ක බාප්පද දන්නේ නැහැ.. මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන කුඩු අනුරට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි වගේ... අනුර මේ කතා කරන්නේ පොල්කුඩු ගැන නම් ප්‍රශ්නයක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site